රටේම කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක අපරාධ සිදුවීම් කිහිපයකට අදාළ නඩු පැවරීම් ජනවාරි මාසය අවසන් වීමට පෙර සිදුවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
බේරුවල නගරයේ පසුගිය19 වැනිදා පස්වරුවේ පැවති ජාතික ජනබලවේගයේ පාක්ෂික හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
“හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස පිළිබඳ තීන්දුවක් ගන්නවා. මම ලියුමක් දෙන්න හිතාගෙන මටනම් විශ්‍රාම ගියාම ගෙවල් එපා කියලා. ජනාධිපති වරප්‍රසාද පනත අනුව නිවසක් හෝ පඩියෙන් 1/3ක් දෙන්න ඕනේ. පඩියෙන් 1/3ක් කියන්නේ රුපියල් 30,000ක්. මම හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට රු.30,000ක් දෙන්න. දැනට මහින්ද ඉන්න ගෙදර තක්සේරුව ලක්ෂ 46යි. එක්කෝ 30,000ට වෙන ගෙදරක යන්න. නැතිනම් ඉතුරු ලක්ෂ 45 ගෙවන්න.”
“හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70ක් ගිහින්. අපි ඔක්කෝම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවාලු. තර්ජනයක් තියෙනවානම් ආරක්ෂාව දෙනවා.”
ඩීසල් රු.300ට වඩා පහළ ගියේ අපේ ආණ්ඩුවෙන්. හැබැයි සෑම මාසෙම අඩු කරන්න බැහැ. ඩීසල්වලට තියෙන බද්ධ අඩු කරන්න බැහැ. තෙල් සංස්ථාව කෝටි 90,000ක් ණයයි. විකුණන තෙල් ලීටරය ගානේ ණය ගෙවනවා. බද්ධ අයින් කරන්න වෙන්නේ ණය ගෙවපුවාම.”
“ආරම්භයේදීම ඉන්දියාවේ සංචාරය කළා. සාම්පූර් බලාගාරය හදන්න එකඟ වුණා. ගිවිසුම ගැහුවේ අවුරුදු 20කට. බලාගාරයේ අයිතිය 50%ට 50%. කලින් විදුලිය දෙන්න හිටියේ ඒකකයක් ඩොලර් සත 07ට. ඩොලර් සත 5යි 97ට ගන්න සාකච්ඡා අවසන් කළා. දැන් ඒ බලාගාරය අපි හදනවා.”
“තෙල් ටැංකි 99ක් තියෙනවා. අපි ටැංකි 24ක් අරගෙන IOC එකට 14ක් දුන්නා තව තෙල් ටැංකි 61ක් ඉතුරුයි. අපි ඉන්දියානු සමාගමත් එක්ක එකතු වෙලා එතන පුළුවන් නම් තෙල් පිරිපහදුවක් දලා. තෙල් පිරිපහදු කරලා මේ ගබඩාවල ගබඩා කරලා ලෝකෙට තෙල් විකුණමු කියාල.”
“චීනයෙන් නැවත නොගෙවිය යුතු දසලක්ෂ විසිදහසක ප්‍රධානයක් දුන්නා. වරාය නගරයේ සම්මන්ත්රණ ශාලාවක් ඉදිකරනවා. හම්බන්තොටට තෙල් පිරිපහදුවක් හම්බවෙනවා. මැදපෙරදිග සමඟ සාකච්ඡා කරනවා ආණ්ඩුවෙන් තෙල් ගේන්න. ඒ සාකච්ඡා වෙනුවෙන්. පෙබරවාරිවල මැදපෙරදිගට යනවා.”
“හොරුන්ට මොකද වෙන්නේ අහනවා. දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ශක්තිමත් ලෙස නඩු ගොනු කරනවා. ඉස්සර නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් හැංගුවා. පෝද්දල ජයන්තට පහරදීමේ වෛද්‍ය වාර්තා නැහැ. වේගයෙන් නඩු පවරනවා කලබලවෙන්න එපා. නඩු කිහිපයක් ජනවාරි අග වැටෙනවා.”
මේ අතර ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ නිල නිවස ව්‍යවස්ථානුකූලව ඔහුට හිමිවූවක් වන අතර ඒ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් සිදුකරන්නේ නම් එම නිවස රජයට භාර දීමට සූදානම් බවය.
“ඒ ගෙදර හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබාදීපු එකක්. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කරගත්ත ප්‍රශ්නයක්. හැබැයි වර්ථමාන ජනාධිපතිට ඒ ගෙදර කාට හරි විකුණගන්න අවශ්‍යනම් ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතනින් ඉවත්කරගන්න අවශ්‍යනම්. ජනාධිපතිවරයාට ඒක ලිඛිතව දන්නවන් පුළුවන්. අපි ඉල්ලලා ගත්තු ගෙයක් නෙමෙයි ව්‍යවස්ථානූකූලව හිටපු ජනාධිපතිවරයෙක්ට ලැබෙන දෙයක්.
ප්රශ්නය – හදිසියේවත් යන්න නිල නිවස දීලා යන්න කියලා කිව්වොත්. මොකද කරන්නේ ?
“ඕන වෙලාවක යනවා. මොකද මේවා අපේ ගෙවල් නෙමෙයි මේවා ආණ්ඩුවේ ගෙවල් ජනාධිපතිවරයාට මේක කාට හරි විකුණන්න ඕනේ නම් අපි යන්නම් ඒක ප්‍රශ්නයක් නැහැ.”
ප්රශ්නය – ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොකද්ද මේ සම්බන්ධයෙන් දරණ මතය ?
එතුමා ඉන්නනෙත් ඒ මතයේ..
ප්රශ්නය – ඒ කියන්නේ ඕන වේලාවක යන්න සූදානම් ?
අයියෝ එතුමා මහින්ද රාජපක්ෂ. ඒක අමතකවෙලා ගොඩක් අයට.
මේ අතර කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 22 වැනිදා යළි කැඳවනු ලැබීය.
අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිටියේය.
නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ එම සිදුවීමට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ක්‍රීෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට නියෝග කලේය.