ටොරොන්ටෝහි හිම ඉවත් කිරීමට සති කිහිපයක් ගත වන ලකුණු.

පසුගිය සතියේ ටොරොන්ටෝවෙත බලපෑ දරුණු හිම පතනයෙන් පසු, ටොරොන්ටෝ ප්‍රදේශයේ (GTA) හිම ඉවත් කිරීමට සති කිහිපයක් ගත විය හැකි බව නගර බලධාරීන් පවසයි.ටොරොන්ටෝ නගරයේ, හිම ඉවත් කිරීම බදාදා ආරම්භ වූ අතර , නගරය හරහා නම් කරන ලද ගබඩා ස්ථාන වෙත හිම ප්‍රවාහනය කිරීම සඳහා ඩම්ප් ට්‍රක්රථ dump trucks යොදවා ඇත.

සියලුම මාර්ග, පදික වේදිකා සහ TTC නැවතුම් සඳහා වෙනම මෙහෙයුම් දිගටම පවතිනු ඇත. නගර බලධාරීන් ද අනතුරු අඟවන්නේ සමස්ත ක්‍රියාවලියටම යම් කාලය ගතවනු ඇති බවයි.

“පසුගිය දිනවල අපට ලැබුණු අධීන  හිම ප්‍රමාණය නිසා, හිම ඉවත් කිරීමට සති තුනක් පමණ ගතවනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” Barbara Gray, the general manager of Toronto’s Transportation Services department ටොරොන්ටෝ ප්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී බාබරා ග්‍රේ පැවසීය..

මේ වනවිට, ටොරොන්ටෝහි පසුගිය ශීත කාලය පුරාම පැවති හිම පතනයට වඩා පසුගිය සතියේ වැඩි හිම පතනයක් වාර්ථා වී ඇති බව climatologist David Phillips කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් ෆිලිප්ස් පවසයි. මීට අමතරව, පෙබරවාරි මාසයේදී පමණක් සෙන්ටිමීටර 71 ක් පතිත වී ඇති බව ඔහු ගණන් බලා ඇති අතර, එය මාසයේ මෙම අවස්ථාව වන විට සාමාන්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ වේ.

2023 මාර්තු මාසයෙන් පසු ටොරොන්ටෝ හි හිම ඉවත් කිරීම අවශ්‍ය වූ පළමු අවස්ථාව ද මෙය වේ. මේ අතර  Brampton Mayor Patrick Brown බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් හෙළි කළේ ඔවුන් සතුව ට්‍රක් රථ 330 ක් පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන නමුත් එය හිම ඉවත් කිරීමට තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *