ඇලබාමා ගඟ පතුලේ සිට පිටසක්වලට යන පාර,ලෝකයේ දිගම වහලයක් ඇති පාලම මැද දී හාදුවක් දුන්නොත්

ඇලබාමා ගඟ පතුලේ සිට පිටසක්වලට යන පාර

.ඇමෙරිකානු සංචාරයක මතකය ....

kennedy space centre/ airboat 'gator tour - NASA Kennedy Space ...

ඇල බාමා ගඟ පතුලේ ඇති පැතලි ගල් කාලයක් තිස්සේ සකස්‌ වී ඇත්තේ වීශාල බරක්‌ දරන්නට උපන්  හපන් කම්  දක්වමිනි . සෝවි ය ට්  රු සියාව  සහ එක්සත් ජනපදය අතර පැව ති  අභ යව කාශ  තරගයේ දී  පලමුව මිනිසෙකු සදට යැවීම සදහා ජෝන්  එෆ්  කෙන ඩි ජනාධි පති පරිපාලනය නාසා ආයතනයේ ඇපො ලෝ ව්‍යා පෘ තිය  කඩිනම් කලේය . සුවිසල් අභ්‍යවකාශ යානා ඒවා ගුවන් ගත කරන අටල්ල වෙත ගෙනයන්නට තනා ඇති කිලෝමීටර හයක ධාවන පථය එබැවින්ම සුවිසල් බරක් දරා යන ජංගම පර්යන්තයකට ඔරො ත්තු දිය යුතුය. ඇමෙරිකාවෙන් පිටසක්වලට  යන යානා සඳහා ඇලබාමා ගගේ පැතලි ගල් පාර කැපුවේ ඒ අයුරිනි .

Learning About Space Travel. Kennedy Space Centre | Homeschool ...

මේ අප ගමන් ගන්නේ ෆ්ලොරීඩාවේ කැන වරල් තුඩුවේ පිහිටි නාසා ආය තනයේ මහජන නැරබූම් සංකීර්ණයට යි . දිනක සතුටක් , ජීවිත කාලයටම අම තක නොවන අත් දැකී මක් යන් න  නාසා මහජන  නැරභු මේ තේමාව යි .

See Behind the Gates on Kennedy Space Center Tours

පිරිස් රැස් කන්නට කලින් පලමුව අප කලේ බස්රථ චා රිකාවට එකතු වීමයි. වි නාඩි  කිහිපයක ගමනකි න් පසු අප නත ර වුයේ  සුවිසල්  යානා තනන  පර් ය න්තය අසලයි. රියදුරු මහතා විවිධ දෑ පෙන්වමින්.විස්තර කරයි . ටොන් දහස් ගණනක් බර අභාවකශ යානා ඒවා ගුවන් ගත කරන අංක 39 දරන අටළු වෙත ගෙනයන්නේ ජංගම පර් යන්තය තුල සිටුවා ඉහතින් සඳහන් කල විශේෂ ධාවන පථය මතිනි.

Nasa's Orion spacecraft prepares for key safety test as it rushes ...

ඉන්ධන නොපිරවූ රොක ට්ටු වලට ඉන්ධන පුරවන්නේ අටළු වෙත ගෙන ගොස් සවිකිරීමෙන් පසුවය. 38 වතාවක් අසාර්ථක වූ අභ්‍යවකාශ ගුවන් පරීක්ෂණ වලින් පසු සාර්ථක වූ 39 වැන්න සිහි කරමින් එම අටළු අංක 39 න් නම් කර තිබේ.

මෙවන් ගුවන් ගත කිරීම් සඳහා මෙතැන තෝරා ගත සැටිත් ප්‍රදේශයේ පිහිටීම ,දේශගුණය ,පරිසරය ගැන විස්තර කරමින් අපව කැඳවා ගෙන ගියේ ඇපොලෝ මධ්‍යස්ථානය වෙතයි . මිනිසුන් සඳ වෙත ගෙනගිය ඇමෙරිකානු මෙහෙයුම් මතක මෙහි එක්  රැස්  කොට තිබේ. යානාවල කොටස් , අභයවකශගාමින් ප්‍රවාහනය කල ගොඩබිම් රථය , කැප්සියුලය , චන්ද්‍ර යානය පමණක් නොව මෙහෙයුම් මැදිරියද මෙහිදී ඔබට දැකගත හැකිය. එහිදී ඔබ දකින වාර්තා චිත්‍රපට ඔබට ලොව අන් කොතැනකදීවත් දැකිය නොහැකි සුවිශේෂ  ඒවාය.

මතභේදයට තුඩු දුන් ඇමෙරිකානු පළමු සඳ මත පා තැබීම කෙසේ වෙතත් ඔවුන් සඳ වෙත ගොස් ඇති වග මේ චාරිකාවට එක් වුවොත් ඔබ පිළිගනු නිසැකය. එලෙසින්ම මෙවන් සුවිසල් මෙහෙයුම් සඳහා කෙතරම් ධනය, ශ්‍රමය සහ කැපකිරීම් කල යුතුද යන්න පැහැදිලිය. සුවිසල් බිම්කඩක ඇති ඇපොලෝ මධ්‍යස්ථානයෙන් ඔබ පිටවන්නේ කුඩා හෝ සිහිවටනයක් අතැතිව බවද කිවයුතුය.

සාර්ථක සඳ ගමන් ව්‍යාපෘතිය නිමාවීමත් සමග ඇරඹුණු අන්තර්ජාතික අභ්‍යවකාශ මධය  ස්ථාන ගමන්  සඳහා සාම්ප්‍රදා යික කැප්සි යුලය වෙනුවට  ෂට ලයක්  යොදාගැනීම ඇරඹුණේ කොලොම්බ් යා  යානයෙනි. ෂ ටල නැවත නැවතත් භාවිතයට ගත හැකිය. භාවිතයෙන් ඉවත් කල ඇ ට්ලන්ටිස්  ෂ ටලයමැදිකරගෙන ඉදිවූ අං ගණය පිහිටුවා ඇත්තේ බ ස්  චාරිකාව අවසන් වන ප්‍රධාන ආගන්තුක මධ්‍යස්ථානය තුලය.

සුවිසල් තැඹිලි පැහැති ෂ ටල  ප්‍රවා හනය කරන රොකට් පද්ධතිය පිටතත් ෂ ටලය ,නියමු කුටිය ඇතුලතත් පිහිටුවා තිබේ. කැනේ ඩියා නුවන් ලෙස අපට ආඩම්බර විය හැකි කැනඩා අත ( Canada Arm) ද එහිදී දැකගත හැකිය. එහි යන ඔබට අභ්‍යවකාශ යානා අත් දැ කීමක් සිමියුලේටරය මගින් ලබාගත හැකිය.

ජස්ටින් බිබර් වැනි ලෝක ප්‍රකට පුද්ගලයන් ලියාපදිංචි වී ඇති අනාගත වාණිජ අභ්‍යවකාශ චාරිකා මෙන්ම එතෙක් මෙතෙක් ඇමෙරිකා එක්සත් ජනපදය කල මෙහෙයුම් , චැලෙන් ජර්  වැනි අභ්‍යවකාශ අනතුරු වල සම්පූර්ණ විස්තර , අනාගත මෙහෙයුම් පිළිබද බොහෝ තොරතුරු එක් කල වටිනා ක්‍රියාශීලි පරිශ්‍රයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. බොහෝ දෙනාගේ අත් සේයාරූ ගැනීමට යුහුසුළු වනු මෙහිදී සුලබව දැකිය හැකිය.

Revealing the "Secrets of the Universe" in IMAX theaters

මෙහි ඇති අයි මැක් ස් ත්‍රිමාණ සිනමා හලේදී පමණක් ඔබට දකින්නට ලැබෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාර්තා සිනමා පටය දකින විට මේ ලෝකය කොතරම් ලස්සනද , කොතරම් කුඩාද මෙන්ම මානවයා කරන අතිමහත් පරිසර විනාශය ද ඒ තොරතුරු එක් රැස් කරන්නට අභ්‍යවකාශගාමීන්

දරන වෙහෙස කොතරම්ද යන්න පෙනේ.

පිවිසුම් දොරටුව අබියස ඇති රොකට් උද්‍යානය ඉතිහාසයේ තවත් පැතිකඩක ජීවමාන සාක්ෂි සිටවූ බිම්කඩක් වැන්න . භාවිතයෙන් ඉවතලූ බොහෝ දෑ එහි මහජන ප්‍රදර්ශනය සඳ හා තබා තිබේ.

අභ්‍යවකාශ ලෝකයේ කල දවසක සංචාරයකින් පසු සැබෑ ලොවට පියමැනීම සඳහා අපි රථගාල වෙත ගියෙමු.

විස්තර  අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

ලෝකයේ දිගම වහලයක් ඇති පාලම මැද දී හාදුවක් දුන්නොත්

කැනේඩියානු සංචාරයක මතකය

 වහල සහිත පාලම් ඉදිකිරීමේ සම්ප්‍රදාය ක්‍රිස්තු වර්ෂ 1300 දී පමණ ආරම්භ වී තිබෙන්නේ ස්විස්ටර්ලන්තයේදී. 1700 දී පමණ එය ජර්මනියටත්  පැතිර ගියා. 1800 ගණන් වන විට එය  ඇමෙරිකාවට සහ කැනඩාවටත් හුරු පුරුදු දෙයක් බවට පත්වුණා.අදත් කැනඩාවේ සහ ඇමරිකාවේ විවිධ ප්‍රදේශවලින් වහලයක් ඇති පාලම් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ බදුල්ලේ තිබෙන බෝගොඩ පාලම දාසය වන සියවසේ දී ඉදිවුන එකක් බවයි කියවෙන්නේ.  The Brides of Madison county කියන චිත්‍රපටය  වහල ඇති පාලම් ජනප්‍රිය කරන්නට හේතුවුනු  බව රහසක් නෙවෙයි. ලෝකයේ තිබෙන දිගම වහලයක් සහිත පාලම තිබෙන්නේ කැනඩාවේ හාර්ට්ලන්ඩ් ප්‍රදේශයේ. එය  අඩි 1282 ක් ( 391 m ) දිගයි. ඔබ නිව් බ්රුන්ස්වික් පළාතට යනවා නම් අමතක නොකර යා යුතු තැනක් විදියට මේ හඳුන්වන්න පුළුවන්.

නිව් බ්රුන්ස්වික් පළාතට හාර්ට්ලන්ඩ් ගම්මානය අසලින් ගලා ගිය ශාන්ත ජෝන් ගඟ තරණය කරන්නට මුලින්ම තිබුණේ පාරුවක්. ශීත කාලවලදී පැන නැගුණු ගැටළු  නිසාත්,  අශ්ව කරත්ත සහ අශ්වයන්ගේ ගමනට පහසු නිසාත්,  ගඟ හරහා පාලමක් ඉදිකිරීමට පටන් ගැනුනේ 1898 දී .  කුඩා පාලම් හතක් එක් කරමින් කුළුණු පහක් මත ඒ පාලම ඉදි කෙරුණා. හාර්ට්ලන්ඩ් ගම්මානයට සැතපුම් පහක,  හයක පරිධියක සිටින ජනතාවගේ පරිහරණය සඳහා ඉදි කෙරුණු  එයට රජය ලබා දුන් මුදල ඉදිකිරීම් නිම කිරීමට ප්‍රමාණවත් වුණේ නෑ . අවසානයේදී ඉදිකිරීම් නිම කරන්නට පළාත් රජය තීරණය කළේ පාලමෙන් ගමන් පහසුකම් සලසා ගන්නා මගියෙකුගෙන් ශත තුනක් සහ අශ්ව කරත්තයකින් ශත දොලහක් එකතු කරන,  මුදල් ගෙවා තරණය කරන පාලමක් ලෙස තනා නිම කරන්නයි.  එක්දහස් නවසිය එකේ සිට එක්දහස් නමසිය හය (1901-1906) දක්වා කාලය තුළින් මුදල් අය කළ මේ පාලම 1906 දී රජය විසින් නොමිලේ භාවිතයට ඉඩ දුන්නේ ජනතාවගේ විරෝධතා ගැන සලකා බලලයි. මෙය  ඉදි කරන්නට කැනේඩියන් ඩොලර් තිස්තුන් දහසක ( CAD 33,000 )  මුදලක් වැයවී තිබෙන  බව කියවෙනවා.

1920 දී වානේ පදනමක් මත මෙය  ඉදිකරමින් ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී අශ්වයින්,  අශ්ව රථ සහ මගීන්ට ශීත කාලයේදී දැඩි හිම පතනයන් ගෙන් ආරක්ෂා වීම පිණිස භාවිතා කිරීමේ අරමුණින් මෙයට වහලයක් යෙදීමට තීරණය කෙරුණා. ඒ අවස්ථාවේ දී ඒ සඳහා සමහර පිරිස් වලින් විරෝධතා එල්ල වුණේ තරුණ ගැටවුන් සහ ගැටිස්සියන් මෙය අයථා ලෙස භාවිතා කරාවි යන අදහසින්. එයට  මුල් වුණේ අශ්ව කරත්තයකින් යන අවිවාහක යුවළක් පාලමක් මතදී  හාදුවක් දුන්නොත් ඔවුන්ගේ විවාහය ස්ථිරයි යන ඒ කාලයේ සමාජයේ තිබු සාම්ප්‍රදායික අදහසයි. ඒ කොහොම වුණත් බහුතර වාසි සහ වහල සහිත පාලම් සඳහා ඇති උතුරු ඇමරිකානු නැමියාව මෙය වහලයක් ඇති පාලමක් බවට පත්කළා.

තනි වාහන මං තීරුවකින් සහ  තනි මගී මං තීරුවකින් සමන්විත මෙහි ගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය ටොන් දහයක් (10) වුණත්,  2023 සිට ගෙන යා යුතු බර ටොන් තුනකට (3)  සහ මේ පාලම මතදී වාහනවල ගමන් වේගය පැයට කිලෝමීටර විස්සකට (20  ) සීමා කර තිබෙන්නේ පාලමේ මතු ආරක්‍ෂාව සඳහායි. මේ  පාලමේ කොටස් හතෙන් පහක් අඩි එකසිය හැට හත (167) බැගින් දිගු ඒවා වන අතර අනිත් දෙක අඩි 144 බැගින් දිගයි. 1940 දී පදික මං තීරුව වෙන් කර තනා තිබෙන්නේ මෝටර් රථ මේ හරහා යන්නට පටන් ගත් හින්දයි.  බර ඇති සහ උසැති වාහන ශාන්ත ජෝන් ගඟ තරණය කරන්නට මේ මාර්ගය මග හැර මීට නුදුරින් තිබෙන හියූ ජෝන් ෆ්ලෙමින් පාලම( Hugh John Flemming Bridge )  භාවිතා  කරනවා. 

මේ පාලම හරහා වාහනයෙන් යන එක වගේම ඇවිදගෙන යන එකත් හරිම ආශ්වාදජනක අත්දැකීමක්.  තනි මං තීරුවක් තිබෙන නිසා වාහන ගමන් කරන්නේ මාරුවෙන් මාරුවට තමන්ගේ වාරය අරගෙනයි. ඒ  වගේම වේග සීමා පනවා ඇති නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන එකත් හොඳයි. පාලම අසල හාර්ට්ලන්ඩ්  නගරයේදී ඔබට පාලම පිළිබඳ සිහිවටන ඔබේ එකතුවට මිලදී ගන්න පුළුවන්.

වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙකුට මේ දිගු ප්‍රයෝජනවත් වේවි. 

https://tourismnewbrunswick.ca/listing/hartland-covered-bridge

https://en.wikipedia.org/wiki/Hartland_Covered_Bridge

https://www.pc.gc.ca/apps/dfhd/page_nhs_eng.aspx?id=181

මේ  වන විට මෙය නිව් බ්රුන්ස්වික් පළාතේ සහ කැනඩාවේ ජාතික උරුමයක් ලෙස සංරක්‍ෂණය කෙරෙනවා. මෙයට ගෞරව දැක්වීමක් ලෙස 1988 ශීත ඔලිම්පික් ගිනි සිළුව මේ මතින් ගෙන ගිය අතර 1995 දී මේ පාලම වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කර තිබෙනවා. 

අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *