
මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේදී හයවන ස්ථානයට පත් වූ, 1977 බොස්ටන් මැරතන් තරගය ජයග්‍රහණය කළ සහ කැනේඩියානු පිරිමි මැරතන් වාර්තාව වසර 43ක් තබා සිටි ජෙරොම් ඩ්‍රේටන් Jerome Drayton පසුගියදා අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 80 වන වියේ පසුවිය.
ඹහුගේ සමීපතයන්ට අනුව, ඩ්‍රේටන් පසුගිය සඳුදා ටොරොන්ටෝහිදී අනපේක්ෂිත ලෙස මිය ගියේය. දණහිසේ සැත්කමක් අතරතුර ඔහු මිය ගිය බව Runners World magazine රනර්ස් වර්ල්ඩ් සඟරාව පැවසීය.
ජර්මනියේ පීටර් බුනියාක් Peter Buniak යන නමින් උපත ලැබූ ඩ්‍රේටන් 1956 දී කැනඩාවට සංක්‍රමණය වීමෙන් පසු ඔහුගේ නම වෙනස් කළේය. ඔහු 1969 දී ඩෙට්‍රොයිට් හි මෝටර් සිටි මැරතන් තරගය Motor City Marathon පැය 2 යි මිනිත්තු 12 කින් ජයග්‍රහණය කළ අතර එම වසරේ අගභාගයේදී ජපානයේ පැවති Fukuoka Marathonෆුකුඕකා මැරතන් තරගය ජයග්‍රහණය කිරීමේදී තත්පර 47 ක් පසුපසට ගියේය.
ඔහු 1973 කැනේඩියානු ශූරතාව දිනා ගැනීමට පෙර 1974 දී බොස්ටන්හි Boston තුන්වන ස්ථානයට පත්විය. දශක තුනකින් කැනඩාවට තරඟයේ පළමු ජයග්‍රහණය ලබා දුන්නේය. එම සරත් සෘතුවේ නිව් යෝර්ක් මැරතන් තරඟයේදී ද ඩ්‍රේටන් දෙවන ස්ථානයට පත්විය.
“ජෙරොම් කැනඩාවේ විවෘත අංශයේ පිරිමි ශූරයා ලෙස තවමත් රැඳී සිටින අතර, ලෝක මට්ටමේ කැනේඩියානු මැරතන් ක්‍රීඩකයින් පරම්පරා ගණනාවකට ඔහුගේ අඩිපාරේ යාමට වේදිකාව සකසා දී ඇත,” යනුවෙන් Boston Athletic Association President Jack Fleming බොස්ටන් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජැක් ෆ්ලෙමින් පැවසීය.
1970 දී ඩ්‍රේටන් 46:37.6 කින් සැතපුම් 10 දිවීම සඳහා ලෝක වාර්තාවක් ද තැබූ අතර, 1976 Olympics in Montreal මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙලේ පිරිමි මැරතන් තරගයේ ඉහළම දක්ෂතා දැක්වූ කැනේඩියානු ක්‍රීඩකයා විය. 1978 දී ඔහුව ඇතුළත් කළ කැනඩා ක්‍රීඩා කීර්ති නාම ලේඛනයේ ඩ්‍රේටන් ජාතික ශූරතා 12 ක් හිමිකරගෙන ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ වාර්තා 13 ක් පිහිටුවා ඇති බව සදහන්කර ඇත.