
ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන ආර්ථික අවස්ථා වැඩිවීම හා ආදායම ඉහළ නංවන අතර, දරිද්‍රතාව අඩුකරන බවත්, එමඟින් ශ්‍රී ලාංකිකයන්ට රට වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත්කරන බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කරමින්, ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පසුගිය 04 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන පිළිබඳ IMF හි තුන්වැනි සමාලෝචනය පිළිබඳ ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බෲවර් සඳහන් කළේ, සංචිත සැළකිව යුතු ලෙස වර්ධනය වී ඇති බවත්, වැඩසටහනේ අරමුණුවලින් අඩකට ළඟා වී ඇති බවත්ය.
ශ්‍රී ලංකාව 2023 සිට රටට අහිමි වූ ආදායමින් 40% ක් නැවත ලබාගෙන ඇති බවත්, මෑත කාලීන 5.5% වර්ධන වේගයක් ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මේ හරහා ලංකාව ඉතාම කෙටි කාලයක් තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවද ඔහු පැවැසීය.
සමාජ වියදම් මතවූ දර්ශක ඉලක්ක හැර ඉකුත් වසරේ (2024) අවසානය දක්වා වූ අනෙකුත් සියලුම ඉලක්ක සපුරාගෙන ඇතැයි ද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාව මිල ස්ථායිතාව පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් රජයේ අයවැය පරතරය මූල්‍යකරණය කිරීම වැළැක්විය යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ලංකාවට ඩොලර් බිලියන 1.3 කට වැඩි ණය සහනයක් ලබාදී ඇතැයිද ඔහු පැවැසීය.අවස්ථා වැඩිදියුණු වන විට ආර්ථික ස්ථාවරත්වය සංක්‍රමණිකයන් නැවත පැමිණීමට දිරිමත් කළ හැකි බව බෲවර් අවධාරණය කළේය.