පරිවර්තන කවි

පෙම් නොකරන්න, මා වැනි අයට

පෙම් නොකරන්න, මා වැනි අයට
නුඹ රැගෙන යන්නෙමි
හැම කටුගෙට ම, උයනට ම, ප්‍රතිමාවක් ළඟට ම…
සිප ගනිමි නුඹව හැම සොඳුරු තැනක දීම

ලේ රසක් සේ මා
නොදැනී නුඹේ දිව අග
යා නොහැකි වනු ඇත යළි
ඒ කිසිදු තැනක නුඹ හට

සුනු විසුණු කරලමි නුඹ ව
සොඳුරුතම විලසට
යන්න ගිය විට මා
වැටහේවි නුඹ හට
මිනිස් නම් තැබෙන්නේ ඇයිදැයි
කුණාටු වලට

Caitlyn Siehl ගේ කවියක පරිවර්තනයකි
———————————–
Do not fall in love with people like me.

I will take you to museums, and parks, and monuments, and kiss you in every beautiful place, so that you can never go back to them without tasting me like blood in your mouth.

I will destroy you in the most beautiful way possible.
And when I leave you will finally understand, why storms are named after people.

– Caitlyn Siehl

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Translation of the poem Do not fall in love with people like me by Caitlyn Siehl.

Hot Chocolate days බ්ලොග් අඩවියෙන්.

https://hotchocolatedays.blogspot.com

 *අවසර ඇතිව උපුටා ගැනුනකි

බොඳව යන ඔබේ රුව ……….

දුර ඈත කඳු අතර

හිරු සැඟව ගිය පසුව

තාරකා එළියද නිවී

පැතිර ගිය ගනඳුරේ

නීලවන් රාත්‍රිය

වසාගත් විට පොළොව

අප අතිනත් රැගෙන

ඇවිදගෙන ගිය අයුරු

කිසිවෙකුට නොපෙනිණි

ඔබ හොඳින් දන්නා

මා පෙළන ශෝකය

මිරිකා ආත්මය

ඔබ සිහිපත් කරයි

ඔබ කොහි විණිද?

ඔබ නොවේනම්

කවුරුන්ද වූයේ මා සමග

මා දෙසවනට

දෙඩුවේ කවුරුන්ද ?

මා සොවින් සිටින විට

ඔබ දුරක යැයි සිතන විට

පෙළන්නේ ඇයි මා

ඔබේ මතකය පැමිණ

රාත්‍රිය පැමිණි කල

තාරකා එළිය මැද

මැකී බොඳවී යයි

හැමවිටම ඔබේ රුව

පැබ්ලෝ නෙරූදා

පරිවර්තනය නිලූක කදුරුගමුව 

පරිවර්තන බ්ලොග් අඩවියෙන් .

 http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *