ඩග් ෆෝඩ්ගේ වොෂින්ටන් සංචාරය ගැන විපක්ෂයෙන් චෝදනා.

Ontario’s premier Doug Ford මැතිවරණ කාලපරිච්ඡේදයතුල එක්සත් ජනපදයට සැලසුම් කළ සංචාර යුගලයක් පිලිබදව  මේ වනවිට සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.  ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් පවසන්නේ එය කැනඩාවේ ප්‍රධාන මැතිවරණ සම්මුතියක් උල්ලංඝණය කිරීමක් බවයි. ඩග් ෆෝර්ඩ් මෙම මස අගදී වොෂින්ටන් ඩීසී Washington, D.C වෙත සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

Council of the Federation – a body comprised of all 13 provincial and territorial premiers in Canada ෆෙඩරේෂන් කවුන්සිලයේ  වත්මන් සභාපතිවරයා ලෙස Doug Ford  - කැනඩාවේ පළාත් ප්‍රධානීන්13 දෙනාගෙන් සමන්විත ආයතනය නියෝඡනය කරමින් මෙම සංචාරයට එක්වේ. මෙහිදී කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජනවලට ප්‍රතිචාර ලබාදීම සදහා ෆෝඩ් නායකත්වය ලබාදීමට සුදානමිව ඇත.

කැනඩාව ප්‍රවර්ධනය කිරීමට සහ ආර්ථිකය, බලශක්තිය, තීරණාත්මක ඛනිජ සැපයුම් දාම, දේශසීමා ආරක්ෂාව සහ සංක්‍රමණ ඇතුළු ප්‍රධාන කරුණු රාශියක් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවීමට පලාත් ප්‍රධානීන් මෙම සංචාරය භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.එම සංචාරය පෙබරවාරි 12 ට සැලසුම් කර ඇත.

මේ අතර ජාතික ආණ්ඩුකාරවරුන්ගේ සංගමයේ National Governors Association. වාර්ෂික රැස්වීම අතරතුර තවත්  කිහිප දෙනෙකු සමඟ ෆෝඩ් දෙවන වරටත් පෙබරවාරි 20-22 දක්වා වොෂින්ටනයට පැමිණීමට නියමිතය.

තීරුබදු තර්ජන සමඟ කටයුතු කිරීමට ඔහුට නව ශක්තිමත් ජනවරමක් අවශ්‍ය බව පවසමින්, ෆෝඩ් හදිසි මැතිවරණයක් කැඳවීමට සති තුනකටත් අඩු කාලයකට පෙර, එනම් ජනවාරි 10 වැනි දින සිය චාරිකා නිවේදනය කරන ලදී.

වාසිදායක ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ඔහුට අවශ්‍ය මැතිවරණයක් පැවැත්වීම සඳහා නිදහසට කරුණක් ලෙස තීරුබදු තර්ජන භාවිතා කරන බවට විරුද්ධ පක්ෂ චෝදනා කරයි. ඔන්ටාරියෝ ප්‍රාන්තය දැන් මැතිවරණ ව්‍යාපාරයක යෙදී සිටින බැවින්, ෆෝඩ් වොෂින්ටනයට සැලසුම් කර ඇති සංචාර කැනේඩියානු දේශපාලනයේ ප්‍රධාන සම්මුතියක් උල්ලංඝනය කරන බවත් එමගින් රජයේ සම්පත් අනිසි ලෙස භාවිතා කිරීමක් සිදුවන බවත් ඔවුන් චෝදනා කර ඇත.

භාරකාර සම්මුතිය යනුවෙන් අදහස් කෙරෙනුයේලිඛිත නීතියක් ලෙස සදහන් නොවූවත්, මැතිවරණ කාලසීමාවකදී ෆෙඩරල් සහ පළාත් ආන්ඩු හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තියකි.

“මෙම කාල සීමාව තුළ, ඇමතිවරුන් තම අමාත්‍යාංශ කාර්යාල, සම්පත් හෝ අමාත්‍යාංශ දේශපාලන අරමුණු සඳහා භාවිතා කරන බවට කිසිදු හැඟීමකින් වැළකී සිටින අතර, මැතිවරනයෙන් පසු ඔන්ටාරියෝ රාජ්‍ය සේවයේ ප්‍රධානී Michelle E. DiEmanuele විසින් යවන ලද සංදේශයක් කියවයි.

මෙහිදි හදිසි අවස්ථාවකදී අමාත්‍යවරුන් තම රාජකාරිය ඉටු කිරීමට ක්‍රියා කළ හැකි නමුත්, කැබිනට් ලේකම්වරයා සමඟ සාකච්ඡා කර අගමැති කාර්යාලයෙන් අවසර ලැබීමෙන් පසුව ඔවුන් එය කළ යුතුය.

එවන් පසුබිමක මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් මධ්‍යයේ මෙම සංචාරයේ යෝග්‍යතාවය ගැන විරුද්ධ පක්ෂ ප්‍රශ්න කර ඇත.තවද, ඔහු එක්සත් ජනපද නිලධාරීන් සමඟ ඇති කර ගත හැකි ඕනෑම ප්‍රධාන ගනුදෙනුවක් ඔහු භාරකාර ප්‍රධානියෙකු ලෙස සිටියදී පළාතට බලපැවැත්විය හැකි ප්‍රතිපත්තියක් සැකසීමෙන්, වැදගත් සම්මුතියක් කඩ කරන්නේද යන්න පිළිබඳව තවදුරටත් ප්‍රශ්න මතු කළ හැකිය.

පසුගියදා වාර්තාකරුවන් සමඟ කතා කරමින්, ෆෝඩ් භාරකාර සම්මුතිය සහ ඔහුගේ සැලසුම්ගත චාරිකා පිළිබඳ ප්‍රශ්නයකට සෘජු පිළිතුරක් ලබා නොදුන් නමුත් තීරුබදු ප්‍රතිචාරයේ නායකත්ව කාර්යභාරය දිගටම කරගෙන යාමට පොරොන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *