අධ්‍යාපනික වීසාවලින් කැනඩාවට පැමිණි සිසු­සිසුවියෝ 50,000ක් ආගිය අතක් නෑ.

කැනඩාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට පැමිණි විදෙස් සිසු­සිසුවියන් 50,000කට ආසන්න පිරිසක් ඔවුන්ගේ විශ්විද්‍යාල හෝ අධ්‍යාපනික ආයතන වෙත පැමිණ නැති බව එරට ‘ග්ලෝබල් ඇන්ඩ් මේල්’ The Globe and Mail පුවත් සේවය අනාවරණය කළේය. එම පුවත්පත විසින් හෙළිදරව් කරනු ලැබූ දත්ත සංඛ්‍යා වලට අනුව එම පිරිස එරට අධ්‍යාපනය ලබන විදෙස් සිසු­සිසුවියන්ගෙන් 7%ක ප්‍රමාණයක් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ අතුරින් වැඩිම සිසු­සිසුවියන් පිරිසක් අතුරුදන්වී ඇත්තේ ඉන්දියාවෙන් බවත්, එය ප්‍රමාණයෙන් 49%ක් හෝ 20,000කට ආසන්න සංඛ්‍යාවක් බවත් ග්ලෝබල් ඇන්ඩ් මේල් පුවත් සේවය සඳහන් කර ඇත. මීට අමතරව රුවන්ඩාවෙන් පැමිණි සිසු­සිසුවියන් විශාල පිරිසක් ද සිය විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපනික ආයතන වෙත වාර්තා කර නැති බව එම පුවත් සේවය සඳහන් කර තිබේ. කැනඩාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා රජයෙන් ලබාදී ඇති වීසා පහසුකම් යටතේ කැනඩාවට පැමිණ එසේ අතුරුදන්වී පසුව එරට සංක්‍රමණික විසා අයැදුම්පත් යොමු කිරීම බහුලව සිදුවන බවත්, පසුගිය වසරේ මුල් භාගයේදී එසේ අධ්‍යාපනික වීසා මත කැනඩාවට පැමිණ පසුව සංක්‍රමණික වීසා අයැදුම් කළ පිරිස 14,000කට අධික බව ද වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *