ලිවර්පූල් පාපන්දු ජයග්‍රහණ ඛේදවාචයකික් අවසන්  – 27ක් රෝහලේ

එංගලන්තයේයේ ලිවර්පූල්හි Liverpool  පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් පසුගිය (26 වැනිදා) අනතුරක් සිදුව තිබේ.

ලිවර්පූල් පාපන්දු කණ්ඩායම ලැබූ ප්‍රිමියර් ලීග් ශූරතාවලියේ ජයග්‍රහණය සමරමින් සිටි ක්‍රීඩාලෝලීන් පිරිසක් වෙත මෙම මෝටර් රථය කඩා වැදී ඇති අතර මෙම අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු රෝහල් ගත කර ඇත.

තුවාලකරුවන් අතර කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකුට පමණ එම ස්ථානයේදීම ප්‍රතිකාර කර තිබේ.මර්සිසයිඩ් පොලිසිය Merseyside Police  පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට 53 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගත බවයි.

ඔහු වාහනයේ රියදුරු යැයි විශ්වාස කරන බව මර්සිසයිඩ් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව මෙම සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස විමර්ශනය නොකරන බව ඔවුහු පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *