සඳලියේ නුඹ කෝ කොහේ !
දුරුත්තේ සඳ ඇවිත් හිමිහිට
කොට්ටං කොල අස්සෙන් එබී එබී
ඇයි හිනාවෙන්නෙ මා එක්ක මේ හැටිම...
පැලේ පිල උඩ තනිවෙච්ච මට
උඹේ සුවඳ මේ හැටිම දුර බව
දැන දැනද මේ තරමටම සරදම...
පාලු දෙනිපෙත පවා අවදිව
නුඹ කොහේදැයි විමසන වෙලේ
ඉතින් මට තව නොකර ඔච්චම්
කියාපන් නුඹ කෝ කොහේ...
හල හලා මල් සුවඳ සඳලිය
තාරුකා ඇහැරෙන වෙලේ
මගේ හිත මත සැතපියන්
මං තනිවෙලා මගෙ අසපුවේ…
සොඳුරු සඳවතී
https://kavisandalla.blogspot.com
මතකය . . !
ජීවිතය මොනතරම් සුන්දරදැයි
නොසිතුවෙමි ඔබ දකින තුරා
ආදරය මෙතරම් සුන්දරදැයි
නොදන්නෙමි ඔබ දකින තුරා
තෙමුණු තණ පියලි මත
ඇවිද ඇතිමුත් පා ගෙවෙන තුරා
ඒවා එතරම් සුමුදු යැයි
නොදැනුනි ඔබ දකින තුරා
මල් ගැවසි වන පෙත්හි
ගැවසී ඇතිමුත් දවස පුරා
ඒවා එතරම් සුවඳ දැයි
නොදැනුනි ඔබ දකින තුරා
ජීවිතය මොනතරම් සුන්දරදැයි
නොසිතුවෙමි ඔබ දකින තුරා
ආදරය මෙතරම් සුන්දරදැයි
නොදන්නෙමි ඔබ දකින තුරා
තට්ටයාගේ කොලම
https://thattayagekolama.blogspot.com
කොරන්ටයින් කවි
මරදානට පායන සඳ
ලස්සනදැයි කියන්න
මා නොදකින ඒ පුරසඳ
ඔබට හැකිය දකින්න
අදුරු ලලා වහිනා කල
මහරගමම තෙමෙන්න
බැරියර් යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
රාළාමිල අත වනාවී
එපා අහක බලන්න
කෝවිඩ් මතකය ගුලි කර
බේරෙ වැවට දමන්න
චාමිල, හැලපෙල, ඉවාන්ල
ඉන්නවදැයි බලන්න
පරණ පෝස්ට් කියවන කොට
තනි ඇහැට ඇඩුනා කියන්න
අල්ලපු වත්තටත් අපේ
ඩෙල්ටා ආව කියන්න
අපේ ගමට පායන හඳ
හැකි වෙයිද ආයෙ දකින්න
උම්බලකඩ වඩේ එකක්
ඉස්සො වඩේ හපන්න
ඩොංගා කාලා ලොකට් කියන
පලතුරු රස බලන්න
උගුරැස්ස, දිවුල්, වැල වරකා
හරකා වගේ ගිලින්න
ආයෙත් ඉස්සර වාගේ
චෑන්ස් එකක් ලැබෙන්න
බකමූණු කතා
https://frozenlazyowl.blogspot.com
මාත් සමගම සිහි තබාගෙන හූල්ලයි පෙම් පුදසුන....
පාය පායා හෙලන සුසුමක දුක් කඳුළු පිණි තවරන
පෝය අහසෙහි පෙනී නොපෙනී වප් හඳත් දුක් උහුලන
යාය එළිකල සුවඳ තවරපු මලක් නික්මී ගියදින
ඈය මගෙ ලොව නොමැති මොහොතෙදි හදවතේ ගිණි ඇවිලෙන
අතීතෙක සිහිවටන කුසුමන් එකින් එක පෙති පුබුදන
එතී දැවටෙන ලතාවන් හද මඩල නිබඳව කළඹන
පතී යුවතී වරම් ලැබුමට ප්‍රථම මෙලොවෙන් නික්මුණ
සිතීමෙන් මේ දෙනෙත් රතුවී දුකින් කඳුළින් නලියන
ආත්මෙක බැඳි සසර සෙවනැලි සෙනෙහෙ දෝතක් සමඟින
ඈත් වෙන සඳ හිස් අහස් ගැබ දුක් අදෝනා විමසන
දෑත් එකිනෙක පැටලි මිමිණුව අපේ සෙනෙහස පෙරදින
මාත් සමගම සිහි තබාගෙන හූල්ලයි පෙම් පුදසුන
දුමින්ද අබේසේකර
https://dumindasanchare.blogspot.com
ගැයෙත මේ ගී
මන්ද අඳුරට තනිය රැකගෙන ගිතෙල් පහනක් හිනාවේ
බැන්ද කෙහෙරොද හිසේ මුදුනට සිහිල් සුළඟට පිනාවේ
අන්ධ වී උන්නාද සිතුමෙක දෑස සැලෙනා නුරාවේ
සින්ද සළුවෙක වහංවී ඉඳ සිතර තිසරුන් මුලාවේ
නෙළුම පෙතිමත තුෂර ඉසිලන සුරත් බැඳ බඳ වෙලෙන්නේ
පෙළුම නොපෙලෙත ගැයුම අමයුරු තරුත් විඳ වැද දිලෙන්නේ
සැළුම මී පැණි තුඩ'ග බඹරිදු විලත් සොඳ සඳ පිරෙන්නේ
කැළුම තබමින පෙමක මතකය පෙලත් රතු රත ලෙසින්නේ
මන්ජි