කැනේඩියානු දේපළ වෙළඳපොළ ‘සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක’  බව CREA පවසයි.

අවිනිශ්චිත වෙළඳ යුද්ධයක් මධ්‍යයේ කැනඩාවේ නිවාස වෙළඳපොළ සන්සුන් බවක් පෙන්නුම් කරන බවත්, අගයන් සෙමින් ඉහළ යාමට පටන් ගෙන ඇති බවත් නවතම දත්තවලින් පෙනී යයි.

කැනේඩියානු දේපළ වෙළඳාම් සංගමයේ (CREA) Canadian Real Estate Association නවතම වාර්තාවට අනුව , 2024 වසරේ එම කාලපරිච්ඡේදය හා සසඳන විට අප්‍රේල් මාසයේ සැබෑ නිවාස අලෙවිය සියයට 9.8 කින් පහත වැටී ඇත. මෙම අර්ථයෙන් "සැබෑ" යන්නෙන් අදහස් වන්නේ දත්ත මාසයේ වාර්තා වූ මුළු විකුණුම් ගණන ගණනය කරන බවයි.

කෙසේ වෙතත්, සෘතුමය වශයෙන් සකස් කරන ලද පදනමක් මත, අප්‍රේල් සඳහා වන වාර්තාවෙන් පෙන්නුම් කළේ ජාතික නිවාස අලෙවිය මේ වසරේ මාර්තු සිට 0.1% ක පහත වැටීමක් සමඟ නොවෙනස්ව පවතින බවයි.

" තීරු බදු ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ ජනවාරි 20 වන දින සිට විකුණුම් වේගයෙන් පහත වැටෙමින් තිබේ , අපට එය දෛනික දත්ත වලින් දැකගත හැකි විය," CREA හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෂෝන් කැත්කාර්ට් Shaun Cathcart පවසයි."ඒ නිසා මාර්තු වන විට අපි නොවැම්බර් මාසයට වඩා සියයට 20 කින් පහත වැටුණා, ඒක අති විශාලයි. අප්‍රේල් මාසයේ කැපී පෙනෙන දෙය නම් අපි කිසිසේත්ම වැටුණේ නැහැ, ටිකක් නතර වෙලා හිටියා. ඉතින් ඒ අර්ථයෙන්, මම හිතන්නේ අලුත් ඉහළ යාම සමමිතිකයි."මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී දේපළ වෙළඳපොළට එකතු වූ නව දේපළ සංඛ්‍යාව සියයට එකකින් පහත වැටී ඇති බවත්, MLS නිවාස මිල දර්ශකය (සාමාන්‍ය ලැයිස්තුගත මිල) සියයට 1.2 කින් පහත වැටී ඇති බවත් වාර්තාව පෙන්වා දෙයි.2024 වසරට සාපේක්ෂව, කැනඩාව පුරා ලැයිස්තුගත කිරීමේ මිල ගණන් සාමාන්‍යයෙන් සියයට 3.6 කින් පහත වැටී ඇති අතර, සැබෑ විකුණුම් මිල පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 3.9 කින් පහත වැටී ඇත.

"වෙළඳ යුද්ධයේ ඉදිරි දැක්ම , තීරුබදු වර්ධනය වන්නේ කෙසේදැයි බැලීමට බොහෝ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් පසෙකටවී අවධානයෙන් සිටින අතර, නිවාස ගැනුම්කරුවන් සඳහා උකස් අනුපාතවලට බලපාන කැනඩා බැංකුව විසින් තීරණය කරනු ලබන පොලී අනුපාත ද බලපෑමක් ඇතිකරනු ඇත. CREA හි මෙම නව දත්තවලින් පෙනී යන්නේ දේපළ වෙළඳාම් වෙළඳපොළ දැනටමත් නරකම බලපෑම් අත්විඳ ඇති බවයි.

"දැන් අපි අවිනිශ්චිතතාවය සහ මෙම (වෙළඳ යුද්ධය) අපගේ ආර්ථිකයට හානිකර වනු ඇති බවට නිශ්චිතභාවය අතර සංක්‍රාන්ති කාලපරිච්ඡේදයක සිටිමු," කැත්කාර්ට් පවසයි.

"මම හිතන්නේ බිය, අවදානම තමයි අපිට දැවැන්ත අභියෝගය, අපි තවමත් එහි පැමිණ නැත, නමුත් නිසැකවම මෙම වෙළඳ යුද්ධයේ අවදානම එයයි." කැත්කාර්ට් වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *