ජාතික සත්ත්ව සංග­ණ­න වාර්තාව එලිදකී. නිර්දේශ කිහිපයක් ලබාදෙයි.

රිළ­වුන් මිලි­යන 5.17ක් (ලක්ෂ 50) සහ වඳු­රන් මිලි­යන 1.74ක් (ලක්ෂ 20) ශ්‍රී ලංකාවේ ගොවි­බිම් සහ ගෙවතු ආශ්‍රි­තව සිටින බව ඉකුත් මාර්තු 15 දා සිදු කළ ජාතික සත්ත්ව සංග­ණ­න­යේදී හෙළිව තිබේ.

කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය මඟින් පසු­ගිය මාර්තු 15 වැනිදා සිදු­කළ ජාතික සත්ත්ව සංග­ණ­නයේ කමිටු වාර්තාව එම අමා­ත්‍යාං­ශ­යේදී පසුගිය (12) වැනිදා එළි­දැ­ක්විණි.

එම වාර්තා­ව­ලට අනුව මෙරට ගොවි­බිම් හා ගෙවතු ආශ්‍රි­තව මොන­රුන් – මිලි­යන 4.24ක් (ලක්ෂ 40), දඬු­ලේ­නුන් මිලි­යන 2.66 (ලක්ෂ 26) සිටින බව තහ­වුරු වී ඇත.

දිස්ත්‍රික් වශ­යෙන් ලැබී ඇති වාර්තා අනුව වැඩිම රිළ­වුන් ගහ­ණ­යක් වාර්තා වන්නේ මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යෙනි. සංඛ්‍යාව 634,668කි. වඳු­රන් වැඩිම සංඛ්‍යා­වක් වාර්තා වන්නේ අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යෙනි. සංඛ්‍යාව 160,315කි. කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් වැඩිම දඬු­ලේ­නුන් ප්‍රමා­ණ­යක් වාර්තා වී ඇති අතර සංඛ්‍යාව 546.715කි. වැඩිම මොන­රුන් සංඛ්‍යා­වක් වාර්තා වන්නේද මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­යෙන්ම වන අතර සංඛ්‍යාව 621,517කි.

මෙම සත්ත්ව කාණ්ඩ හතර අත­රින් අඩුම සත්ත්ව ගහ­ණ­යක් වාර්තා වන්නේ යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙනි. එම දිස්ත්‍රි­ක්කයේ සිදු කළ සංග­ණ­නයේ වාර්තා අනුව රිළ­වුන් 689ක් ද, වඳු­රන් 21,274ක් ද, දඬු­ලේ­නුන් 1309ක් ද, මොන­රුන් 1370ක් ද වේ. ගෘහා­ශ්‍රි­තව සහ පූජා­භූමි ආශ්‍රි­තව සිදු කෙරුණු මෙම සත්ත්ව සංග­ණ­න­යට අදාළ පත්‍රිකා මුද්‍ර­ණය සඳහා සඳහා රුපි­යල් මිලි­යන 2.4ක මුද­ලක් වැය වී ඇති අතර මුද්‍ර­ණය කළ පත්‍රිකා සංඛ්‍යාව මිලි­යන 07කි. මෙම පත්‍රිකා බෙදා හැරීම සඳහා රුපි­යල් මිලි­යන 2.7ක් වැයවී ඇති අතර ඇතැම් පත්‍රිකා පොදු ප්‍රවා­හන සේව­වන් මගින් කිසිඳු විය­ද­ම­කින් තොරව බෙදා හැරීම සිදු කර ඇත.එමෙන්ම මේ සංග­ණ­නය සඳහා සහ­භා­ගිවූ නිල­ධා­රින් කිසිඳු දීම­නා­වක් ඒ සඳහා ලබා ගෙන නොමැත.

‍ රිළා ගහ­ණය වැඩිම දිස්ත්‍රි­ක්ක­යන් ලෙස මහ­නු­වර, කෑගල්ල, අනු­රා­ධ­පු­රය, පො‍ලොන්න­රුව සහ කුරු­ණැ­ගල දිස්ත්‍රි­ක්ක­යන් වාර්තා වී ඇති අතර දඬු­ලේ­නුන් වැඩි වශ­යෙන්ම වාර්තා වී ඇත්තේ කුරු­ණෑ­ගල සහ මොණ­රා­ගල දිස්ත්‍රි­ක්ක­ව­ලිනි. අනු­රා­ධ­පුර, හම්බ­න්තොට සහ පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්ක­ව­ලින් වැඩිම වඳුරු ගහ­ණ­යක් වාර්තා වී ඇති අතර අනු­රා­ධ­පුර, කුරු­ණෑ­ගල, මොණ­රා­ගල දිස්ත්‍රි­ක්ක­යන්හි වැඩිම මොන­රුන් ගහ­ණ­යක් වාර්තාවී ඇතැයි එම සත්ත්ව සංග­ණන වාර්තාව සද­හන් කරයි.

වන සතු­න්ගෙන් වගා­වට සිදු­වන හානි වළක්වා ගැනී­මට සහ වගා­වන්ට හානි කරන සතුන් කළ­ම­නා­ක­ර­ණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනී­මට කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහ­තාගේ උප­දෙස් පරිදි කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩී. පී. වික්‍ර­ම­සිංහ මහතා විසින් පත් කළ විශේෂ කමිටු සාමා­ජි­ක­යන් විසින් කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැත්වූ මාධ්‍ය හමු­වේදී මෙම කරුණු අනා­ව­ර­ණය කරන ලදි.

එහිදී එම කමි­ටුව මෙම සත්ත්ව සංග­ණ­නය පිළී­බ­ඳව තම නිර්දේ­ශද ඉදි­රි­පත් කළේය. එම නිර්දේ­ශ­ය­න්ගෙන් කමි­ටුව පෙන්වා දෙන්නේ කසළ කළ­ම­නා­ක­ර­ණය නිසි ලෙස නොකි­රීම හේතු­වෙන් මෙම සත්ත්ව ගහ­ණය වැඩිවී ඇති බවයි. විශේ­ෂ­යෙන්ම පුණ්‍ය භුමි සහ ගෘහා­ශ්‍රි­තව ,මහ­ජ­නයා බහු­ලව ගැව­සෙන තැන්වල නිසි කසළ කළ­ම­නා­ක­ර­ණ­යක් අත්‍ය­වශ්‍ය බවද එම කමි­ටුව පෙන්වාදී ඇත.

එමෙන්ම සතුන් ගහ­නය පාල­නය සඳහා වන්ද්‍ය­ක­ර­ණ­යද සුදුසු පිය­ව­රක් බවත් ඉදි­රි­යේදී මේ පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කිරී­මට නිර්දේශ කරන බවත් එම කමි­ටුව සඳ­හන් කර තිබේ.එමෙන්ම මෙම කමි­ටුව පෙන්වා දී ඇත්තේ වන සත්ත්ව කළ­ම­නා­ක­ර­ණය ඉතා වැද­ගත් බවයි. වන සත්ත්ව ආර­ක්ෂ­ණය පිළි­බ­ඳව මෙරට පනත් තිබු­ණද නීති රෙගු­ලාසි තිබු­ණද වන සත්ත්ව කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව නීති රෙගු­ලාසි ‍ අප රටේ නොවන බවත් ඒ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරීම වැද­ගත් බවත් කමිටු නිර්දේ­ශ­යන්හි සඳ­හන්ය.

භෝග ආර­ක්ෂණ කමිටු ස්ථාපිත කිරීම ,වන සතුන් පළවා හැරී­මට සිවිල් ආර­ක්ෂක බළකා සම්බන්ධ කර ගැනීම, සත්ත්ව කළ­ම­නා­ක­ර­ණය සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සීම සඳහා පරි­සර සංවි­ධාන, සත්ත්ව සංවි­ධාන ඇතුළු විද්වත් පිරි­ස­ගෙන් අද­හස් ගෙන ඉදිරි කට­යුතු ක්‍රියා­ත්මක කිරීම විද්‍යා­ත්මක පද­න­ම­කින් ද යුතු ක්‍රම­වේද සැක­සීම කළ යුතු බවද මෙම කමි­ටුව නිර්දේශ කර ඇත.

මෙම කමිටු වාර්තාව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි­මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සහ අමා­ත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍ර­ම­සිංහ මහතා වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *