
පසුගිය 12 වැනි බදාදා රාත්‍රියේ ඔන්ටාරියෝ වෙත පැමිණි ප්‍රබල ශීත කුණාටුවකින් (GTA) Greater Toronto Area මත සෙන්ටිමීටර 20 කට වඩා හිම පතිත වූ අතර, කලාපය පුරා පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමුණා. මෙය ටොරොන්ටෝනියානුවන් පසුගිය වසර දෙක තුළ මුහුණදුන් දරුණුතම හිමකුණාටුවද වනවා.මේ හේතුවෙන් සාමාන්‍ය ඡනඡිවිතයට බලපෑම් එල්ලවූ අතර හිම පතනයේ බලපෑම මත GO Transit සහ TTC යන ප්‍රවාහන මාධ්‍ය දෙකම ඔවුන්ගේ කාලසටහන් වෙනස් කිරීමට කටයුතු කලා.අයහපත් කාලගුණය හේතුවෙන් ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ Toronto Pearson International Airportඇතැම් ගුවන් ගමන්ද අවලංගු කෙරුණා.
හිම පතනයේ බලපෑම මත පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුව වනවිට
- පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට අවම වශයෙන් සෙන්ටිමීටර 23 ක හිම පතනයක් සිදුවී ඇත.
- එය 2023 මාර්තු මාසයෙන් පසු ටොරොන්ටෝ හි වාර්තා වූ විශාලතම තනි හිම පතනයයි.
- උදේ 8 වන විට GTA හි වැඩි කොටසකට හිම වැටීම නතර විය.
- Meteorologist Bill Coulter කාලගුණ විද්‍යාඥ බිල් කූල්ටර් ට අනුව දහවල් සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ නිවැසියන්ට පැයට කිලෝමීටර 60 ක් දක්වා සුළං අපේක්ෂා කළ හැකි වන අතර, එමඟින් හිම පතනය වීමේ අවදානමක් ඇති කළ හැකිවේ.
- ටොරොන්ටෝ “ප්‍රධාන හිම තත්වයක්” “major snow condition” ප්‍රකාශයට පත් කර ඇති අතර නගර නිලධාරීන් පවසන්නේ එහි බලපෑම සිකුරාදා දක්වා අඛණ්ඩව සිදුවන බවයි .
මේ වනවිට ටොරොන්ටෝනියානුවන් පසුගිය වසර දෙක තුළ නගරයට බලපෑ විශාලතම හිම කුණාටුවෙන් ගොඩ එමින් සිටින අතර , නිලධාරීන් “ප්‍රධාන හිම තත්වයක්” ප්‍රකාශයට පත් කර එහි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට කටයුතු කර ඇත.
“ප්‍රධාන හිම තත්වයක්” ප්‍රකාශයට පත් කර ඇති විට, හිම ඉවත් කිරීම සඳහා මාර්ගය සකස් කිරීම සඳහා හිම මාර්ග ලෙස නම් කර ඇති මාර්ගවල වාහන නැවැත්වීම ද තහනම්ය.එම කාලය තුළ නම් කරන ලද හිම මාර්ගයක වාහන නැවැත්වීමේදී සොයා ගන්නා ඕනෑම අයෙකුට ඩොලර් 200 ක දඩයකට යටත් වන අතර, වාහනය, ඇදගෙන ගොස් රාජසන්තකද කළ හැකිය.
පතිතවු සැලකිවයුතු හිම ප්‍රමාණය හේතුවෙන් “සැලකිය යුතු කාලගුණ සිදුවීමක්” නගර බලධාරීන් ප්‍රකාශයට පත් කර ඇත.
නගර බලධාරීන් පවසන්නේ මෙම ප්‍රකාශය මගින් නගරය ශීත නඩත්තුව සඳහා පළාත් සේවා ප්‍රමිතීන්ගෙන් නිදහස් කරන බවත්, එහි හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකියාව ලැබෙන බවයි.
නගරයේ ප්‍රවාහන සේවා අධ්‍යක්ෂ වින්සන්ට් ස්ෆෙරාසා පවසන්නේ හිම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා නගර වැසියන්ට “සියලුදෙනා අත්වැල් බැඳගත් මෙහෙයුමක්” සිදුකලයුතු බවයි.
නගරයේ ප්‍රවාහන සේවා අධ්‍යක්ෂවරයාට අනුව, සිකුරාදා සවස් කාලය පුරාම කාර්ය මණ්ඩලය සිය ගණනක් සහ උපකරණ 1,400 ක් හිම ඉවත් කිරීම සදහා යොදවා ඇත.
“අපගේ පදිංචිකරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසයි. තවද අපගේ සේවාවන් සම්පූර්ණ කරන තුරු කිසිදු අමතර සේවා ඉල්ලීමක් කිරීමෙන් වැළකී සිටින ලෙස නගර බලධාරීන් ඉල්ලා සිටී.කාලගුණ අණාවැකිවලට අනුව සෙනසුරාදා සහ ඉරිදා දිනවල තවත් හිම පතනයක් ඇති විය හැකි අතර, ඉදිරි දින කිහිපය තුළ සෙන්ටිමීටර 35 ක හිම පතනයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ද අනතුරු අඟවයි.