
ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව ලුණු සමාගම සඳහන් කළේය.
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් පසුගිය (21) වැනිදා රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.
පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් මෙලෙස දිවයිනට පැමණීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට රැගෙන ඒම සිදුවනු ඇති බව ජාතික ලුණු සමාගම සඳහන් කළේය.මේ හේතුවෙන් වෙළදපොළේ පවතින ලුණු හිගය පහව යනු ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට ළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.ලුණු ආනයනය ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසුවේය.
ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමග ලුණු හිඟය පාලනය වනු ඇති බවත් හෙතෙම කියා සිටී.
මේ වන විට ඇතැම් වෙලදුන් කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කරමින් සිටිති.වෙලදුන් පවසන්නේ හිගය තව දුරටත් පැවතුනහොත් ලුණු පැකට්ටුව 800 ඉක්මවනු ඇති බවය.
මේ අතර ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇත.ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.
මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය බව ලුණු සමාගම් සඳහන් කරයි.
වැස්සෙන් හා ජල ගැල්මෙන් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව එම සමාගම්වලින් කළ විමසුමකදී හෙළි විය.
අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම, හම්බන්තොට හා පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බව ත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බව ත් දැනගන්නට තිබේ.