ක්‍රීඩා උත්තේජක එරෙහි පනත සංශෝධනයට

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවිය.ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) නීති හා රෙගුලාසි මත පදනම්ව ක්‍රියාත්මක වන ආයතනයක් වන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට ජාක්‍යන්තර ක්‍රීඩා තරඟ නියෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය එම නීති රෙගුලාසිවලට අනුගතව ක්‍රියාත්මක විය යුතුය.

ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් සෑම රටකම උත්තේජක මර්දන නීතිය වරින් වර විමසීමකට ලක් කර එය නියමිත මට්ටමක පවතී දැයි සමාලෝචනය කර, සිදු කළ යුතු සංශෝධන නිර්දේශ කරනු ලබයි.2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සකස් කිරීමේදී 2013 වර්ෂයේ පැවති අන්තර් ජාතික ප්‍රතිපාදන ඊට අදාළ කර ගෙන තිබෙන බව සඳහන්ය.

2024 වර්ෂය සඳහා ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම පනතට සිදු කළ යුතු සංශෝධන ගණනාවක් නිර්දේශ කර තිබුණි.

ඒ අනුව, 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *