
වැන්කුවර් ඡන්දදායකයින් , මෑතකදී පැවති නාගරික අතුරු මැතිවරණයේදී නගරාධිපති කෙන් සිම් Mayor Ken Sim සහ ඔහුගේ ABC පක්ෂයට බරපතල පහරක් එල්ල කර අතර , එහිදී නව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තෝරා එවීමට කටයුතු කර ඇත. ඒ අනුව වැන්කුවර් නගර සභා අතුරු මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව OneCity වැන්කුවර් පක්ෂයේ ලුසි මැලෝනි Lucy Maloney සහ ප්‍රගතිශීලී ඡන්දදායකයින්ගේ සන්ධානයේ (COPE) ෂෝන් ඕර් Sean Orr නගර සභාවට තේරී පත්ව ඇත.
මේ අතර වැන්කුවර් අතුරු මැතිවරණයේ ඡන්ද ප්‍රමාදය ගැන නගර නිලධාරින් ප්‍රාන්ත වැසියන්ගෙන් සමාව අයද සිටියි.සමහර ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පැය ගණනක් පෝලිමේ බලා සිටි බැවින්, ඡන්ද විමසීමේ ප්‍රමාදයන් සිදුවු ' බව නගර කළමනාකරු පෝල් මොච්රි පිළිගනී.
ඒ අනුව සෙනසුරාදා පැවති අතුරු මැතිවරණයේ ඡන්ද ප්‍රමාදයන් සම්බන්ධයෙන් වැන්කුවර් නගර කළමනාකරු ලෙස තමන් සමාව අයැද සිටින බව ඔහු පවසයි.මෙහිදී, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පදිංචිකරුවන්ට පැය ගණනක් බලා සිටීමට සිදුවීම ගැනද ඔහු කණගාටුව පලකර ඇත. නගරය පුරා ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් පැවතීම නිසා ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රැඳී සිටීමට සිදු වූ අතර , රාත්‍රී 8 ට ඡන්ද විමසීම අවසන් වූ පසුවත් සිය ගණනක් ජනතාව පෝලිම්වල රැඳී සිටීමට සිදු වූ අතර , මධ්‍යම රාත්‍රිය වන තෙක් ප්‍රතිඵල ප්‍රමාද විය.
ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව අඩකින් සහ ඒවායේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකින් අඩු කිරීමට කාර්ය මණ්ඩලය විසින් ජනවාරි මාසයේ ගෙන එන ලද තීරණයක් හේතුවෙන් මෙම ගැටළුව බොහෝ දුරට ඇති වී ඇති බව පෙනෙන්නට ඇත.මෙම මැතිවරණය සැලසුම් කිරීමේදී අපි ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය, බෙදා හැරීම, ඡන්ද සැකසීමේ ධාරිතාව වටා උපකල්පන ගණනාවක් සිදු කළා.," ඔහු පසුගියදා ඉරිදා මාධ්‍ය වෙත පැවසීය.පැහැදිලිවම , අපි දුටු දෙයින්, එම උපකල්පන දෝෂ සහිත වූ අතර, අපට ලැබුණු ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සැකසීමට ප්‍රමාණවත් සම්පත් අප සතුව නොතිබුණි." ඔහු පවසයි.