කැනඩාවේ නව අගමැති ලෙස මාර්ක් කාර්නි වැඩ බාරගනී

කැනඩාවේ නව අගමැති ලෙස මාර්ක් කාර්නි Mark Carney  පසුගිය සිකුරාදා දිවුරුම් දී තිබේ .ඒ කැනේඩියානු අගනුවර වන ඔටාවා හි රිඩෝ ශාලාවේ පැවැති Rideau Hall in the Canadian capital, Ottawa. නිල උත්සවයේදීයි. නව අගමැතිවරයා ප්‍රංශ සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම දිවුරුම් දුන්නේය. මාර්ක් කාර්නි  සැලකෙන්නේ කැනඩාවේ 24 වැනි අගමැතිවරයා ලෙසයි.මේ අතර දශකයනට අධික කාලයක් කැනඩාවට නායකත්වය දුන් ජස්ටින් ටෘඩෝ පසුගියදා සිය තනතුරින් ඉල්ලා අස්විය.

කාර්නිගේ නව කැබිනට් මණ්ඩලයද මේ වන විට දිවුරුම් දී ඇත. නව රඡයේ ජාත්‍යන්තර වෙළඳ හා අන්තර් රාජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පළමු පුද්ගලයා වූයේ හිටපු මුදල් අමාත්‍ය ඩොමිනික් ලෙබ්ලාන්ක් ය. Dominic LeBlanc, minister of international trade and intergovernmental affairs විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේමෙලනි ජොලිය. Melanie Joly, minister of foreign affairs and international development. ජාතික ආරක්ෂක අමාත්‍ය  ධූරය හිමිවුයේ බිල් බ්ලෙයාර්ටයි. Bill Blair, minister of national defence

මේ අතර පසුගියදා පැවති කැනඩාවේ පාලක ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවැති ඡන්ද විමසීමෙන් හිටපු මහබැංකු ප්‍රධානියකු වූ Mark Carney මාර්ක් කාර්නි ජයලබා ගැනුණා.ඒ අනුව, ධූරයෙන් නික්ම යන වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගෙන් පසුව කැනඩාවේ අගමැති ධුරයට පත්වීමට ඔහුට අවස්ථාව හිමිවිය.

අසල්වැසි අමෙරිකාවේ දිගුකාලීන මිත්‍රයකු වන කැනඩාවේ මුල් පුටුව සඳහා මෙලෙස නව නායකයකු පත්වන්නේ දෙරට අතර වෙළඳ යුද්ධයක් පවතින පසුබිමක් තුළය.කැනඩාවේ කැළඹිලි සහිත කාලයකදී කාර්නි බලයට පත්වනු ඇති අතර එමෙන්ම ඔහු ඉක්මනින් මහමැතිවරණයක් පැවැත්විය යුතුය.

59 හැවිරිදි කාර්නි, පක්ෂ සාමාජිකයන් 152,000කට වඩා අඩුවෙන් ඡන්දය ප්‍රකාශ කළ තරඟයකදී හිටපු මුදල් ඇමතිනී Chrystia Freeland ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය ක‍ර ඇත්තේ ප්‍රකාශිත ඡන්ද වලින් 86%ක් ලබාගෙනය.ඒ අනුව, කැනඩාවේ මීළඟ අගමැති මාර්ක් කාර්නි, ජස්ටින් ටෘඩෝගේ අනුප්‍රාප්තිකයා වීමේ තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි වෙළඳ යුද්ධය ජයග්‍රහණය කරන බවට සපථ කර තිබේ.

“ඇමරිකානුවන් කිසිදු වැරැද්දක් නොකළ යුතුය: වෙළඳාමේ දී, හොකී ක්‍රීඩාවේදී මෙන්, කැනඩාව ජයග්‍රහණය කරනු ඇත,” හිටපු එංගලන්ත බැංකු අධිපතිවරයෙකු ද වන මාර්ක් කාර්නි සිය ආධාරකරුවන්ට පවසා ඇත.

එමෙන්ම නව අගමැති ලෙස දිවුරුම් දුන් කාර්නි අවධාරණය කර ඇත්තේ, ඇමරිකානුවන් අපට ගෞරව කරන තෙක් එක්සත් ජනපද භාණ්ඩ සඳහා පළිගැනීමේ තීරුබදු පනවන බවයි.කිසිදිනෙක දේශපාලන නායකත්වයක් සඳහා මෙන්ම කැබිනට් මණ්ඩලය සඳහා ද තේරී පත්වී නොමැති කාර්නි, ඔහු ඉදිරිපත්වූ පක්ෂ නායකත්ව තරඟයෙන් පහසුවෙන් ජයග්‍රහණය කළේය.

ඔහු සිය නායකත්වය යටතේ මහමැතිවරණය ඔක්තෝබර් 20 වන විට පැවැත්විය යුතුව තිබේ.වරෙක් මාර්ක් කාර්නි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හඳුන්වා දී තිබුණේ ‘වෝල්ඩමෝර්’ Voldemort ලෙසයි.‘වෝල්ඩමෝර්’ යනු ලෝක ප්‍රකට Harry Potter හැරී පෝටර් කතාමාලාවේ එන දුෂ්ට චරිතයකි.

මාර්ක් ජෝසප් කාර්නි ඕසී 1965 මාර්තු 16වන දින උපත ලද අතර කැනේඩියානු ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලනඥයෙකු වේ. ඔහු 1988 දී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ගිය අතර, එහිදී ඔහු 1993 දී ශාස්ත්‍රපති උපාධියක් සහ 1995 දී ආචාර්ය උපාධියක් ලබා ගෙන ඇත.

2008 වසරේ සිට 2013 දක්වා කැනඩා මහා බැංකුවේ අධිපතිවරයා ලෙසත් 2013 සිට 2020 දක්වා එංගලන්ත බැංකුවේ 120 වන අධිපතිවරයා වශයෙන්ද සේවය කර ඇත. ඉන් අනතුරුව COVID-19 වසංගතය අතරතුර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ උපදේශකයෙකු ලෙස ද කාර්නි කටයුතු කළ අතර ලිබරල් පක්ෂයේ ආර්ථික වර්ධන කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පත් කරන ලදී.

පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සියලුම කැනේඩියානු භාණ්ඩ සඳහා 25% ක බද්දක් ප්‍රකාශයට පත් කළ අතර, කැනඩාව ඇමරිකාවේ 51ක් වන ප්‍රාන්තය බවත් ටෲඩෝ එහි ආණ්ඩුකාරවරයා වශයෙන් ප්‍රකශ කිරීමත් සම්බන්ධයෙන් කර්නි සඳහන් කර තිබුණේ, කැනඩාවේ බිඳෙනසුලු ආර්ථිකය අවපාතයකට තල්ලු කිරීමට තීරුබදුවලට බලය ඇති අතර එම තීරුබදු වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, ඇමරිකාව කැනඩාව නොවන බවත්, කැනඩාව කිසි විටෙකත් කිසිදු ආකාරයකින්, හැඩයකින් හෝ ඇමරිකාවේ කොටසක් නොවනු ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *