
කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කැනඩාවේ වෙසෙන පිලීපින ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ වීදි උත්සවයක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
ජනතාව අතරට අදාළ මෝටර් රථය ධාවනය කරවූ 30 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැන්කුවර් නුවර පදිංචිකරුවෙකි.මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව සඳහන් වේ.
සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර මෙම අනතුරු පසුගිය 26 වන සෙනසුරාදා එරට වෙලාවෙන් රාත්‍රී 8ට පමණ (GMT 03:00, BST 04:00) සිදු ව තිබුණි.
පිලිපීනයේ විශාලතම සැමරුමක් ලෙස සැලකෙන, ලපු ලපු දින සැමරුමක් කැනඩාවේ වැන්කූවර් නුවර පැවැත්වෙන අතරතුර අනතුර සිදුව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය ශෝකය පළ කළේ ය.