ට්‍රම්ප්ගේ  ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂක වැඩසටහනට කාර්නිගෙන් කොළ එළියක්.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව “Golden Dome”  ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂක වැඩසටහනට එක්වීමට කැනඩාව සලකා බලමින් සිටින බව අගමැති මාර්ක් කාර්නි පසුගිය බදාදා තහවුරු කළේය.

වාර්තාකරුවන් අමතමින් කාර්නි පැවසුවේ එක්සත් ජනපදය සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් පවතින නමුත් කැනඩාව මෙම දැවැන්ත කාර්යයට කොපමණ අයුරකින් දායක විය හැකිද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් තවම නොමැති බවයි.

"අපිට ආයෝජන සහ හවුල්කාරිත්වයන් සමඟින් නව ගෝල්ඩන් ඩෝම් සම්පූර්ණණ කිරීමට හැකියාවක් ඇති බව අපි දැනුවත්" ඔහු පැවසීය. "එය අපි බලා සිටින දෙයක් සහ ඉහළ මට්ටමකින් සාකච්ඡා කර ඇති දෙයක්, නමුත් මේ පිළිබඳව සාකච්ඡා කරයිද කියා මට විශ්වාස නැහැ. මේවා එම සන්දර්භය තුළ ගෙන ඇති මිලිටරි තීරණ වන අතර, අපි ඒ අනුව එය ඇගයීමට ලක් කරන්නෙමු."කාර්නි වැඩිදුරටත් පවසා ඇත.අ

"ඉතා නුදුරු අනාගතයේදී" කැනඩාව අභ්‍යවකාශයෙන් පැමිණිය හැකි විභව මිසයිල තර්ජනවලට මුහුණ දෙන බවට කානි අනතුරු ඇඟවීය.

කැනේඩියානු රජය ඇමරිකානු ඩොලර් බිලියන 175 ක වැඩසටහනට සම්බන්ධ වීමට කැමති බව දක්වමින් තම පරිපාලනය අමතා ඔටාවා සමඟ “සාධාරණ කොටස” දායක වන බව සහතික කිරීම සඳහා කටයුතු කරන බව ට්‍රම්ප් පෙර දින පැවසීමෙන් පසුව මෙම අදහස් පළ විය.

"කැනඩාව අපට කතා කළා, ඔවුන්ට එහි කොටසක් වීමට අවශ්‍යයි," ට්‍රම්ප් පැවසීය. "අපි මිලකරණය සම්බන්ධයෙන් ඔවුන් සමඟ කටයුතු කරනවා. ඔවුන් ඒ ගැන ගොඩක් දන්නවා." එක්සත් ජනපදයේ හිටපු කැනේඩියානු තානාපතිවරයෙකු මාධ්‍ය වෙත පැවසුවේ දශක දෙකකට පෙර ඔටාවා හි පැවති කමිටු විභාගයකට සහභාගී වූ ආකාරය තමාට පැහැදිලිව මතක ඇති බවයි - එවකට අගමැති පෝල් මාටින් එක්සත් ජනපදයේ බැලස්ටික් මිසයිල ආරක්ෂක සැලසුම්වලට සම්බන්ධ නොවීමට තීරණය කර තිබූ බවද පෙන්වා දෙන ලදී.

එය එකල කැනඩාවේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ තිබූ සම්බන්ධතාවය සංකීර්ණ කළ බවත් කැනඩාව තුළ උණුසුම් දේශපාලන විවාදයක් ඇති කළ බවත් ඔහු පැවසීය.

මේ අතර ගෝල්ඩන් ඩෝම් නම්, ඊශ්‍රායල ආරයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමට වන සැලසුමක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අනාවරණය කළේය.

වසර තුනකදී ඉදිකිරීමට සැලසුම්ගත මේ ගුවන් ආරක්ෂණ පද්ධතියට වැයකිරීමට නියමිත පිරිවැය අමෙරිකානු ඩොලර් බිලියන 175කි.

"අමෙරිකානු භූමිය විදෙස් මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂා කරගන්න නවීන මිසයිල ආරක්ෂණ පද්ධතියක් සකස් කරන බවට මැතිවරණ ව්‍යාපාරය අතර මම පොරොන්දු වුණා. එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වුණාම ලෝකයේ අනෙක් කොනේ සිට හෝ අභ්‍යවකාශයේ සිට හෝ පැමිණෙන මිසයිලයකින් වුවත් රට ආරක්ෂා කිරීමට ගෝල්ඩන් ඩෝම් පද්ධතියට හැකියාව පවතිනවා. ඔබ දන්නා පරිදි ඊශ්‍රායලයේ පද්ධතිය සැකසීම අපි සහාය දුන්නා. එය අති සාර්ථකයි. අපි සතුව දැන් ඊටත් වඩා දියුණු තාක්ෂණයක් පවතිනවා" සිය වැඩසටහන පිලිබදව  අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 175ක් පමණක් වැය වෙතැයි ට්‍රම්ප් පැවසුවත්, ඊට අමෙරිකානු ඩොලර් බිලියන 500කට ආසන්න වනු ඇති බවයි කොංග්‍රසය ගණන් බලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *