කැනඩාවේ පරිසර බලධාරීන් පවසන්නේ ධ්‍රැවීය සුලිය දකුණට හමා යාමට පටන් ගන්නා බැවින් ටොරොන්ටෝහි උෂ්ණත්වය පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු උෂ්ණත්වයට වඩා වාර්තාගතලෙස අඩුවී දැඩි ශීතල කාලගුණයක් ඇති විය හැකි බවයි .
“ඉතා දැඩි සීතල තත්වයන් සඳහා සූදානම්ව සිටින්න” යනුවෙන් කැනඩාවේ පරිසර බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. “පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය අඩු විය හැකි අතර නිරාවරණය වූ සම මත මිනිත්තු කිහිපයකින් ඉමොලිමන්ට් වර්ධනය විය හැකි බව මතක තබා ගන්න. උණුසුම්ව සිටීමට කටයුතු කරන්න. ”යනුවෙන් කැනඩාවේ පරිසර බලධාරීන් ඉල්ලීමක්ද කර ඇත.
කාලගුණ ඒජන්සියට අනුව වසරේ මෙම කාලය සඳහා සාමාන්‍ය උශ්ණත්ව අගය -2 C වේ.
උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශ මේ වන විට දැඩි සීතල අනතුරු ඇඟවීමක් යටතේ පවතින අතර සමහර ප්‍රදේශවල ශීත සුළං හේතුවෙන් ශීතල -50 C ක් සේ දැනේ යැයි අපේක්ෂා කෙරේ.
ටොරොන්ටෝ නගරයට දැනට අනතුරු ඇඟවීම් කිසිවක් ක්‍රියාත්මක නොවේ, නමුත් හැමිල්ටන් නගරයට බටහිර දෙසින් ශීත කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
කටුක සීතල වාතය දකුණු දෙසට ගමන් කරන්නේ ධ්‍රැවීය සුලියක කොටසක් ලෙසිණි, එය එක්සත් ජනපදයට ද ශීතල ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ටොරොන්ටෝහි උණුසුම් කිරීමේ මධ්‍යස්ථාන පහ දැනට ශීතල මධ්‍යයේ විවෘතව පවතින අතර උෂ්ණත්වය – 15 C දක්වා පහත වැටෙන බැවින් තවත් එවැනි උණුසුම සපයන “සැපයුම් ස්ථාන” දෙකක් විවෘත කෙරෙනු ඇත.