

රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට යෝජනා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ මංගල අය-වැය යෝජනාවලිය පසුගිය 17වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට රුපියල් 27,000ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000ක් ලෙස ඉහළ නැංවීමටද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය. දැනට පවතින රාජ්‍ය සේවකයන්ගේ තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළව සිදු කිරීමට යෝජනා කරන බවත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වන බව ජනපතිවරයා අවධාරණය කළේය.
මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් සියයට 30ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි සියයට 70 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවල දී සමාන කොටස් වශයෙන් ගෙවනු ලබන අතර 2025 වසරේ දී යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කෙරේ.
රුපියල් 15,750ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැළපීමට ද යෝජනා කර ඇත.
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000ක් බඳවා ගැනීමට නියමිත අතර මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස, යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, 2025 ජනවාරි මස 1 වැනිදා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට යෝජනා කර ඇති අතර රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය සීමාව රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නැංවීමටද යෝජනා කර ඇත.
මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවත් ඔහු කියා සිටියේය.
2025 ජනවාරි මස 1 වැනිදා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට යෝජනා කරන බවත්, රාජ්‍ය සේවක අවම මූලික වැටුප වැඩි කිරීම සලකා බැලීමේ දී රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නංවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අය-වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17වැනිදා පෙරවරු 10.30ට රැස් විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මංගල අය-වැය ඉදිරිපත් කිරීම සඳහා 10.34ට පමණ සභාවට පැමිණි අතර ඉන් පසුව අය-වැය ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
අය-වැය ඉදිරිපත් කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා පසුපසින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පැමිණෙන ආකාරය සාමාන්‍යෙයන් දක්නට ලැබුණ ද ඊයේ එලෙස කිසිවකු පැමිණෙන අයුරු දක්නට නොලැබිණ. වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සමඟ සභාවට පැමිණි ජනාධිපතිවරයා තමාට හිමි ආණ්ඩු පක්ෂයේ 08 වැනි ආසනයෙහි අසුන් නොගෙනම අඛණ්ඩව උස්හඬින් සහ නොපැකිළිව සිංහල භාෂාවෙන් අය-වැය යෝජනාවලිය විපක්ෂයේ බාධා කිරීම්වලින් තොරව පැය දෙකහමාරකට වැඩි කාලයක් පුරා ඉදිරිපත් කළේය. මෙම වසරට මෙන්ම කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන යෝජනා රැසක් 2025 වසර සඳහා ඉදිරිපත් කළේය.
2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන අතර සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අය-වැයෙන් වෙන්කර ඇති බව ද පැවැසීය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන අතර මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.
2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අය-වැය ප්‍රතිපාදනය රුපියල් බිලියන 604ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට කටයුතු කළ බවත් ඖෂධ සැපයුම සහතික කිරීම සඳහා 2025 අය-වැයෙන් රුපියල් බිලියන 185ක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසී ය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තවද ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇති කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට ද මෙම අය-වැයෙන් කටයුතු කර ඇත. මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලබා නොදෙන අතර මෙම වසරේදී වාහන ලබාදීමක් ද සිදු නොකරන අතර ඒ සඳහා අය-වැයෙන් මුදල් වෙන්කර නොමැති බවත් එසේ සිදු කළහොත් ආර්ථිකයට දරාගත නොහැකි තත්ත්වයක් ඇතිවන බව ද හෙතෙම පැවැසීය.
එමෙන්ම මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කරන අතර ඒ අනුව ලක්ෂ 10ට පැවැති රක්ෂණය රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා අඩුකරන බව ද පැවැසීය.
වියදම් කළමනාකරණයේ දී දේශපාලන නායකයින් ලෙස රටට ආදර්ශයක් ලබාදීමට ඇමැති මණ්ඩලය, අමාත්‍යවරු 21කට සීමා කළ බවත්, රජයේ වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කිකරණය කර ඇතැයි ද කියා සිටියේය.
ජනාධිපති, අගමැති සහ මැති ඇමැතිවරු සම්බන්ධයෙන් වෙන් කළ පොදු සම්පත් ඵලදායී ලෙස මහජන සංචිතයට යොමු කිරීමට කමිටුවක් දැනටමත් පත්කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවැසීය.
අධික නඩත්තු වියදම් දැරීමට සිදුවන රජයේ සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
තෝරාගත් රජයේ නිලධාරීන්ට සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වූ අධික වියදම් අවම කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.
2024 – 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන අතර එම කන්නය සඳහා රුපියල් මිලියන 5,000ක් වී මිල දී ගැනීමට වෙන්කර ඇතැයි ද පැවැසීය. එමෙන්ම පොහොර සහනාධාරය සඳහා මේ වසරට රු. මිලියන 35,000ක් වෙන් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වැනිදා සිට 25 වැනිදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිතයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වැනිදා පස්වරු 6 .00ට පැවැත්වෙන අතර විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 21 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතයි.ඊට අදාළ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ .