ශ්‍රී ලංකාවේ පසුගිය වසර 10ක තුළ වැඩර්වජන 386ක්.

පසුගිය වසර 10ක කාල සීමාව තුලදී මෙරට සිදු කෙරුණු වැඩවර්ජන හේතුවෙන් රුපියල් කෝටි 300 ඉක්මවූ මුදලක් අහිමිවී ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ඔහු සඳහන් කළේ, එම වසර 10ක කාලය තුලදී මෙරට වැඩ වර්ජන 386 ක් සිදුව ඇති බවත්, ශ්‍රම දින 662,388 ක් රටට අහිමිව ගොස් ඇති බවයි.

එමෙන්ම, ඔහු සඳහන් කළේ එම වැඩවර්ජන සඳහා සම්බන්ධ වී ඇති සේවකයින් පිරිස 115,356ක් වන අතර, වැඩීම වැඩ වර්ජන සංඛ්‍යාවක් ලෙස වැඩ වර්ජන 51 ක් සිදුව ඇත්තේ 2018 වර්ෂයේදී බවයි.

එම වැඩ වර්ජන අතර, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු, ප්‍රවාහන හා ඇඟලුම් යන ක්ෂේත්‍ර වල වැඩිම වැඩවර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *