

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබූ පසුගිය මැයි (01 වැනිදා) දිවයින පුරා මැයි දින රැලි 47ක් පැවැත්වීමට දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන කටයුතු කෙරිණි.ඒ අනුව කොළඹ නගරය ආශ්‍රිතව පමණක් මෙවර මැයි දින රැලි සහ කම්කරු දින සැමරුම් උත්සව 19ක් පැවැත්විය. ඉකුත් වසරේදී (2024) දිවයින පුරා මැයි දින රැලි 74ක් පැවතුණද මෙම වසරේදී ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් මැයි දින රැලි නොපැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ද මෙවර කම්කරු දින සැමරුමක් පැවැත්වූයේ නැත.
මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය පළමු වරට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීනි. මෙම රැලිය සඳහා දිවයිනේ සෑම ඡන්ද කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ලක්ෂ එක හමාරක පිරිසක් ගාලු මුවදොර පිටියට රැගෙන ඒමට කටයුතු කල බව ජාතික ජන බලවේගය සඳහන් කළේය.එම පක්ෂය විසින් ඉකුත් වසරේදී (2024) මැයි දින රැලිය පවත්වනු ලැබුවේ විහාරමහාදේවී උද්‍යානය අසල ඇති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී ය.
සමගි ජන බලවේගයේ සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මැයි දින රැලි පවත්වනු ලැබුවේ තලවකැලේ ලිඳුල නගර සභා ක්‍රීඩාංගණයේදීය. ඉකුත් වසරේදී සමගි ජන බලවේගයේ මැයිදින රැලිය පැවතියේ කොළඹ කොටුවේදීය. මීට අමතරව සමගි ජන බලවේගය විසින් අනුරාධපුර පොලිස් ස්ථානය අසල වටරවුමේ ඉදිකර තිබෙන හිටපු අගමැති ඩී.එස්. සේනානායක පිළිරුව අසලදී ද කම්කරු දින සැමරීමක් පවත්වනු ලැබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැලිය පැවැත්වූයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීය. ඉකුත් වසරේදී එම රැලිය පැවැතියේ කොල්ලුපිටියේදීය.
සර්ව ජනබලයේ කම්කරු දින සැමරුම් වැඩසටහන වරකාපොළ සතිපොළ භූමියේදී පැවැත්වීමට කටයුතු කෙරිණි. ‘ඉන්න තැනින් ඉස්සරහට’ මැයෙන් සර්වජන සැමරුම පවත්වනු ලබුවේ සර්වජන වෘත්තිය සමිති කේන්ද්‍රය විසිනි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැලිය බගවන්තලාව දණ්ඩායුධපානි කෝවිල් උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින සැමරුම අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුව අසල රොටුන්ටා වටරවුමේ පිහිටි ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් ආරම්භ විය. ‘බොරුව නවතනු පොරොන්දු ඉටු කරනු’ තේමාව යටතේ ලෝක කම්කරු දින සැමරුම් උත්සවය පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ව මැයි දින රැලිය කොම්පඤ්ඤවීදිය හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
ලංකා සම සමාජ පක්ෂයේ කම්කරු රැලිය කුරුඳුවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ සිට ගමන් ආරම්භ කර විහාර මහා දේවී එළිමහන් රංග පීඨය දක්වා ගමන් කෙරිණි. ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මැයි දින රැලිය පලෛයි පච්චලපලෙයි නගරයේ බස් නැවතුම්පොළ අසලදී පැවැත්විය.
ජනසෙත පෙරමුණේ කම්කරු රැලිය කතරගම දෙටගමුව වැව අසල සිට කතරගම බස් නැවතුම්පොළ දක්වා ගමන් කිරීමට පියවර ගෙන තිබිණි.දෙවන පරපුර පක්ෂයේ මැයි දින රැලිය ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
එක්සත් සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය ඔරුගොඩවත්ත රජයේ ගබඩා සංකීර්ණය අසල සිට කොස්ගස් හන්දිය දක්වා ගමන් කල අතර, සමාජවාදී ජනතා පෙරමුණේ මැයි දින රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
ලංකා කම්කරු පක්ෂයේ මැයි දින රැලිය කෙසෙල්වත්ත ගුණසිංහපුර ඊ.ඒ. ගුණසිංහ පිළිරුව අසලදී පැවැත්විය.
ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ගුණානුස්මරණ කමිටුව විසින් පවත්වනු ලබන මැයි දින රැලිය කෙසෙල්වත්ත පොලිසිය අසල පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදීත්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කම්කරු රැලිය වැලිකඩ පිහිටි එම වෘත්තීය සමිති මූලස්ථානයේදීත් පැවැත්විය.
ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ඒකාබද්ධ මැයි දින වැඩසටහන අතුරුගිරිය ජනෝදාන ශාලාවේදී පැවැතියේ එම මණ්ඩලයේ සභාපති, මහජන එක්සත් පෙරමුණේ සභාපති හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. කොණ්ඩා මෝස්තරකරුවන්ගේ සංගමයක් විසින් ද මෙවර මැයි දින රැලියක් කල්මුණේ ප්‍රදේශයේදී පැවැත්වීය..