ටොරොන්ටෝහි යෝර්ක්විල් ගින්න ගැන පොලිසියට ‘සැකයක්’ .

පසුගිය බදාදා උදෑසන ටොරොන්ටෝ හි යෝර්ක්විල්හි ආසන්න ප්‍රදේශයේ Toronto’s Yorkville නිවාස කිහිපයක් විනාශ කළ ගින්න පිලිබදව විමර්ශනය සිදුකරණ පොලීසිය "සැක"පලකර ඇත.

බදාදා අලුයම ඇති වූ ගින්නෙන් Bay Street and Davenport Road බේ වීදිය සහ ඩේවන්පෝට් මාර්ගය අසල ස්කොලාර්ඩ් වීදියේ Scollard Street පිහිටි සියවස් ගණනක් පැරණි නිවාස විනාශ විය.ඉදිවෙමින් පවතින නිවසකින්  ආරම්භ වී ඇති  ගින්නෙන් අවම වශයෙන් නිවාස හයක්වත් විනාශ වී ඇති බව නිලධාරීන් මීට පෙර පැවසීය.

ගින්නෙන් බලපෑමට ලක් වූ නිවාස බොහොමයක් ව්‍යාපාර බවට පරිවර්තනය වී ඇති ස්ථාන බව Acting Deputy Fire Chief Steve Darling වැඩබලන නියෝජ්‍ය ගිනි නිවන ප්‍රධානී ස්ටීව් ඩාර්ලිං  එම ස්ථානයේදී වාර්තාකරුවන්ට පැවසීය."මෙහි සැලකිය යුතු ඩොලර් වටිනාකම් අලාභයක් සිදුවනු ඇත," ඩාර්ලිං තවදුරටත් පැවසීය.ගින්න ඇති වූ තත්ත්වය විමර්ශනය කිරීම සඳහා ගිනි නිවන මාර්ෂල් Fire Marshal  කාර්යාලයේ නිළධාරීන් කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *