කැනඩාවේ අපද්‍රව්‍යය කළමනාකරණය

මගේ අවසාන ලිපියෙන් මම කැනඩාව සහ හිම පිළිබඳව රසමුසු විස්තරයක් ගෙන ආ බව ඔබට මතකයි නේද? අද ලිපියෙන් මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ කැනඩාවේ අපද්‍රව්‍යය කළමනාකරණය පිළිබඳව. 

ඊට පෙර, අපි කැනඩාවේ වත්මන් ආගමන යාවත්කාලීන බලමු.

  1. 2025 ජූලි වන තෙක් නගර 24 ක LMIA රැකියා නොදීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා.  

අප්‍රේල් 4 වන දින සිට, විරැකියා අනුපාතය 6% හෝ ඊට වැඩි කැනේඩියානු කලාප තුල, අවම වශයෙන් 2025 ජූලි වන තෙක් තාවකාලික විදේශීය සේවක වැඩ සටහනේ අඩු වැටුප් ප්‍රවාහයන්  සඳහා LMIA අයදුම් පත් භාර ගනු නොලැබේ.

පහත දැක්වෙන්නේ බලපෑමට ලක් වූ නගර 24 සම්පූර්ණ ලැයිස්තුවයි.

(Here are the 24 CMAs where low-wage LMIA applications will NOT be processed until at least July 2025)

City & Province Unemployment Rate

St. John's, NL           7.6%

Saint John, NB           7.7%

Fredericton, NB           6.9%

Drummondville, QC          8.0%

Montréal, QC           6.7%

Kingston, ON           7.2%

Peterborough, ON           9.9%

Oshawa, ON                       8.0%

Toronto, ON                       8.6%

Hamilton, ON           7.3%

St. Catharines-Niagara, ON           7.7%

Kitchener-Cambridge-Waterloo, ON     8.5%

Brantford, ON           7.2%

Guelph, ON                     6.2%

Windsor, ON                     9.3%

Barrie, ON                      7.5%

Calgary, AB                     7.8%

Red Deer, AB           8.4%

Edmonton, AB           7.3%

Kelowna, BC                     6.7%

Kamloops, BC           7.1%

Abbotsford-Mission, BC  6.2%

Vancouver, BC           6.6%

Nanaimo, BC           6.0%

  1. අධිවේගී ප්‍රවේශ දිනුම් ඇදීම් ප්‍රමාදයන්

කැනඩාවේ අධිවේගී ප්‍රවේශ ක්‍රමය(Canada’s Express Entry system)-දිගු කලක් තිස්සේ කැනඩාවේ නව ජීවිතයක් ගැන සිහින දකින දක්ෂ සේවකයින් සඳහා වඩාත් කැමතිම මාර්ගය වී තිබුනා. ස්ථිර පදිංචිය සඳහා විධිමත් ලකුණු මත පදනම් වූ ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධ මෙම පද්ධතිය සාමාන්‍යයෙන් ඉහළම ශ්‍රේණිගත අපේක්ෂකයින්ට ආරාධනා කිරීම සඳහා සෑම සති දෙකකට වරක් දිනුම් ඇදීම් පවත්වනවා. නමුත් 2025 මාර්තු 21 වෙනිදායින් පසුව මෙම දිනුම් ඇදීම් සිදු වුයේ නැහැ.

2025 දී මේ දක්වා, IRCC ප්‍රංශ භාෂා ප්‍රවීණතාවය පමණක් ඉලක්ක කර ගනිමින් ප්‍රධාන අධිවේගී ප්‍රවේශ දිනුම් ඇදීම් තුනක් පවත්වා ඇති අතර, සාමාන්‍ය දිනුම් ඇදීම්වලට සාපේක්ෂව අඩු CRS ලකුණු සහිතව අයදුම් කිරීමට ආරාධනා (ITAs) දහස් ගණනක් නිකුත් කර තිබෙනවා. 2025 මාර්තු 21 වන දින, නවතම අධිවේගී ප්‍රවේශ දිනුම් ඇදීමෙන් ආරාධනා 7,500 ක් නිකුත් කරන ලද අතර එය විස්තීර්ණ ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය (CRS) අනුව 379 ක කඩඉම් ලකුණු ලබා ඇත. මෙම ප්‍රංශ භාෂා ප්‍රවීණතාවය කෙරෙහි අවධානය කර දිනුම් ඇදීම Quebec නගරයෙන් පිටත ෆ්‍රැන්කෝෆෝන්(Francophone-French-speaking) සංක්‍රමණ වැඩි දියුණු කිරීම සඳහා කැනඩාවේ කැපවීම සමඟ සමපාත වන බවක් පැහැදිලියි.

2025 දී ප්‍රංශ භාෂා දිනුම් ඇදීම් සඳහා අධිවේගී ප්‍රවේශය(Express Entry French Language Draws in 2025):

DateInvitationsCRS Cut-Off
March 21, 20257,500379
March 6, 20254,500410
February 19, 20256,500428

https://www.canada.ca/en/immigration-refugees-citizenship/news/2025/02/canada-announces-2025-express-entry-category-based-draws-plans-for-more-in-canada-draws-to-reduce-labour-shortages.html

මෙම ප්‍රමාදයට හේතු කිහිපයක්ම විය හැකියි

  • තාක්ෂණික ගැටළු සහ CRS ලකුණු නැවත ක්‍රමාංකනය කිරීම
  • මැතිවරණ ප්‍රචාරක කටයුතු මධ්‍යයේ දේශපාලන සලකා බැලීම්
  • ප්‍රතිපත්ති මාරුවීම් සහ 2025 ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම
  • පරිපාලන නඩත්තුව සහ පද්ධති වැඩිදියුණු කිරීම්
  • දිගුකාලීන ආගමන ඉලක්ක සමඟ උපායමාර්ගික පෙළගැස්ම

මේ ප්‍රමාදයෙන් අධෛර්යමත් නොවී ඔබට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්:

  • ඔබගේ Profile එක Update කර තබා ගන්න
  • විකල්ප මාර්ග ගවේෂණය කරන්න
  • දැනුවත්ව සිටින්න
  1. 2025 මාර්තු 31 වන දින, IRCC විසින් නිවාස රැකවරණ සේවකයින් සඳහා නව ආගමන ප්‍රවාහ දෙකක්(Home Care Worker Immigration pilots) දියත් කරනු ලැබූ අතර, ඒවා සාමූහිකව නිවාස රැකවරණ සේවක ආගමන නියමුවන් (HCWP) ලෙස හැඳින්වේ. 

ඒවා නම්:

  • කැනඩාවේ සේවකයින් ප්‍රවාහය(The Workers in Canada stream)-දැනට තාවකාලික ලෙස කැනඩාවේ සේවය කරනා අය 
  • කැනඩාවේ සේවය නොකරන අයදුම්කරුවන් ප්‍රවාහය(The Applicants not working in Canada stream)
  • පහත සදහන් ලින්ක් එක මගින් විස්තර ලබා ගන්න. 

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/caregivers/home-care-worker-immigration-pilots.html

කැනඩාවේ අපද්‍රව්‍ය කළමනාකරණය

මුලින්ම නිසි අපද්‍රව්‍ය බැහැර කිරීම එතරම් වැදගත් වන්නේ ඇයි කියලා සිතිය බැලිය යුතු කරුණක් නොවේද? ලංකාවේ ඉපදුනු සමහර අයට ඒ ගැන වැඩි තැකීමක් නැති බව ලාංකික පරිසරය දෙස බලන අපට පෙනී යනවා.

  1. පාරිසරික ආරක්ෂාව සදහා 
  2. මහජන සෞඛ්‍යය සදහා 
  3. ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ සදහා

පාරිසරික ආරක්ෂාව, මහජන සෞඛ්‍යය සහ සම්පත් සංරක්ෂණය සඳහා නිසි අපද්‍රව්‍ය බැහැර කිරීම ඉතා වැදගත් වෙනවා. නිසි අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් පරිසර දූෂණය වළක්වනවා මෙන්ම රෝග සම්ප්‍රේෂණයද අඩු කරනවා. එමෙන්ම ගොඩකිරීම් (Landfilling) සහ කුණු දහන යන්ත්‍රවලින්(Burning machines) විමෝචනය වන හානිකර වායුන්ගෙන් වන හානියද අවම කරනවා. ගොඩකිරීම්(Landfills) වලට ඇතුළු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමෙන්, ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතය ප්‍රවර්ධනය වීමක් සිදු වෙනවා. ඉන් සම්පත් සංරක්ෂණය කරනවා මෙන්ම පාරිසරික බලපෑම තවදුරටත් අවම වෙනවා.

කැනඩාවේ කසල බැහැර කිරීමේ ක්‍රම වර්ග කිහිපයක් තියෙනවා:

  1. ගොඩකිරීම
  2. පුළුස්සා දැමීම
  3. ප්‍රතිචක්‍රීකරණය සහ කොම්පෝස්ට් නිෂ්පාදනය
  4. අපද්‍රව්‍ය බලශක්තියට පරිවර්තනය කිරීම
  5. චක්‍රීය ආර්ථිකය
  1. ගොඩකිරීම(Landfilling)-කැනඩාවේ කසළ බැහැර කිරීමේ ප්‍රධානම ක්‍රමය වන්නේ ගොඩකිරීම. කැනඩාවේ බැහැර කරනා අපද්‍රව්‍යවලින් 97% ක් පමණ "කුණු පිරවුම් ස්ථාන(Landfill)" වලට යවනවා. මෙහිදී, අපද්‍රව්‍ය ගොඩකිරීමේ ස්ථානයක වළ දමා එය ඝන පස් තට්ටුවකින් වසා දැමීමයි සිදු වන්නේ. නවීන ගොඩකිරීම් සාමාන්‍යයෙන් පාරිසරික බලපෑම අවම කිරීම සඳහා නිර්මාණය කරලයි තියෙන්නේ. නමුත් ඒ ගොඩ කරනා කසල වලින් තවමත් ලීචේට් (දූෂිත ජලය) සහ ගොඩකිරීමේ වායුව (ප්‍රධාන වශයෙන් මීතේන්) නිපදවීමක් සිදු වෙන්න පුළුවන්.
  1. පුළුස්සා දැමීම(Incineration)-නවීන දහනය කියන්නෙ පුළුල් පරාසයක අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යොදා ගත හැකි ඵලදායී පිළිගත් ක්‍රමයක්. සම්පුර්ණ කුණු ප්‍රමාණයෙන්, 3% ක් පුළුස්සා දැමීම සිදු කරනවා. දහනය කිරීමෙන් අපද්‍රව්‍ය පරිමාව 90% කින් අඩු කිරීම හේතුවෙන් මේ දහන ක්‍රියාවලිය ඉතා වැදගත්.  දහනය කිරීම වායු දූෂණයට මූලාශ්‍රයක් විය හැකි නමුත්, නවීන දහන යන්ත්‍රවල බොහෝ විට වායු දූෂණ පාලන පියවර සකසා තිබෙනවා. අද, දහන යන්ත්‍ර දියුණු වායු දූෂණ පාලන ක්‍රමයන් භාවිතා කරනවා වගේම දහනයෙන් විමෝචනය වන ඩයොක්සින් සහ ෆියුරන් වලින් 99% ක් ඉවත් කරන තාක්ෂණයන් ඇතුළත් වෙනවා. මීට අමතරව, කැනේඩියානු පරිසර අමාත්‍ය මණ්ඩලය (CCME) විසින් කරනු ලබනා අපද්‍රව්‍ය දහනයෙන් ඩයොක්සින්/ෆියුරන් සහ රසදිය විමෝචනය සඳහා කැනඩාව පුරා ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම වැනි හොඳම කළමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීම හේතුවෙන් පරිසර දුෂණය අවම කර ගත හැකිව තිබෙනවා. 
  1. ප්‍රතිචක්‍රීකරණය සහ කොම්පෝස්ට් කිරීම(Recycling and Composting)-මෙම ක්‍රම මගින් ඉවත දමන කාබනික කුණු කසල, ශාක සදහා භාවිතා කළ හැකි කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීම සිදු කෙරෙනවා. මේ ඉතා වැදගත් ක්‍රියාව හේතුවෙන් ගොඩකිරීම්(Landfill) වලට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය සැහෙන්න අඩුවීමක් සිදු වෙනවා. 
  1. අපද්‍රව්‍ය-බලශක්තිය(Waste-to-Energy)- ඉහත සදහන් කල දහනයෙන් නිපදවන තාපය විදුලිය හෝ වාෂ්ප ජනනය කිරීමට භාවිතා කරන්න පුළුවන් (Waste-to-Energy-WTE). මෙය ගොඩකිරීම් (Landfill) වලට යන අපද්‍රව්‍ය අඩු කිරීමට උපකාරී වන අතර බලශක්ති ප්‍රභවයක්ද සපයයනවා.
  1. චක්‍රලේඛ ආර්ථිකය(Circular Economy): කැනඩාවද චක්‍රලේඛ ආර්ථිකයක් කරා කටයුතු කරමින් සිටින අතර, එමඟින් සම්පත් හැකිතාක් කල් භාවිතයේ තබා ගැනීම, ද්‍රව්‍ය ඉවත දැමීමට වඩා නැවත භාවිතා කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම අරමුණු කරගෙන තිබෙනවා. මෙම ක්‍රියාවේදී අපද්‍රව්‍ය උත්පාදනය අඩු කිරීම, ද්‍රව්‍ය නැවත භාවිතා කිරීම සහ ඒවා ඵලදායී ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදුවෙනවා. මේ සදහා කැනඩාවේ නැවත භාවිතා කළහැකි බඩු  භාණ්ඩ අලෙවි කරනා කඩ සාප්පු(Thrift shops)  තිබෙනවා. බොහෝ කැනේඩියානුවන් මෙවන් ස්ථානවලින් බදු මිලදී ගන්නේ දුප්පත්කමටම නොවේ. මේ ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලිය අප ගෝලීය අපද්‍රව්‍ය ප්‍රශ්නයට විසදුමක් බව ඔවුන් දැනුවත් නිසා. ඒ දැනුම පාසල් වියේදී පටන් දරුවන්ට ලබාදීම මේ දැනුවත්කමට හේතුවක් වෙනවා.  

එහි නිවාස අපද්‍රව්‍ය කළමනාකරණය කරනු ලබන ආකාරය සලකා බැලුවොත්, පාට තුනකින්, කොළ(කෑම වැනි කාබනික අපද්‍රව්‍ය), නිල් (ප්‍රතිචක්‍රීකරණය කළ හැකි) සහ කළු (කසළ) බඳුන් ඒ සදහා භාවිතා කරනවා. කොළ පැහැති බඳුන් ආහාර කැබලි සහ ගෙවත්තෙන් ඉවත දමන අප ද්‍රව්‍ය සඳහා වන අතර, නිල් බඳුන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සඳහා භාවිතා වනවා. කළු බඳුන් භාවිතා වෙන්නේ කසළ සඳහායි. 

නගරවැසියන් දැනුවත් කිරීම සදහා නගර සභාව මගින් අපද්‍රව්‍ය එකතු කිරීමේ කාලසටහන් (Waste collection and schedules) වසර මුලදී ලබා දෙනවා. ඒවා සාමාන්‍යයෙන් එම කලාපයේ වෙබ් අඩවියෙන් හෝ නගර සභාවේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකියි. කාලසටහනට අනුවා මේ අපද්‍රව්‍ය එකතු කිරීමේ දින එම නගරයේ වැසියන් දැනුවත් වෙනවා. එමනිසා ඔවුන් නියමිත දිනට අදාළ අපද්‍රව්‍ය බදුන් නිවාස ඉදිරිපිට පාරට ආසන්නව තබනවා.  

කසල වර්ගීකරනා ආකාර 

කොළ බඳුන: කෑම වැනි කාබනික අපද්‍රව්‍ය සහ ගෙවත්තෙන් ඉවත දමන කොළ වැනි දේ 

නිල් බඳුන: ප්ලාස්ටික්, වීදුරු සහ ලෝහ බහාලුම් නිල් බඳුනට දැමීමට පෙර සෝදා හරින්න.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය අතරට කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු බෝතල් සහ භාජන, ප්ලාස්ටික් බහාලුම් සහ ඇලුමිනියම් සහ වානේ කෑන් ඇතුළත් වෙනවා.

ඉලෙක්ට්‍රොනික් උපකරණ: සමහර ප්‍රදේශවල ඉලෙක්ට්‍රොනික් උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධ වැඩි විස්තර සඳහා ඒ ප්‍රදේශවලින් ලබා ගත හැකියි.

කුණු කසල බඳුන: ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි දේවල් සහ කොම්පෝස්ට් කළ නොහැකි ආහාර අපද්‍රව්‍ය කළු බඳුනට දැමීම සිදු කල යුතුයි.

විශාල භාණ්ඩ: ගෘහ භාණ්ඩ වැනි ප්‍රමාණයෙන් විශාල දේවල් බැහැර කිරීම සඳහා විශේෂ විධිවිධාන අවශ්‍ය විය හැකි අතර, ඒවා නගර සභාවේ වෙබ් අඩවියෙන් සොයාගත යුතුයි. නගර සභාවට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ රැගෙන යාම සිදු වෙනවා.

කසළ බැහැර කිරීම පිලිබදව ප්‍රාන්ත  බලධාරීන්(Provincial Authorities)ට පැවරී ඇති වගකීම වනුයේ: 

අපද්‍රව්‍ය අඩු කිරීමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් ස්ථාපිත කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම් සහ දහන යන්ත්‍ර, ගොඩකිරීම් සහ කොම්පෝස්ට් පහසුකම් වැනි මෙහෙයුම් අනුමත කර අධීක්ෂණය සිදු කිරීම්.

කැනඩාවේ ප්‍රධාන වශයෙන් කසළ බැහැර කිරීම පිලිබදව වගකීම පැවරී ඇත්තේ නගර සභා(Municipal Councils)වලටයි. ඒ වගකීම් වනුයේ: 

ගෘහස්ථ අපද්‍රව්‍ය එකතු කිරීම, ප්‍රතිචක්‍රීකරණය, කොම්පෝස්ට් කිරීම සහ බැහැර කිරීම් .

නුසුදුසු කසළ බැහැර කිරීම් හේතුවෙන් පරිසරයට පුළුල් ලෙස අහිතකර බලපෑම් ඇති වෙනවා. වායු හා ජල දූෂණය, පස දූෂණය, පරිසර පද්ධති සහ වන ජීවීන්ට හානිවීම් මින් සමහරක්. පරිසර දුෂණය මිනිසාගේ සෞඛ්‍ය ගැටළු වලට බරපතල ලෙස බලපානවා මෙන්ම, ජෛව විවිධත්වය අඩු කිරීමක්ද සිදු කරනවා. පරිසර දුෂණය දේශගුණික විපර්යාසයන්ට බරපතල ලෙස දායක වීම හේතුවෙන් ලෝකයේ, ජල ගැලීම්, කුණාටු, වනාන්තර ගිනිගැනීම් වැනිදේ දිනෙන් දින ඉහල යමින් තිබෙනවා. විශේෂයෙන්ම සාගරයන්හි, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යාම සමුද්‍ර ජීවීන්ට සහ ජලජ පරිසර පද්ධතිවල සමස්ත සෞඛ්‍යයට සැලකිය යුතු තර්ජනයක්ව තිබෙන බව දත්ත අපට පෙන්වා දෙනවා. අවසාන වශයෙන් මට කිව හැක්කේ අපේ අනාගත දරු පරපුරට හුස්ම ගත හැකි පෘතුවියක් ඉතිරිකර යෑමේ බැරෑරුම් වගකීම අප සැමගේ උරහිස මත පැටවී ඇති බවයි. එමනිසා සෑම දෙයක්ම හැකිතාක් කල් දුරට නැවත පාවිච්චි කිරීමත් මනා ලෙස කසල බැහැර කිරීමත් සිදු කිරීම අපේ වගකීම මෙන්ම යුතුකමක් වෙනවා. 

මේ ලිපි හා බැදුණු මාගේ යූ ටියුබ් වැඩසටහන සදහා පහත දිගුවෙන් ඔබට පිවිසෙන්නට පුළුවන්

කරුණාකර සබැඳි සහ විස්තර සඳහා වීඩියෝවේ විස්තරය පරීක්ෂා කරන්න.

මගේ මීළඟ ලිපියෙන් මම කැනඩාවට ඇමෙරිකානු Tariff බලපාන අයුරු ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙම විද්‍යුත් පුවත්පත් කිසිදු කැනඩා රජයේ නියෝජිත ආයතනයකට හෝ ආගමන නීතිවේදීන්ට සම්බන්ධයක් නැත. මෙම ලිපියේ තොරතුරුවලට පදනම් වී ඇත්තේ විවිධ Online වෙබ් අඩවිවලින් ලබාගත් තොරතුරුයි. එබැවින් ඔබේ විශේෂිත අවශ්‍යතා සඳහා විශේෂඥ ආගමන  නීතීඥවරයෙකු හෝ උපදේශකවරයෙකු මුණ ගැසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *