කැනඩාවෙන් යාපනයට ආ ආචාර්යවරයා දේශනයක් අතරතුර මියයයි.

කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයකු ලෙස සේවය කරන ආචාර්යවරයකු යාපනයට පැමිණ ගොවීන්ට හා විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට දේශනයක් කරමින් සිටි අතරවාරයේ ඔහු එක්වරම බිම ඇදවැටී පසුගිය 25 වැනිදා මියගොස් තිබේ.පොන්නතුරෙයි රවිචන්ද්‍රනේසන් Ponnadurei Ravichandranesan (අවු 58) නැමති මොහු යාපනයේ ඉපිද පසුව කැනඩාවට ගොස් එහි විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා, එම විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවය කරන්නෙකි.

යාපනය විශ්වවිද්‍යාලයේ ආරාධනයකට අනුව ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලය විසින් ඔහුව උතුරු පළාතේ භූගෝලීය හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් දේශන කීපයක් පැවැත්වීම පිණිස යාපනයට මියයාමට දින දහයකට පමණ පෙර පැමිණ තිබේ.

එසේ පැමිණීමෙන් පසුව යාපනයේ කෘෂිකාර්මික මධ්‍යස්ථානයක දේශනයක් කරමින් සිටි අවස්ථාවේදී ඔහු එක්වරම බිම ඇදවැටී තිබේ.වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත්, ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු සනාථ කොට තිබේ.මියගිය කෘෂිකර්ම ආචාර්යවරයාගේ මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *