මලක් වීයන් පුතේ පතොක් පදුරක පිපෙන

තිලිණයයි පුතුනි මෙය තිස් එකක් පසු කරන
ඔවදනකි ඔබට දෙන මහගු මිණ මෙන් වටින
සවිබලයි තටු නුඹේ විසල් තලයට ඔඹින
මුහුකුරුයි නුවණ ඇස පියඹන්න බිය නොගෙන
හැදෙන්නට වැඩෙන්නට නොහැකි කටුකව දැවෙන
නොයෙක් එන අන්තරා මැදින් නොබියව වැඩෙන
පොදක් වත් සිසිලසක් නොමැති කතරක තියෙන
මලක් වීයන් පුතේ පතොක් පදුරක පිපෙන
පහන් තරු බැස ගියද නිබද දැල්වී තිබෙන
තෙරක් නොපෙනෙන සයුරෙ මගක් හරියට කියන
අතින් අල්ලන් විලස වෙරළ වෙත උන් ගෙනෙන
පහන් ටැඹ වෙයන් පුත උනුන් හට මහ කියන
අරන් වෙර දැගලුවද නැත කෙනෙක් නොම මැරෙන
ගිමන් හරිනා තැනකි නැවතුමක් නැත මෙතන
එකෙක් පරදා දිනන ජය කුමට හද දැවෙන
රජෙක් වෙනු මගෙ පුතේ සියළු සත සනසවන
මහින්ද රුද්‍රිගු
https://www.facebook.com/mahinda.rodrigo1
අද හරිම ලස්සන දවසක්...

මෙහෙම කියන්න පුළුවන් නම් හැමදාම,
ටිකක් බර වැඩියි වගේ තමයි.
ඒත්...එහෙම දවසක්
-රේණු..
16. 02. 2025.
හිස්තැන්...

පුරවන්න හිතෙනකොට
ජීවිතේ හිස්තැන්,
ආයෙමත් ඇතිවෙනව
පුරවන්න බැරි තරමෙ
හිස්තැන්!!
It's only a matter of time.
-රේණු..
14.02.2024.
https://www.facebook.com/renuka.illangakoon
ප්‍රේමයත් කුමක් බඳු.......

ඕන සුළි සුළඟකට හිත හයිය අතු
මතු නොවී දුක් අරටු වසා ගත් පොතු
දරා ගනු බැරි වුවද නොකියවා ගතු
හැඩගැහෙයි කුමක් වුව එළඹෙනා සෘතු......
නැමී ඇඹරී වෙලා ගෙන දැනෙන තුරු
රුකුල් දෙයි බර වෙද්දි සමහරක් කරු
ඉඩෝරයටත් වෙමින් එකිනෙකා හුරු
ඵල දරනු ඇත නැවත දලු දමා සරු......
එකිනෙකා පරයමින් අතු පතර සැදු
සිසිල නිති සලසමින් හදවතින් මෘදු
කලෙක දී කොල හලා ඉවසනා බඳු
ප්‍රේමයත් ඵල ලැබෙන පිං කමක් හුදු.......
- රුවන් ජයරත්න -
https://www.facebook.com/ruwan.jayatathe



https://www.facebook.com/indra.liyanage.754
ඉදින්....සබඳ!

ගිලි ගිලී යලිත් ඉපිලෙමි
තෙරක් නොපෙනෙන
ගැඹුරු නෙත් විල.
පෑ නිසා පුළුලුරහිස
තබන්නට දිවි බර.
පිරිමදිමි ඇඟිලි තුඩු සෙමින්
සුමුදුව දරා මා
අත නොහැරිය හෙයින්
අතරමග.
සිහිනෙන් පවා සිපගමි
සුව සැදූ මුදු දෙකොපුල්
අමතක කරවන මට මාව.
මුදාලමි හද පෙලූ පිරිපත
ඉඩක් නැති බැවින් යළිත්
නෙත් සලිල බිඳකට.
නිරතුරු සිනා නගමි
මුවින් පමණක් නොව හදවතින් පවා
ලද බැවින් පැතූ සනහස.
තාමත් විශ්මයෙන් ඇලලෙමි
ආත්මීය සුව කැන්දා
හමුවූ බැවින් මට මාව
ඔබ අභියස!!!
-රේණු..
26.01.2025.