
දකුණු ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (SAOC) විධායක කමිටුව පසුගියදා ලාහෝර් හි පැවති රැස්වීමකදී 2026 ජනවාරි 23 සිට 31 දක්වා 14 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පාකිස්ථානයේ ලාහෝර්, ෆයිසලාබාද් සහ ඉස්ලාමාබාද් යන නගරවල පැවැත්වීමට තීරණය කළේය.
මෙම රැස්වීමේ මුලසුන දැරුවේ SAOC සහ පකිස්ථාන ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සභාපති අරිෆ් සයීඩ් මහතා වන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයින් ඊට සහභාගී වූහ.
ජල ක්‍රීඩා, දුනු ශිල්පය, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බිලියඩ් සහ ස්නූකර්, බොක්සිං, ගොල්ෆ්, ජූඩෝ, කරාතේ, වෙඩි තැබීම, ස්කොෂ්, මේස පන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, බර ඉසිලීම, මල්ලවපොර, වූෂු, පැසිපන්දු, ක්‍රිකට්, පාපන්දු, අත්පන්දු සහ වෙරළ අත්පන්දු, හොකී, කබඩි, රග්බි, වොලිබෝල්, වෙරළ වොලිබෝල් සහ ඔරු පැදීම යන ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීම තහවුරු කර ඇත.
සත්කාරක ජාතික ඔලිම්පික් කමිටුව විසින් දෙවන විකල්ප ක්‍රීඩාවක් ලෙස යෝජනා කර ඇති ඔරු පැදීම, දැනටමත් අනුමත කර ඇති වැඩසටහනට අතිරේක ක්‍රීඩාවක් ලෙස යෝඡනා වී ඇත.එය අවම වශයෙන් රටවල් 04ක ජාතික ඔලිම්පික් කමිටු හතරකින් අනුමැතිය ලැබුණු පසු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් කෙරේ.