
ශ්‍රී දළදා සමිඳුන් දෑසින් දැක වැඳපුදා ගැනීමේ මහජන වරම 18දා සිට 28 වැනි දින තෙක් උදාවන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි.ආරම්භක දිනයේ පස්වරු තුනේ සිට පස්වරු පහ දක්වාත් අප්‍රේල් 19 වැනි දින සිට අප්‍රේල් 28 දින දක්වා දහවල් දොළහේ සිට පස්වරු පහ දක්වාත් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමේ අවස්ථාව හිමිවන බව හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා කිසිදු විශේෂ අවසර පත්‍ර නිකුත් කිරීමේ කටයුත්තක් සිදු නොවන බවද අප්‍රේල් ආරම්භක දිනයේ සිට තිස් දහසක පිරිසකට දළදා මාලිගේ විසින් ආහාර පාන ලබාදීමේ දන්සලක් රාත්‍රියේදී ක්‍රියාත්මක කෙරෙන බව ද දියවඩන නිලමේවරයා කියා සිටියේය.දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන දින දහයක කාලය තුළ මහජන ආරක්ෂාව සඳහා ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිසිය විසින දැනුවත් කර ඇත.
ලක්ෂ 20ක පමණ සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන අතර
පළමු දිනයේදී ජනාධිපතිවරයා සහ විදේශීය දූත පිරිස් දළඳා වන්දනාවට එක්වුනා.

දින 10ක් පුරා පැවැත්වෙන දළදා දැක්ම වෙනුවෙන් එක්වන සැදැහැවතුන් ගමන් ගන්නා මාර්ගය වෙන් කොට ආරක්ෂිත මාර්ගයක් වශයෙන් සකස්කර ඇති අතර දළඳා වීදිය, රතු බෝක්කුව සිට වැව රවුම් මාර්ගය සහ මහයියාව දෙස සිට මාර්ග තුනක් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන් පේලි තුනක් ඔස්සේ දළදා මාලිගාව කරා ප්‍රවේශ කර ගැනීමේ කටයුතු සිදුවෙනවා .
දළදා වහන්සේ වැඩ හිටුවා ඇති ස්ථානය අභීයසින් පේළි තුනක් ඔස්සේ කැඳවා ගෙන තත්ත්පයරකට තිදෙනෙකුට දළදා වැදීමට හැකි වන පරිදි සංවිධාන කටයුතු සලසා තිබෙන බවයි සඳහන් වන්නේ .