
ශ්‍රී ලංකාවේ ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වන නෙළුම් කුළුණ චිත්‍රපටය කැනඩාවේත් සමහර නගරවල ප්‍රදර්ශනය කෙරුනා. එය අධ්‍යක්ෂණය කල ඉලංගෝ රාම් කල එහි දමිළ චිත්‍රපටය මේ වනවිට නෙට්ෆ්ලික්ස් හරහා ඔබට බලන්නට පුළුවන්. මේ ඒ ගැන විවිධ අය නිදහසේ මුහුණු පොතේ ලියූ සටහන් කිහිපයක්

Tentigo ගැන කෙලින්ම ලිව්වා..
අවස්ථාවක් ලැබැනු ගමන් කෙලින්ම ගිහිං නෙළුම් කුළුණ බැලුවා. ට්‍රේලර් එක බලපු වෙලාවෙම මේක අනිවර්යයෙන්ම බලන්න ඕන කියල හිතාගත්ත.
මේක ගැන මගේ අදහසත් මං කෙලින්ම කියල බලන අයට ඉතුරුහරිය බාරදෙන්නං.
මට අනුවනං මේ කතාව තව සෑහෙන්න වැඩිදියුණු කරන්න තිබුනු වැඩක්. බොහෝ දෙනෙක් වගේම මමත් මේක බලන්න බලන්න යන්න කලින්ම දැනගෙන හිටපු තාත්තාගේ කෙලින් කතාව අපිට ෆිල්ම් එකේ විනාඩි 10ක් යන්නත් කලින්ම දැනගන්න හම්බවෙනව. ඒක සිරා ප්ලොට් එකක්.
තීරණාත්මක මහා සංසිද්ධියට කෙලින්ම එන්ටර් වෙන ඉලංගෝට එතනින් එහාට මේකෙ මොකද්දෝ ආතල් එකක් මිස් වෙලා වගේ මටනං හිතුනෙ. හෙනම ප්‍රැක්ටිකල් නැති තත්වයක් ඇතුලෙ කතාව හිරවෙලාද කියලත් එක වෙලාවක දැනුන. ගුරුකං සිද්දිය, පෙට්ටි මාරු සිද්දිය හරිම බොළඳව කාලෙකන්නම ඔබල කෙලින්ම අතෑරල දානව. හරියට බැලුවොත් ඒවගෙං කතාවට කිසිම ඉම්පැක්ට් එකක් වෙලා නෑ. ඉන්ටවල් එක වෙනකල්ම කෙලින් කතාවක පවුල විසින් හදාගත්තු අස්වාභාවික අපබ්‍රංශ උභතෝකෝටිකයක බලන අපිව හිරකරන්න හැදුවත් ඒක හරියට සෙට් නෑ මචං. සිද්දිය ඇදෙනව වැඩි නිසා අපිට ඒක කෙලින්ම දැනෙන්නෑ..
කෙලින්ම කිව්වොත් ඇත්ත මලගෙවල්වල යන එන එවුංගෙ මීට වඩා ආතල් කෝටියක් හොයාගන්න පුලුවන්. ඇත්තටම මලගෙවල් ආතල් එක ගැන ටච් කරගන්නවත් බැරිවෙලා තිබුන. මේක මේ සිද්දි ටික වුනත් හරියට පැක් කරල කෙලින්ම ෂෝට් ෆිල්ම් එකකටනං ගන්න පුලුවන් කිසි ඇදයක් නොහිටින්න.
සිනමැටෝග්‍රැෆි, මියුසික්, ඇක්ටිං, ග්‍රේඩින් අතින් සැලකියයුතු මට්ටමක තියෙනව. අනිත් පැතිවලින්නං මේක හොඳටම මදි මචං. කිව්වට තරහවෙන්නෙපා පොඩ්ඩක් කම්මැලි නොවී බැක් ස්ටෝරි එකක්, අතුරු කතාවක්, අඩුම තරමෙ තව ට්විස්ට් කීපයකටවත් ගියානං මේකෙ තියන හෙන ඒකාකාරීගතිය කඩල වැඩේ ටිකක්හරි ඉන්ට්‍රස්ටිං කරන්න තිබුන. ප්ලොට් ට්විස්ට් වගේ පේන්න ගෙනල්ල තියෙන එලිමන්ට්ස් ස්ට්‍රෝං මදි.
ස්ක්‍රිප්ට් එකේ අල්ලන නාඩි තත්පර කීපයකින් අතෑරල දානව. චරිත වල ගැඹුර හැදෙන්න, චරිත ගොඩනැඟෙන්න ස්ක්‍රිප්ට් එක ඇතුලෙ ඉඩක් නෑ. සමහර තැන් වලදි දෙන්න ට්‍රයි කරපු සංවේදී ඩයලොග් පවා කෙලින්ම කියාගෙන යනව විතරයි. දැනෙන්නෑ.
කෙලින්ම කියන්නං. ලංකාවෙ මළගෙදරක් කියන සංකල්පයම මේක ඇතුලෙ අල්ලගෙනම නෑ. නෑදෑ සනුහර කෙලින පිස්සු, යාලු හිතමිත්‍රාදීන් නටන නැටුං එක්ක මේක කෙලින්ම රස සාගරයක් කරන්න තිබුනු වැඩක්.
අපරාදෙ.. කෙලින්ම කිව්වොත් ඇද වැඩක්..
Asanka M Warnakulasooriya
https://www.facebook.com/groups/723878927952510/user/100009655981703

මේ චිත්‍රපටය ගැන වැඩි විස්තර කැමති අයට මේ දිගුවෙන් විකිපීඩියාවට යන්න පුළුවන්
https://en.wikipedia.org/wiki/Tentigo

කෙටියෙන්ම කිව්වොත්, එල කිරි! ඉතා හොද චිත්‍රපටයක්.
කෙටියෙන්ම කිව්වොත්, එල කිරි! ඉතා හොද චිත්‍රපටයක්. සෑහෙන්න හිනා වුනා, හිනා ගියා අපි කට්ටියටම. සාමාන්‍යයෙන් ලංකාවෙන් එන/හදන "කොමඩි" චිත්‍රපටි වලට වඩා වෙනස්, අලුත්ම විදිහේ නිර්මාණයක්. අලුත් කිව්වට මේක ලංකාවේ අයට තමා අලුත්, නමුත් බටහිර රටවල් වල මෙවැනි "intelligent" එහෙම නැත්නම් මොලෙන් දෙන කොමඩි චිත්‍රපට නිතර හැදෙනවා. ඒ නිසා සමහර ලංකාවේ අයට මේක අල්ලන්නෙත් නැති වෙන්න පුළුවන්! එක සමහර ලංකාවේ බලපු අයගේ කොමෙන්ට් බැලුවම පේනවා. කට්ටියක් මේක කුණු හරුප තෙමාවක්ලු (සමහර මැට්ටෝ, ප්රචාරක මාධ්‍ය වල වැඩිහිටියන්ට වඩා සුදුසුයි කියලා දන්වලා තිබිලත් පොඩි ළමයි අරගෙන ගිහින් චිත්‍රපටයට බනිනවා), තවත් අය මේක ඉන්දියාවේ කොපියක්ලු (අනේ මන්දා අපේ ලිං මැඩියෝ කියවලා හොයල බලන්නේ නෑ මේක ඉන්දියාවේ පසුව හැදුවේ (remake) මේක හදපු අධ්‍යක්ෂක ඉලන්ගො මහත්මයාම තමා කියලා), තවත් අයට මේකට හිනා යන්නේ නැතිලු!
ඒ අන්තිම එකට හේතුව තමා කලින් අපේ හදපු කොමඩි වල තියෙන ඇක්ෂන් දාපු, ඕවර් ඇක්ටින් කරන, හැම නලුවටම හිනා වෙන්න දෙබස් දාපු චිත්‍රපට පුරුදු වුන නිසා. නෙලුම් කුලුනේ එහෙම නෑ. හිනා යන්නේ ඉතා සියුම් දේවල් වලට, මොකද රගපාන්නේ දක්ෂ නළුවෝ මිසක්, විකටයෝ සහ කවටයෝ නෙමේ! ඒ අයට ඉතා හොද තිර පිටපතක් දීලා තියෙනවා රගපෑමෙන් අපිව හිනා ගස්සන්න. සමහර වෙලාවට හිනා යන්නේ සීන් එකේ background එකේ වෙන ඉතා පොඩි දේවල් වලට. ඒවා හොදට සෝදිසියෙන් බලා ඉන්න ඕනේ.... ඒකයි මේක intelligent කොමඩියක් කියන්නේ. කතා වස්තුව දුක් විය යුතු එකක් (dark) නමුත් ඒ වටා ගමක සාමාන්‍යයෙන් වෙන සිද්දි ඉතා හොදට පෙන්නලා තියෙනවා. ඒ අනික් එක... ගමක මල ගෙයක් කියන්නේ නගරයේ එකකට වඩා වෙනස්ම සින් එකක්. ප්‍රධාන නළුවෝ දෙන්නා, අයියයි මල්ලියි. ඒ දෙන්නාගේ චරිත විදිහ දෙකක්. දෙන්නම අපිව එකපාර හිනා ගස්සන්න යන්නේ නෑ. විටෙක එකෙක් සහ තව වෙලාවකට අනෙකත් ඒ අයගේ චරිතයේ හැටියට රගපානකොට හිනා යනවා. The chemistry between the 2 actors is great. Usually in Sinhala movies every character tries to outdo the other, and it's over the top action packed silly scenes. In this movie one is written as a serious brother, while the other a bit more laid back, somewhat of a nitwit who compliments the other to bring out the humour!
රගපාන නළුවෝ ගැන කියන්න දෙයක් නෑ, හැමෝම වගේ සම්මාන දිනපු හෝ දිනන්න ඉන්න අය. ඉලන්ගෝ ඒ අයගෙන් හොදට වැඩ අරන් තියෙනවා. සින්දු නෑ වගේම පසුබිම් සංගීතයත් නෑ වගේ තමා... එක පොඩි theme music එකක් විටින් විට ඇහෙනවා, අවශ්‍ය වෙලාවට. සමහර අයට මේක ටීකාක් විතර හෙමින් යන (slow moving) චිත්‍රපටයක් විය හැකියි. මට නම් එහෙම නෑ මොකද කලින් කිව්වා වගේ, හෙමින් ගියත් සීන් එකේ background වල නොයෙකුත් දේ වෙනවා හිනා යන්න! මම මේ චිත්‍රපටියේ preview එකේ රිලීස් නොකරපු, සමහර අය ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු හිනා යන සීන් කීපයක් දැකලා තිබ්බා, කතාවත් ඒ නිසා දැනගෙන් හිටියා! නමුත් එත් එක හරහට හිටියේ නෑ, හිනාවෙලා ආවා කියන්නෙම ඉතින් චිත්‍රපටය හොදයි කියන එකයි. (but guys please do not record the movie and post on YouTube or social media! That's a disservice to the movie and producers, who spent a lot making it for us!
පළමු වර අධ්‍යක්ෂකයෙක් හැටියට ඉලන්ගෝ ඉතා හොද වැඩක් ලියලා, ඩිරෙක්ට් කරලා තියෙනවා.. ලංකාවේ චිත්‍රපට වල අනාගතය හොදයි මේ වගේ ඒවා හදුනෝතින්... ඒ නිසා හැමෝම යන්න කියලයි මම කියන්නේ. අවසාන වශයෙන්, මේක කුණුහරුප එකක් නෙමේ. අවාසනාවන්ත ලෙස වුනු සිද්දියක් තුල, එකිනෙකා හැසිරෙන විදිහ, සමාජය බලන විදිහ ගැන කියවීමක් තියෙන්නේ. කොහොමත් ලංකාවේ අපි සමහර දේවල් ගැන කතා කරන්න open නැහැ! ඒ අතින් අපි පසුගාමිකයි! අපේ සංස්කෘතිය ඉස්සරහට දාලා වැල් බයිලා කියනවා. සමහර දේවල් සංස්කෘතියෙන් රැකෙන්න ඕන, නමුත් මේ වගේ සිද්දියක් හිනාවෙන් රස විදින්න පුරුදුවෙන්නත් ඕන.
https://www.facebook.com/rajinda.gunasena
