

2025 අයවැය මඟින් British Columbia හි ප්‍රජාවන් 10 ක නිවාස නොමැති ජනතාවට උපකාර කිරීමට පලාත් බළධාරීන් සූදානම් වේ. මේ යටතේ වසර දෙකක පැරණි වැඩසටහනක් පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 90 ක් වෙන් කිරීමට බලධාරීන් පොරොන්දු විය.
කෙසේ වෙතත්, එහි නගර දෙකක නිවාස නොමැති අය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් පවසන්නේ BC Housing විසින් පවත්වාගෙන යනු ලබන වැඩසටහන මේ දක්වා බිම් මට්ටමේ එතරම් වෙනසක් සිදු කර නොමැති බවයි.නමුත් කඳවුරුවල ජීවත් වන ජනතාවට උපකාර කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
"අපි HEART සහ HEARTH අරමුදල් ප්‍රවාහය ගැන අසා තිබෙනවා, එය පවතින බව අපි අසා තිබෙනවා," Brittany Maple, executive director of the Matsqui-Abbotsford Impact Society. මැට්ස්කි-ඇබොට්ස්ෆර්ඩ් ඉම්පැක්ට් සංගමයේ විධායක අධ්‍යක්ෂ බ්‍රිටනි මේපල් පැවසුවාය. "අප දන්නා පරිදි, එය අපගේ ප්‍රජාව තුළ ව්‍යුහාත්මකව ඇති කර ඇති එකම බලපෑම නම්, BC නිවාසකරණයේ සමහර ප්‍රජා සේවකයින් සිටින අතර ඔවුන් දැනටමත් පැවති නවාතැන් අවකාශයන්ම ජනතාවට ලබා දෙයි."යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා ඇත.
කඳවුරුවල ජීවත්වන ජනතාවට සහාය සේවා සැපයීම සඳහා සහ පවතින ප්‍රජා සත්කාර සේවකයින් යොදවා, නිවාස නොමැති කඳවුරු ක්‍රියාකාරී ප්‍රතිචාර කණ්ඩායම (HEART) දියත් කිරීම සඳහා රජය 2023 දී ඩොලර් මිලියන 80 ක් පොරොන්දු විය.
එම මුදල් 2024 දී නිවාස නොමැති කඳවුරු ක්‍රියාකාරී ප්‍රතිචාර තාවකාලික නිවාස (HEARTH) ආරම්භ කිරීමට ද භාවිතා කරන ලදී. අයවැය ලේඛනවල සඳහන් වන්නේ BC නිවාස සමාගම Vancouver and Abbotsford වැන්කුවර් සහ ඇබොට්ස්ෆර්ඩ් ඇතුළු නගර සභා 10 ක් සමඟ හවුල් වී HEARTH අඩවි 15 ක තාවකාලික නිවාස හෝ නවාතැන් ඇඳන් 611 ක් විවෘත කළ බවයි.
2025 අයවැය මඟින් ඉදිරි වසර තුන තුළ අමතර ඩොලර් මිලියන 90ක් වෙන් කර ඇත්තේ " ප්‍රජාවන් ඡිවත්වන කඳවුරු වෙනුවට ජනතාවට නිවාස වෙත යාම සදහා ප්‍රජාවන්ට උපකාර කිරීම වෙනුවෙන්" වැඩසටහන පුළුල් කිරීමටයි.
පසුගිය ගිම්හානයේ සිට නගර ශාලාවෙන් පිටත නිවාස නොමැති කඳවුරක් පවතින ඇබොට්ස්ෆර්ඩ් සම්බන්ධයෙන්, පළාත් රජය පවසා ඇත්තේ HEARTH වැඩසටහන මඟින් නව නවාතැන් ඇඳන් 111ක් නිර්මාණය කරන බවයි . නමුත් නිවාස නොමැති ප්‍රජාව සමඟ වැඩ කරන මේපල් පැවසුවේ එම ඇඳන් සමහරක් මේ දක්වා විවෘත කර නොමැති බවයි.
"කඳවුරු ඉදිකිරීම සඳහා ලැබෙන සහයෝගය වැඩි දියුණු වීම ජනතාවට ප්‍රයෝජනවත් වේ යැයි හැඟෙන ආකාරයක් අපට නොපෙනේ," ඇය පැවසුවාය. නිවාස නොමැතිකම වැඩි වෙමින් පවතී. "එය මිනිසුන්ට ජීවිතයත් මරණයත් අතර තත්වයක්."බව ඇය පවසයි.
කෙසේ වෙතත්, අඩු ආදායම්ලාභී පවුල් සහ වැඩිහිටියන් සඳහා කුලී ආධාර වැඩි කිරීම සඳහා අයවැයෙන් රජය මෙම මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් මිලියන 75 ක් සහ ඉන් පසුව වාර්ෂිකව ඩොලර් මිලියන 150 ක් පොරොන්දු වීම සතුටට කරුණක් වී ඇත.