ට්‍රම්ප් ගේ තීරුබදු අස්සේ බටලන්දත් ඇවිලේ..

ගෙවුණු සතිය ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රිකව ඉතා වැදගත් හා තීරණාත්මක සතියක් බවට පත්විය. න් පළමුවැන්න බවට පත්වූයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හැටකට තීරු බදු පැනවීම යි. ඉන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බවට අනාවැකි පළ වූ අතර ඒ හේතුවෙන් ඇගළුම් ක්ෂේත්‍රයෙක් යම් පසුබෑමකට ලක්විය හැකි බවට ද කරුණු ඉදිරිපත් විය.මේ අතර ශ්‍රී ලංකාවේ අසල්වැසියා වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ද сපසුගිය සතියේ සිදුවූ තවත් වැදගත් රාජ්‍යතාන්ත්‍රිකයන් සිදුවීමක් විය.

වැදගත් විවාද දෙකක්.

මේ අතර ගෙවුණු සතියේ දී පාර්ලිමේන්තුවේ වැදගත් විවාද දෙකක් පැවැත්විණි. ඉන් පළමුවැන්න වූයේ අපරාධයකින් උත්පාතිත දේ පිළිබඳව පනත් කෙටුම්පත පිළිබද විවාදයයි.  එය විවාදයට ගැටුගේ පසුගිය අට වෙනිදායයි. එම පනත් කෙටුම්පත මගින් යම් අයෙකු හෙළි කළ නොහැකි ආකාරයෙන් නීති විරෝධීව උපයාගෙන ඇති වත්කම් රජයට පවරා ගැනීමට ප්‍රතිපාදන හිමිව ඇත. මෙම පනත් කැටුම්පත පක්ෂ විපක්ෂව සහාය ඇතිව සම්මත විය.මෙම පනත් කෙටුම්පත පසුගිය යහපාලන සමයේ ගෙන ඒමට පළමුව කටයුතු කර තිබුණද එය සාර්ථක කර ගැනීමට පසුගිය ආණ්ඩු කිහිපයකටම නොහැකි විය. පනත් කෙටුම් පත පිළිබඳ විවාදයට එක් වෙමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ මෙම පනත් කෙටුම්පත ගෙන ඒම තම රජයේ ප්‍රමුඛතම අවශ්‍යතාවක්ව තිබූ බවයි. විවාදයට එක්වෙමින් පොදු ජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක කියා සිටියේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය අවභාවිතා නොකළ යුතු බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දින දෙකක විවාදයේ පළමු දිනයේ විවාදය පසුගිය  දහවැනි දා පැවැත්විණි. ඉතා උණුසුම් වාද විවාද මැද මෙම විවාදය පැවැත්වුණු අතර එහිදී දෙපාර්ශවය අතින් සිදුවූ මනුෂ්‍ය ඝාතන මෙන්ම දේපළ හානිය පිළිබඳවද එකිනෙකාට චෝදනා කර ගන්නා ආකාරය දැකගත හැකි විය.

දේශබන්දුට ඇප.

 මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩ තහනමට ලක් වූ යේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට ව වන යෝජනාව ඡන්ද 151 කින් පසුගියදා සම්මත විය.  මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාට සුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමි විය.

ඡනපති හා විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුවක්.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හැටකට පනවා තිබූ තීරු බද ක්‍රියාත්මක කිරීම දින අනුවකට කල් දැමීමත් සමග ශ්‍රී ලංකාවට යම් සහනයක් හිමි විය. කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බවට විපක්ෂය විසින් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා විසින් පසුගිය දහවැනි දා විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තීරු බදු ගැටලුව පිළිබඳව ගත යුතු පොදු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබිණි. එහිදී ජනාධිපතිවරයා විසින් තමන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ගය පැහැදිලි කර තිබූ අතර විපක්ෂය විසින්ද මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව දෙපාර්ශවය ඉදිරියටත් රැස්වී තවදුරටත් මෙම තීරු බදු ගැටලුව විසඳා ගැනීම සඳහා වන කාර්යයේ දී එකට වැඩ කිරීමට තීරණය කර ඇති බවයි ආණ්ඩුව පාර්ශවයෙන් සහ විපක්ෂය පාර්ශවයෙන් කියවුණේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදිනක නිල සංචාරයක් සඳහා පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවට පැමිණි අතර, මෙරට දේශපාලන ක්ෂේත්‍රයේත්, ආසියානු කලාපයේත් බොහෝ දෙනකුගේ අවධානය දිනාගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට හැකිව තිබීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගිය සිකුරාදා (4) සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්’ (Friendship of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමිනි.. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ ඇමැති එස්. ජයිශංකර් ඇතුළු නියෝජිත පිරිසක්ද මේ සංචාරයට එක්විනි. ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ නිල උත්සවය පසුගිය සෙනසුරාදා (5) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීණි.

මෝදිගේ සංචාරයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක්

ඉන්දීය රඡය හා ලක් රඡය අතර මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යූගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදුවිය.

ඉන්දීය සහයෝගිතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය) හා ඉන්දීය පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5,000ක වහල මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරිණි. එසේම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමටත්, ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව-ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් එක්විය.

නව තීරු බදු නිර්දේශ කමිටුව ජනපති හමු වෙයි

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගියදා (3) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මේ තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි අප වැනි රටවලට මුහුණ දීමට සිදු වන ආර්ථික අභියෝග පිළිබඳවද මෙහිදී පුළුල්ව විමසා බැලිණි. උද්ගතව ඇති නව තත්ත්වය හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොයිඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (4) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්විණි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි, ‘අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට’ තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 58 වැනි වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි.

ආදිවාසි උපනායකයාගෙන් පිරිසුදු මීපැණි.

සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මීපැණි පූජාව සඳහා පිරිසිදු මීපැණි බඳුන ආදිවාසි උපනායක ගුණබන්ඩියලා ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අතර, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සපරගමු මහ සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුනද ජනාධිපතිවරයාට පිළිගැන්විණි.

ඉදිරි කන්නවලදී රාජය මැදිහත් වීම සහතික වේ.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ වත්මන් රජය විසින් වෙනස් කරමින් සිටින්නේ ඉබාගාතේ ගිය ආර්ථික සැලැස්මක් බවයි. වී ගබඩා විනාශ වීමට ඉඩ හැර, වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 2,800ක ණය බරක සිර කර තිබෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා එම සුන්බුන් ගොඩ නැවත ප්‍රතිසංස්කරණය කර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම වත්මන් රජය භාර ගෙන තිබෙන බවද අවධාරණය කළේය.

සිරිකොත රත්වෙයි.

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් විය. එහිදී පළාත් පාලන මැතිවරණය හා පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂයෙන්ම සාකච්ඡාවට ගැනිණි. පක්ෂයේ හිටපු මහ ලේකම් රංගේ බණ්ඩාර මෙහිදී නායක වික්‍රමසිංහගෙන් විමසා සිටියේ රාජිත සේනාරත්න තමාට කළ අපහාසය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි යන්නයි. රාජිත සේනාරත්න යූටියුබ් නාළිකාවක් හා කළ සාකච්ඡාවේදී තමාට අපහාස කළ බවට රංගේ මින් පෙර රනිල්ට පැමිණිලි කර තිබිණි. අදාළ යූටියුබ් සාකච්ඡාවේදී තමා පක්‍ෂයේ අරමුදල් වංචා කිරීම හේතුවෙන් පක්ෂයෙන් එළවා දැමූ බව රාජිත පවසා ඇතැයි රංගේ විසින් දුරකතනය ඔස්සේ රනිල්ට පැමිණිලි කර තිබිණි. තමා මේ කියන පරිදි සොරකම් කර තිබේ නම් අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසත්, එසේ නැති නම් මේ අසත්‍ය චෝදනා නඟන කෙනාට නීතිය අනුව කටයුතු කරන ලෙසත් රංගේ බණ්ඩාර රනිල්ගෙන් ලිඛිතව ඉල්ලීමක්ද කර තිබේ.

ස ජ බ සභාපති ඉම්තියාස්මයි.

සමගි ජන බලවේගයේ සභාපති ධුරයට නැවතත් හිටපු සභාපති වූ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කරන බව එහි නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කොළඹ හයිඩ් පිටියේදී පැවැති ‘දුර දකිමු පෙළ ගැසෙමු අනාගතය ගොඩනඟමු’ යන මැයෙන් පැවති සජබ වාර්ෂික සම්මේලනයට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

සිය කතාව ආරම්භයේදීම පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා නායකයන් පත් කරමින්, ප්‍රථමයෙන්ම, තමාගේ යෝජනාවක් ලෙස පක්‍ෂයේ සභාපති ධුරයට ඉම්තියාස් මහතා පත් කරන බව ඔහු සඳහන් කළේය. ඊට අමතරව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්වරුන්ම යළි පත් කරන බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය. එහිදී වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ කිසි සේත්ම සෑහීමකට පත් විය නොහැකි බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කොට සජබය ‘පොදුජන හිතකාමි පුනරුදයක්’ ආරම්භ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රහසේ රනිල් හමු වීමට පැමිණි දෙදෙනා කවුද?

විශේෂ අමුත්තෝ දෙන්නෙක් පසුගිය බ්‍රහස්පතින්දා උදේ මල් පාරේ කාර්යාලයට ඇවිත් රනිල් හමු වූහ. ඒ, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනපති දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂයි. මේ දෙදෙනා සහ රනිල් අතර පැවති හමුව ඉතා රහසිගත විය. එහිදී කතා කළ කිසිවක් එළියට නොදීමට දෙපාර්ශ්වයම පියවර ගෙන තිබිණි.

ඒ සමගම රටේ ඉහළම මට්ටමට පැමිණි නායකයන්ගේ විශේෂ හමුවක් ලබන සඳුදා පැවැත්වීමට සැලසුම් කෙරෙමින් තිබේ. හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනා ඊට සහභාගි වීම විශේෂත්වයකි. කාට නැතත් අනුරට නම් මේ හමුව අභියෝගයක් වනු ඇතැයි දැනගන්නට තිබේ.

චාමර සම්පත් බෙදාගෙන කයි

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රැඳවියන් සමග ඉතා සුහදශීලිව ගත කරන බව වාර්තා වේ. ඔහු දැනට සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම් වාට්ටුවේය. චාමර සම්පත්ට ආහාර ගෙන යන්නේ ඔහුගේ නිවෙසින්ය. තමාට ලැබෙන ආහාරවේල අනෙකුත් රැඳවියන් සමග බෙදා හදාගෙන කෑමට චාමර සම්පත් පුරුදුව සිටී. ඔහු රාත්‍රී කාලයට ගන්නේ ඉතා සැහැල්ලු ආහාරයක් වන අතර ඇතැම් දිනවලට ආහාර නොගෙනම ඔහු නින්දට යන්නේ බර අඩු කර ගැනීම සඳහාය.

රක්ෂිත බන්ධනාගාරගත වූ පළමු දිනයේ රාත්‍රී ආහාරය ගැනීමට චාමර සම්පත්ට සිදු වූ අතර, එදින බන්ධනාගාරයෙන් ලැබුණු ආහාරය ගැන බන්ධනාගාර නිලධාරීන්ට ස්තුති කිරීමට චාමර අමතක නොකළේය. “කෑම එක මාර රහයි නේ අපේ නෝනා හදන පොල් සම්බෝලෙටත් වඩා මේ පොල් සම්බෝලේ රසයි,” යනුවෙන් චාමර බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර තිබිණි.

මෛත්‍රි, රනිල් ළඟට.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ සිය දේශපාලන මෙහෙයුම් වැඩකටයුතු ගැන සාකච්ඡා කරන්නට මල් පාරේ කාර්යාලයේ විශේෂ රැස්වීමක් කැඳවූයේය. ඒ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ඇමැති රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, සාගල රත්නායක, ප්‍රේමනාත් සී. දොළවත්ත ඇතුළු දේශපාලනඥයෝ පිරිසක් පැමිණ සිටියහ.

“සමහරු මගෙන් අහනවා ඒ දවස්වල නයයි පොළඟයි වගේ නේද ඔය දෙන්න හිටියෙ කියල. මම ඉතින් කියලා දුන්නා නයයි පොළඟයි වගේ විරුද්ධ වෙලා හිටියේ නෑ. ඒත් සමහර දේශපාලන කරුණුවලදී අපි දෙන්නාගේ මතය දෙකක් වුණා. ඒ තැන්වලදී ගැටුණා. ඒත් සමස්තයක් හැටියට අපි ඒ ආණ්ඩුව කාලෙ තමයි මේ රටේ ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයෙන් තියාගත්තේ. 2015-2018 කාලේ අපේ රටේ ආර්ථිකය හොඳට වර්ධනය පෙන්නුම් කළා. හැම වෙලාවේම ප්‍රාග්ධන ගිණුම් ඒ කාලෙ තිබුණේ ධන අගයක. කවදාවත් මේ රටේ රාජ්‍ය නායකයකුට ආරාධනා කරලා නැති ජී-7 සමුළුවට අපේ ජනාධිපති හැටියට ඔබතුමාට ආරාධනා කළා. ලෝකයේ බලවත්ම නායකයන් හත්දෙනා එකට හමු වන සමුළුව තමයි ඒ. ඔබ ඊට සහභාගි වීම රටට ගෞරවයක්,” රනිල් විස්තර කළේය.

නාමල් අත්දෙකම ඔසවයි

නාමල් රාජපක්ෂ ක්‍රිෂ් ගනුදෙනුවේ නඩු කටයුත්තකට ඉකුත්දා කොළඹ අධිකරණ සංකීර්ණයට ආවේ හිතවතුන් පිරිසක්ද සමඟිනි. නීතිඥවරයකුද වන නාමල් ‍පොලිස් නිලධාරීන්ට මෙහෙම කතාවක් කීවේ තම දෑතම ඔසවාගෙනය. “හොඳට චෙක් කරන්න. නැත්තං ඇතුළෙදි කවුරු හරි වෙඩි තිබ්බොත් ඒකත් මගෙ පිටින් යයි!” පොලිස් නිලධාරීහු සිනා සෙමින් නාමල් රාජපක්ෂ පරීක්ෂා කළහ.

වජිර ඇතුළු එජාප ප්‍රබලයෝ උතුරට

මෙවර පළාත් පාලන මැතිවරණයට සමගාමිව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි එජාප මහලේකම් තලතා අතුකෝරලගේ සංවිධායකත්වයෙන් උතුරු නැඟෙනහිර පළාත් පාලන ආයතන සඳහා තරග කරන අපෙක්ෂකයන්ගේ විශේෂ රැස්වීම් මාලාව පසුගිය බදාදා දිනයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

උතුරු නැඟෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංවිධානය කොට තිබෙන මේ සියලු රැස්වීම් සඳහා වජිරට අමතරව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිලත්, මහලේකම් තලතාත් උතුර පළාතේ දිස්ත්‍රික්ක වෙනුවෙන් පැවැති වැඩසටහන් සඳහා යාපනය දිස්ත්‍රික් නායක විජයකලා මහේෂ්වරන් සහභාගි වී තිබිණි. මේ අනුව වජිරත්, අකිලත්, තලතාත් උතුරු නැඟෙනහිර සියලු දිස්ත්‍රික්කවලට ගොස් අපේක්ෂකයින් මුණගැසී ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සහ එහි නායක රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය පිළිබඳ අවබෝධයක් දුන්නේ ඒ පණිවිඩිය ඔවුන් හරහා ගමට ගෙන යෑමේ අරමුණිනි.

වජිර, තලතා, අකිල ඇතුළු පිරිසට උතුරු නැඟෙනහිරදී විශේෂ පිළිගැනීමක්ද ලැබී තිබූ අතර, ඔවුන්ද මේ අපෙක්ෂකයන් සමඟ බොහෝ වේලාවක් ගෙන ඔවුන්ගේ සහ පළාතේ තොරතුරු සාකච්ඡා කරමින් ඉතා සුහද ආකාරයෙන් මෙම රැස්වීම් පවත්වා තිබීම විශේෂත්වයක් විය. මේ රැස්වීම්ට මාධ්‍යය හිතවතුන්ද පැමිණ සිටි අතර, වජිර ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමඟද ඔවුන්ගේ ප්‍රදේශවල තිබෙන ගැටලු සහ වෙනත් කාරණා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණි.

කෙසේ වෙතත් මේ රැස්වීම්වලදී වජිර වඩාත් සාකච්ඡාවට භාජනය කර තිබුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සම්බන්ධතාව ශක්තිමත් කිරීම පිළිබඳවයි. මක් නිසාද යත්: මේ ප්‍රදේශවල සිටින ද්‍රවිඩ ජනතාව ඉන්දියාවත් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවත්වන නිසා විය හැකියි.

ඉන්දියාවේ වැදගත්කම වජිර පෙන්වා දෙයි

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයේ සඳහන් කර තිබෙන්නේ, මෝදි අගමැතිතුමා නායකත්වය දරන ඉන්දීය රජය සමඟ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නායකත්වය දුන් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම් තවදුරටත් ආරක්ෂා කරන්න කියලා. ඒවා හේතුවක් නැතිව කඩා දමන්න එපා කියලත් එතුමා ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන්ම අපේ ආණ්ඩුව පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් අනුමත කළා. අප ඒ වැඩ කටයුත්ත කළේ මේ රටට බලශක්තිය වුවමනා වූ නිසයි. එම විදේශ ආයෝජන සමඟ රටේ අලුත් ආයෝජන ඇති කිරීමට ඒ බලශක්ති යෝජනා ක්‍රම සඳහා විදේශ ආයෝජන ලැබුණා. ඩොලර් බිලියන දෙකක් හෝ දෙක හමාරක පමණ ව්‍යාපෘති ඒ අනුව අපේ රජය අනුමත කළා. දැන් මෝදි අගමැතිතුමා ලංකාවට එනවා. අපි රටක් වශයෙන් දියුණු වෙන්න අවශ්‍ය නම් අපි ආසියාව සමඟ තරග කරන්න ඕනෑ. දැන් එහෙම අත්සන් කළ ගිවිසුම් කවුරුහරි අවලංගු කළොත් ලෝකයේ කිසිම රටක් අපව විශ්වාස කරන්නේ නෑ. මෙය රටට ඉතා අහිතකර තත්ත්වයක්. බංකොලොත් වුණු රටක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විශාල කැප වීමක් කරලා තමයි‍ ෙම් තත්ත්වයට ගෙන ආවේ. ඉතින් දැන් මේ ඩොලර් බිලියන 2 අවලංගු කළොත් නැවත කොහෙන්ද ඒවා හොයාගන්නේ? අපට වතුර බොන්න වෙන්නෙත් නෑ. ඉඩම් ගන්න වෙන්නෙත් නෑ. අලි වැට හදාගන්න වෙන්නෙත් නෑ. නළ ළිං හදාගන්න වෙන්නෙත් නෑ. නැවත වරක් අපි රටක් ලෙස දුප්පත් වෙනවා,” යනුවෙන්ද වජිර අබේවර්ධන විසින් පෙන්වා දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *