තීරු බදු ගැටලුව විසදීමට, කාර්නිට පියරේගේ සහය.

එක්සත් ජනපදය සමඟ පවතින වෙළඳ ආරවුල විසඳීමට ලිබරල් රජයට උදව් කිරීමට අවශ්‍ය බව කොන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් , Canada’s conservative leader Pierre Poilievre  පසුගිය ඉරිදා පැවසීය. මේ අතර Canada’s new prime minister Mark Carney අගමැති මාර්ක් කාර්නි පැවසුවේ එය ප්‍රමුඛතාවයක් බවයි.

 මැතිවරණය හේතුවෙන් මාස පහකට පමණ පසු නැවත පාර්ලිමේන්තුව රැස්විමට පෙර, නායකයින් දෙදෙනාම තමන්ගේ දේශපාලන බල මණ්ඩල ඇමතූ අතර , එමඟින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ දැරිය හැකි මිල පිළිබඳ ගැටළු විසඳීම සඳහා නීති සම්පාදනය කිරීම සලකා බැලීමට වන අවශ්‍යතාවය අවධාරණය කෙරිණි.

"අපි හැමෝටම අවශ්‍ය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ තීරුබදු ස්ථිරවම අවසන් කිරීමටයි, එය සිදු කිරීමට අපි රජය සමඟ කටයුතු කරන්නෙමු," පොයිලිවර් ඔටාවා හි කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන්ට පැවසීය.

"මෙම අනවශ්‍ය ආරවුල අවසන් කර අපගේ ස්වෛරීභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපට හැකි ඕනෑම ආකාරයකින් සහයෝගයෙන් කටයුතු කිරීමට අපි සතුටු වන බව මම දැනටමත් අගමැතිතුමාට පවසා තිබෙනවා."

මේ අතර "කැනේඩියානුවන්ට එක්සත් ජනපදය සමඟ හැකි උපරිම සම්බන්ධතාවය ලබා ගැනීම සහතික කිරීමට රජය සටන් කරන බවත්, ඒ සඳහා අපි කාලය ගන්නා බවත්" කානි ඔහුගේ පුළුල් කරන ලද ලිබරල් දේශපාලන බල මණ්ඩලයට පැවසීය.

"ඒ සමඟම, අපි විශ්වාසදායක හිතවතුන් සමඟ අපගේ හවුල්කාරිත්වයන් ශක්තිමත් කරන්නෙමු," ඔහු පැවසීය. "ලෝකයට අවශ්‍ය දේ කැනඩාව සතුව ඇති අතර, ලෝකය ගරු කරන වටිනාකම් අපි ආරක්ෂා කරන්නෙමු."

මේ අතර ඇමරිකා එක්සත් ජනපද-කැනඩා සම්බන්ධතාවය නැවත තහවුරු කර ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද සෙනෙට් සභිකයින්ගේ ද්විපාර්ශ්වික කණ්ඩායමක් පසුගිය සතියේ ඔටාවාහිදී කාර්නි හමුවිය.

"කැනේඩියානු ඉතිහාසයේ පාර්ලිමේන්තුවට වඩාත්ම කාර්යබහුලම කාලයක් නැවත පැමිණෙන" බව අගමැති පසුගිය ඉරිදා පැවසීය. ඒ අනුව ඉදිරි දිනවලදී නව නීති කිහිපයක් හඳුන්වා දීමට නියමිතය.

"ඉදිරි සති කිහිපය තුළ සහ මාස කිහිපය තුළ අපි ඉතා කාර්යබහුල වනු ඇත" ඔහු පැවසීය. "පරම්පරා ගණනාවකින් නොදුටු වේගයකින්, කලින් කළ නොහැකි යැයි සිතූ දේවල් කිරීමට අපට සිදුවනු ඇත." වසර ගණනාවක් තිස්සේ ඵලදායිතාව දුර්වල වීම නිසා ජීවිතය දැරිය නොහැකි මට්ටමකට පත් වී ඇති අතර රජයේ මූල්‍ය කටයුතු අඩාල වී ඇති බවත්, ඔහුගේ රජය ඒ සඳහා විසඳුම් සෙවීමට කැපවී සිටින බවත් කානි පැවසීය.

"මේවා අප මුහුණ දිය යුතු අභියෝග වන අතර ඒවා අවස්ථාවන් බවට පත් කර ගත යුතුයි," ඔහු වැඩිදුරටත් පැවසීය.

කැනේඩියානු සන්නද්ධ හමුදාවන්හි ආයෝජන සහ දේශසීමා ආරක්ෂාව වැඩි කරන පියවරයන් ද කාර්නි පොරොන්දු විය. අපරාධ නීති සංග්‍රහයේ නව ප්‍රතිසංස්කරණ මගින් වාහන සොරකම් කිරීම, නිවාස ආක්‍රමණය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වැරදිකරුවන්ට ඇප ලබා ගැනීම දුෂ්කර වනු ඇතැයි ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *