ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපලේදී ගුවන් අනතුරක් – යානය හිම මත උඩුකුරුව පෙරලෙයි.

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට Toronto Pearson Airport ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් පසුගියදා සදුදා (17) පස්වරුවේ අනතුරට ලක්ව තිබෙනවා.අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගැනීමට නොහැකිව ගුවන් පථය තුළ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇති බවයි කැනේඩියානු බලධාරීන් ප්‍රකාශ කලේ.

ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 80දෙනෙක් රැගත් ගුවන්යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බවයි. ඒ වනවිටත් ගුවන්තොටුපල සෙන්ටිමීටර් 20ක් පමණ උසට හිමෙන් වැසී තිබුණා.අනතුරින් පුද්ගලයන් 19දෙනෙකු බරලතල තුවාල ලබා ඇති බවත් ඔවුන් අතර කුඩා දරුවෙකුද සිටින බවත් කැනේඩියානු බලධාරීන් ප්‍රකාශ කලා .අනතුරින් කිසිදු ඡිවිත හානියක් වාර්ථා වී නැහැ.ගුවන්යානයේ ගමන්ගත් පිරිස අතර කැනේඩියානුවන් විසිදෙනෙකු පමණ සිටි අතර සෙසු පිරිස ඇමරිකානුවන්.

එලෙස අනතුරට ලක්වී ඇත්තේ The aircraft arrived at Toronto from the US city of Minneapolis ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සිට පැමිණි Delta Air Lines flight DL4819 ඩෙල්ටා ගුවන් ගමන් සමාගමට අයත් යානයක්.

ඒ වනවිටත් අනතුරින් පසු යානය ගිනි ගැනීමකට ලක්වී ඇති අතර ගුවන්තොටුපොල බලධාරීන් වාර්තා කළේ ගිනි නිවන භටයන් වහාම එය නිවා දැමීමට කටයුතු කළ බවයි.

ගුවන්යානය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරමින් සිදුවී ඇති එම අනතුරින් පසු පැය දෙකක පමණ කාලයක් ගුවන්තොටුපොළ වසා තැබීමට බලධාරීන් කටයුතු කෙරිණි.

මේ අතර ගුවන්තොටුපළේ ධාවන පථයේදී පෙරලී ගිය ගුවන් යානයේ සුන්බුන්, කැනඩාවේ ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය විසින් සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයකින් පසුව, ධාවන පථයෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

අයහපත් කාලගුණය සහ ගුවන් අනතුර හේතුවෙන් සිදුවු ගුවන්ගමන්  අවලංගු කිරීම් යථා තත්වයට පත් කරමින් සිටින බවත් එය අභියෝගයක් බවත් ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකරු ජේක් කීටින් පැවසීය. ගුවන් ගමන් අවලංගු කිරීමෙන් පසු ගමන් මලු සමඟ මගීන් නැවත එක් කිරීමට ගුවන් සේවය කටයුතු කරන බව කීටින් පැවසීය.

පසුගිය 19 වැනි බදාදා පමණක් ගුවන් ගමන් 13ක් අවලංගු කිරීමට සිදුව ඇති අතර  බ්‍රහස්පතින්දාද ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇත.

ගුවන් ගමන් අවලංගු කිරීම මගින් ” කාලගුණික බාධා, කාර්ය මණ්ඩල ලබා ගැනීමේ සීමාවන් සහ අතිශයින් සීමිත හෝටල් ධාරිතාව හේතුවෙන් ගමනාන්තවල ප්‍රමාද වූ මගීන් ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වය දීමට” ඉඩ සලසන බව ගුවන් සමාගම සිය වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *