
පසුගිය ඉරිදා පැවති BMO වැන්කුවර් මැරතන් තරඟයට වාර්තාගත පිරිසක් සහභාගී වූ බව සංවිධායකයින් පවසති.කැනඩාවේ විශාලතම මැරතන් තරගය ලෙස සැලකෙන මෙම තරගය 1972 දී ආරම්භ වූවකි.පසුගිය ඉරිදා පස්වරුවේ මැරතන්, අර්ධ මැරතන් සහ කිලෝමීටර් අටක සහ ළමා ධාවන තරඟ සඳහා රටවල් 60 කට අධික සංඛ්‍යාවකින් 25,000 කට අධික පිරිසක් එක්වූ බව සංවිධායකයින් ගණන් බලා තිබේ.
මෙම මැරතන් තරගයට එක්වූවන් අතරින් පිරිමි අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ ඩොමිනික් ආර්ස් (2:14:33) සහ කාන්තා අංශයෙන් ඩේනා පිඩොරෙස්කි( 2:35:07) හිමිකර ගැනීමට සමත්විය.
අර්ධ මැරතන් ශූරයන් වූයේ පිරිමි (1:04:10) කින් නිම කළ ඇන්ඩෲ ඩේවිස් සහ කාන්තා (1:17:09) කින් නිම කළ මෙලිසා පෝවේ ය.
මෙම ඉසව්ව සෑම වසරකම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිට ආධුනිකයින් දක්වා සෑම කෙනෙකුම ආකර්ෂණය කරයි. සෑම කෙනෙකුටම දිවීමට තමන්ගේම හේතුවක් ඇති අතර, බොහෝ දෙනෙක් යම් අරමුණක් සඳහා අරමුදල් රැස් කිරීමේ ඉලක්කය සහිතව ඊට එක්වේ. ෙමාස හයේදී කොඳු ඇට පෙළේ මාංශ පේශි ක්ෂය වීම හඳුනා ගන්නා ලද 15 හැවිරිදි චාලි-ඈන් කොක්ස් සමඟ චෙරී එහෙර්ට් සහ ඩෲ ස්කොලන් පසුගිය ඉරිදා අර්ධ මැරතන් තරගයට එක්විය.
"පසුගිය වසර කිහිපය තුළ ඊට සහභාගිවූ ලාබාලතම මැරතන් ක්‍රීඩිකාවයි ඇයයි. ඇගේ පළමු තරගය වයස අවුරුදු 10 දී සිදු විය. කණ්ඩායමක් ලෙස ශාරීරික ක්‍රියාකාරකම් කිරීම අපට බොහෝ දේ අදහස් කරයි."ඇය පැවසීය.තවත් ධාවකයියක් වන කේටි ක්‍රීල් පැවසුවේ පිළිකා රෝගයෙන් පෙළෙන තම සහකරුගේ දෙමාපියන්ට ගෞරව කිරීම සඳහා ඇය මැරතන් ධාවනයට එක්වූ බවයි. මෑතකදී උරහිසේ ආබාධයක් තිබියදීත්, ඇය කිලෝමීටර් අටක ධාවන තරඟයට එක්ව තිබිණි.
වැන්කුවර් පොලිස් දෙපාර්තමේන්තු පොලිස් පරීක්ෂක ජෙෆ් නියුමන් පැවසුවේ BMO ධාවනය සදහා ස්වේච්ඡා සේවකයන් දහස් ගණනක් සමඟ නිලධාරීන් 200 ක් සම්බන්ධ වූ බවයි. තවත් අර්ධ මැරතන් ධාවකයන් දෙදෙනෙකු වන මොනිකා වොච් සහ ඇම්බර් ටුලිසි දෙදෙනාම පැවසුවේ තමන්ට ඉතා ආරක්ෂිත බවක් දැනුනු බවයි."සෑම තැනකම පොලිස් ආරක්ෂාව තිබුණා, එක පාරක්වත් මට අනාරක්ෂිත බවක් දැනුනේ නැහැ - ඒක අපූරු දවසක්" යැයි ටුලිසි තවදුරටත් පැවසීය.