![](https://srilancan.ca/wp-content/uploads/2025/02/MBD5YFOE3VCZTGSRHJZUWM5VGU.avif)
ඹන්ටාරියෝ මැතිවරණයට දින ලංවත්ම අපේක්ෂකයන් විවිධ පොරොන්දු ලබාදෙමින් ඇත.PC Leader Doug Ford පළාත් නායක ඩග් ෆෝඩ් ජී ටී ඒ GTA. හි රථවාහන තදබදය පාලනය කිරීම සඳහා Highway 401 අධිවේගී මාර්ගය 401 යටතේ උමං මාර්ගයක් සැකසීම සදහා මාස ගණනකට පෙර වු සැලැස්මක් වේගවත් කර ඇත.
ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්, ෆෝඩ් එය “බරපතල” සැලැස්මක් ලෙස හැඳින්වූ අතර එය “ඔන්ටාරියෝ රියදුරන් නැවත නිදහසේ ගමන් කරනු ඇත.”යනුවෙන් ප්‍රකාශ කර ඇත.
මෙම උමං මාර්ගය බටහිරින් බ්රැම්ප්ටන් Brampton සහ මිසිසෝගා Mississauga වලින් ඔබ්බට නැගෙනහිරින් මාක්හැම් සහ ස්කාර්බරෝ Markham and Scarborough වලින් ඔබ්බට විහිදෙන අතර සංක්‍රාන්ති මංතීරු ඇතුළත් වනු ඇති බව පාලක පක්ෂය පවසයි.
“අධිවේගී මාර්ග 401 යටතේ නව අධිවේගී මාර්ගයක් අපගේ පළාතට gamechanger ගේම් චේන්ජර් එකක් වනු ඇත, ඔන්ටාරියෝ කම්කරුවන් දහස් ගණනක් සඳහා හොඳ වැටුප් සහිත රැකියා සුරක්ෂිත කිරීම සහ අපගේ වඩාත්ම තදබදය සහිත අධිවේගී මාර්ගයේ ග්රිඩ්ලොක් gridlock සමඟ සටන් කරන විට අපගේ ආර්ථිකයට බිලියන ගණනක් එකතු කිරීම,” ක් වනු ඇති බවත් ෆෝඩ් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
පසුගිය සැප්තැම්බරයේ දී උමං අදහස මුලින්ම ඉදිරිපත් කළ ෆෝඩ්, දැවැන්ත ව්‍යයාපෘතියේ පිරිවැය නිශ්චිතව සඳහන් කළේ නැත.
තීරුබදු තර්ජන හමුවේ ජනතාව වැඩ කරමින් සිටීම නිසා , නැවත තේරී පත් වූවහොත් පළාත් රජය ප්‍රමුඛතාවය ලබාදී ප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යපෘති වේගවත් කිරීම සඳහා ඩොලර් බිලියන 15 ක් වැය කරන බව ද ඔහු සිකුරාදා පැවසීය. එම ව්‍යපෘති වලට Don Mills and McCowan roads ඩොන් මිල්ස් සහ මැක්කොවන් මාර්ග අතර ෂෙපර්ඩ් නැගෙනහිර Sheppard East උමං මාර්ග ව්‍යප්තිය ගෙන යාම සහ GTA හි අධිවේගී මාර්ග 401 හි ප්‍රධාන කොටස් පුනරුත්ථාපනය කිරීම ඇතුළත් වේ.
මේ අතර එන් ඩී පී නායක මාරිට් ස්ටයිල්ස් NDP leader Marit Stiles සිකුරාදා පැවසුවේ සෑම ඔන්ටාරියෝ වැසියෙකුටම පවුලේ වෛද්‍යවරයෙකු සිටින බවට වග බලා ගැනීම සඳහා NDP රජයක් ඉදිරි වසර හතර තුළ ඩොලර් බිලියන 4.05 ක් වැය කරන බවයි.
“අග්‍රාමත්‍යවරයා ලෙස, මම සෑම ඔන්ටේරියන් කෙනෙකුටම පවුලේ වෛද්‍ය යවරයෙකු සමඟ සම්බන්ධ කරමි,” ස්ටයිල්ස් පොරොන්දු විය.
ඇගේ සැලසුමට උතුරු ඔන්ටාරියෝහි 350 ක් ඇතුළුව නව වෛද්‍ය යවරුන් 3,500 ක් බඳවා ගැනීම සහ සහාය වීම ඇතුළත් වනු ඇත.
තවත් පවුල් සෞඛ්‍යය කණ්ඩායම් එකතු කිරීම, විශේෂඥයින් හමුවේ රැඳී සිටීමේ වේලාවන් අඩු කිරීම සහ නම්‍යයශීලී සත්කාර විකල්ප ඉහළ නැංවීම ඇතුළුව ඇගේ පළමු දින 100 තුළ වේගවත් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙන බව ස්ටයිල්ස් පැවසීය.
ජත්‍යාත්යන්තර පුහුණුව ලත් වෛද්‍ය වරුන් 13,000 කට පළාතේ පුහුණුවීම් සඳහා මාර්ගය විවර කරන බවත් වෛද්‍ය නේවාසික ස්ථාන වැඩි කරන බවත් ඇය පැවසුවාය.
Ontario Liberal Leader Bonnie Crombie ඔන්ටාරියෝ ලිබරල් නායක බොනී ක්රොම්බි ද සිකුරාදා සෞඛ්‍ය සේවා ගැන කතා කරමින් සිටි අතර, තේරී පත් වුවහොත් උතුරු ඔන්ටාරියෝහි පුහුණුවීම් සඳහා වෛද්‍ය යවරුන් 1,200 ක් ගෙන එන බවට පොරොන්දු විය.
“අපගේ උතුරු ප්‍රඡාවන්හි රෝගීන් වැඩි කාලයක් බලා සිටින අතර, දුර ගමන් කරමින් සිටින අතර, වැඩි දුකක් විඳිනවා – ඒ පසුගිය වසර හත තුළ සෞඛ්‍ය සේවාව මත එය සිදු කිරීමට ෆෝඩ් අසමත් වීම නිසා,” ඇය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.
මේ අතර Green Party Leader Mike Schreiner හරිත පක්ෂයේ නායක මයික් ෂ්රීනර් සිකුරාදා ප්‍රකාශ කළේ තම පක්ෂය වසරකට ඩොලර් 65,000 ට වඩා අඩු ආදායමක් උපයන අය සඳහා ආදායම් බදු කපා හරින බවයි. වසරකට ඩොලර් 220,000 කට වඩා උපයන අය සඳහා බදු වැඩි කරන බව ඔහු ඒ සමඟම පැවසීය.