හිඟ මුදල් ගෙවා ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ගෞරවනීය ලැයිස්තුවට.

ශ්‍රී ලංකාව 2025 සඳහා එක්සත් ජාතීන්ගේ හිඟ මුදල් සම්පූර්ණයෙන් ගෙවා දමා ඇති අතර එහි සාමාජික රටවල් 193 න් ගෞරවනීය ලැයිස්තුවේ ඇති රටවල් 93ට ඇතුළත් වී තිබේ.

“සාමාන්‍ය අයවැය සඳහා සම්පූර්ණ ගෙවීම සම්බන්ධයෙන් කොළඹ සිටින අපගේ මිතුරන්ට අපි ස්තූතිවන්ත වනවා. ශ්‍රී ලංකාව එම මුදල් ගෙවීමත් සමග 2025 දී හිග මුදල් සම්පූර්ණයෙන් ගෙවා ඇති සාමාජික රටවල් සංඛ්‍යාව 93 ක් වුණා” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකා Stéphanie Tremblay දෛනික ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය.සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, ශ්‍රී ලංකාවේ වාර්ෂික සාමාජික ගාස්තු ඩොලර් මිලියන 1.3 ක් පමණ වන අඩු අගයක පවතී.

තවමත්, කුඩා දූපත් ලෙස සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් 39 න් එකක් ලෙස වර්ගීකරණය කර ඇති මාලදිවයිනේ වාර්ෂික ගෙවිය යුතු මුදල ඩොලර් 136,000 ක් පමණ වේ.බොහෝ දුරට සාමාජික රටවල් විසින් හිග මුදල් නොගෙවීම හේතුවෙන් මුදල් අර්බුදයකට මුහුණ දී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට වියදම් කප්පාදුවක නිරත වී සිටින අතර එහි වාර්ෂික වියදම් මෙන්ම කුලියට ගැනීම් කළමනාකරණය කරමින් සිටියි.

නමුත් එහි විශාලතම ගෙවීම් පැහැර හැරීම වාර්තා වන්නේ එක්සත් ජනපදයෙන් බව පැවසේ.එක්සත් ජනපදය විශාලතම දායකයා ලෙස, එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැයෙන් 22% ක් සහ සාම සාධක අයවැයෙන් 27% ක් ගෙවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි. ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, කලින් පුරෝකථනය කළ සියයට 4.4 ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය හේතු වී ඇති බව ලෝක බැංකුව නිකුත් කරන ලද මෙම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *