හරම්බේ හන්දියෙන් හැරී ඩිස්නි ලෝකයට යමු.ඉබේම වාහනය කන්දක් නගින මැග්නටික් හිල් ( Magnetic Hill) බලමුද?

ඇමෙරිකානු සංචාරයක මතකය 

හරම්බේ හන්දියෙන් හැරී ඩිස්නි ලෝකයට යමු.

හරම්බේ ගම්මානයත් , ආනන්දපුර් ගම්මානයත් ලෝක සිතියමේ ඇත්තේ කෙන්යාවෙත් , කිලෝමීටර දහස් ගණනක දුරින් ඉන්දියාවේ වුවත් විනාඩි පහක ඇවිදින දුරින් ඒ ගම් දෙක ප්‍රතිනිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ හි පිහිටි සත්ව රාජධානිය තුලය. වෝල්ට් ඩිස්නි නම් වූ මහා සිහින නිමවුම්කරුගේ දෙවන සිහින ලෝකය වූ ඩිස්නි ලෝකයට අපි  පිවිස සිටියෙමු. ගිම්හාන කාලයේදී මගහැරුණු නිවාඩුවකට කදිම මේ සිහින ලෝකය  මැ ජික් රාජධානිය , ඇප්කොට් ,ඩිස්නි හොලිවුඩ් චිත්‍රාගාරය සහ සත්ව රාජධානිය යන උද්‍යාන 4 න් , ජල උද්‍යාන 2 කින් සහ වෙළද උද්‍යානයකින් සමන්විත විශාල ව්‍යාපෘතියකි.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉදිකෙරුණු ඩිස්නිලන්තය නම් වූ සිහින උද්‍යානයේ අති සාර්ථකත්වය මැද වඩාත් විශාල වපසරියක නිමැවුණු ෆ්ලොරිඩා ව්‍යාපෘතිය නම් කෙරුනේ ඩිස්නි ලෝකය යන නමිනි. එය අද ලෝකයේ වැඩිම පිරිසක් සංචාරය කරන වසරකදී ලෝකයේ වැඩිම මල්වෙඩි ප්‍රමාණයක් මගින් අලංකාරවත් කරන දිව්‍ය ලෝකයක් බඳු යැයි කිව හැකිය. එයටම අයත් බස් , දුම්රිය , සුවිසල් මංමාවත් ප්‍රමාණයක් , එකවර වාහන විසිපන්දහසකට වඩා නවතා තැබිය හැකි රථ ගාල්, කාමර විසි දහසකට වඩා ඇති නවාතැන් පහසුකම් , භෝජනාගාර, වෙනමම ගුවන් තොටුපල බස් ප්‍රවාහන සේවාවක් ඇති උතුරු ඇමෙරිකාවේ ඇති තවත් නගරයක් බ දුය

විවිධ තේමාවන් ඔස්සේ එකිනෙකට වෙනස් නැවුම් , ලෝකයේ අන් තැනකදී දැකිය නොහැකි ඩිස්නි උද්‍යානවලටම ආවේණික අත්දැකීම් සමග දිනෙන් දින අළුත් වන ඩිස්නි ලෝකය කුඩා ළදරුවාගේ පටන් මහල්ලා දක්වා සෑම සියළු දෙනාටම රසවි දිය හැකි, සතුටු විය හැකි විනෝද උද්‍යාන පෙළකි.

Disney World Theme Park Tickets in Orlando, Florida | Walt Disney ...

.ඩිස්නි හොලිවූඩ් චිත්‍රාගාරය  ( Disney Hollywood Studios)

Potential New Names for Disney's Hollywood Studios Revealed ...

ලෝක සිනමාවේ හොලිවූඩ් පුරවරයත් ,ඩිස්නි සමාගමේ අපුරුතම සිනමා නිර්මාණත් මගින් බිහිකළ සිනමා සංස්කෘතියේ වර්ණවත් පැතිකඩ බලන්නට මෙහි ඇති මහා සිනමා සංචාරය ( Great Movie Ride) පමණක් වුව ප්‍රමාණවත්ය. අනෙකුත් උද්‍යානවලදී මෙන්ම මෙහිදී ද ත්‍රාසජනක රෝල කෝස්ටර් චාරිකා සේම තට්ටු ගොඩනැගිල්ලක් වන අත්හැර දමන ලද පැරණි හෝටලයක අක්‍රිය වන විදුලි සෝපානයකදී අත්දකින්නට ලැබෙන අත්භූත අත්දැකීම් දකින්නට පෙලගැසී සිටින පිරිස් මෙහි සුලබ දසුනකි. ස්ටාර් වෝර්ස් තරු සටනේ චරිත ඔබමොබ ඇවිදිමින් කරන සංදර්ශනත්, සිනමා නිර්මාණවල තිරයෙන් පිටුපස පසුතලය සමග නිරූපණ ( Stunt Shows) බලන්නට වේලාව ඉතිරි කර ගත යුත්තේ අන් තැනකදී මේ අත්දැකීම මෙලෙන් දසිකින්නට නොහැකි නිසාය.

Disney's Hollywood Studios 2019, Orlando, Florida | Full Complete ...
New Star Wars shows storm onto the scene at Disney's Hollywood Studios

මෙහි පැවැත්වෙන රාත්‍රී සංදර්ශණය අනෙක්වාට වඩා වෙනස්ය  , චිත්‍රපට දර්ශණයක් වැනිය.බෝට්ටු කිහිපයකින්  දෙපසින් මතුවන රංග කණ්ඩායම් එළිමහන් රගහලට පෙනෙන දුපතක පිහිටි වේදිකාවෙන් මතුවන මකරුන් , ඩිස්නි චරිත අවසන වීරයා මිකී මීයා අත්භූත චරිතයක් ලෙස මතුවන අයුරු දකින්නට අපුරුය.

ඔබගේ අනෙකුත් සංචාරයන්ට වඩා ඩිස්නි සංචාරය වෙනස් වන්නේ ඔබ ගෙවිය යුතු ප්‍රමාණාත්මක විශාල මුදලට නිසි අගයක් ගැනීමට නම් ගමනට පෙර බොහෝ දේ සොයා සැලසුම් කරගැනීම අත්‍යවශ්‍ය වන බැවිනි.දින 30 කට පෙර සිට වෙන්කර ගත හැකි ෆාස්ට් පාස් වැඩිපුර ඉල්ලුමක් ඇති අත්දැකීම් සඳහා වෙන්කර ගැනීමත් උදෑසනම වැඩිපුර සෙනග එකතුවන චාරිකා සඳහා යාමත් සේම ඒ ඒ සංදර්ශණ සහ අංග ඇති තැන් සිතියමෙන් අධ්‍යනය කිරීමත් ඒ සදහා උදව්වේ .ඒ සදහා උදව් වන තොරතුරු ඩිස්නි වෙබ් අඩවියේත් අන්තර්ජාලයේත් පිටු සහ වීඩියෝ කෙටි චිත්‍රපට තුලත් පහසුවෙන් සොයාගත හැකිය.

Indiana Jones Stunt Spectacular | Walt Disney World Resort
Nighttime Shows at Disney's Hollywood Studios

සත්ව රාජධානිය ( Animal Kingdom)

Tree of Life Awakens in Disney Animal Kingdom Night time show (HD ...

සත්ව රාජධානිය  සුවිසල් කෘතිම ගසක් මැදි කරගෙන ඩිස්නි ලෝකයට එකතුව නවතම උද්‍යානයයි. දහසකුත් එකක් සත්ව කැටයම් වලින් , සපිරි ඒ සුවිසල් ගස සඳහා පැරැණි තෙල් ලිඳක කොටස් උපයෝගී කරගෙන තිබේ.

Disney World Florida: Animal Kingdom
Guests are Seeing Stripes at Disney's Animal Kingdom — Zebras Out ...

අප්‍රිකාවේදී ඔබට ලැබිය හැකි සෆාරි අත්දැකීම් සේම , ආසියාවේදී ඔබට ලැබිය හැකි ආසියානු සංස්කෘතිය මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙන්නේ එවරස්ට් කන්ද තරණය කරන්නට යන සංචාරක පිරිසකට යෙටී හමුවන ත්‍රාසජනක රෝල කෝස්ටර් ගමනකුත්, කාලි ගඟේ පෙන නගින දියරැළි අතර සිරවන බෝට්ටු චාරිකාවක තෙත බරිත මතකයන්ද මතු කරමිනි.

10 Freaky Facts about Expedition Everest

ඩයිනසෝරයන්,කෘමීන්ගේ ලෝකවලට එබුනු රඟහලේදී ඔවුනගේ ගඳ සුවද මෙන්ම තැවරුමද දැනුණු මොහොතට මතකය ඇවිද යද්දී සිංහ රජු (Lion King ) ප්‍රසාංගික නාට්යය එහි වර්ණවත් බව නිසාම යලිදු බලන්නට සිත්වූ බවද කිව යුතුය. අනෙකුත් උද්‍යානවලදී වෙන් වෙන්ව සිටින මිකී සහ මිනී පෙම් යුවල මෙම උද්‍යානය තුලදී සෆාරි ගවේෂණ චාරිකාවට සුදානම්ව සිටින මොහොතේ එකට හමුවන්නට හැකිය.   

ඉන්දියානු උරුවක් ගත් මෙහි රාත්‍රි සංදර්ශණය සදහා අලංකාරවත් ඇදුම් විසිතුරු සමග හින්දි නැටුම් එක්කරගෙන ඇති අතර ඩිස්නි සිනමාවත් , එකී රංගනයත් සම්මිශ්‍රණය කරමින් දියමත තැනූ වේදිකා බෝට්ටු මත මතුකරන අරුමය මතකයේ තවමත් රැව් දෙන බව කිව යුතුය.

Disney Lion King Stock Photos - Download 1,049 Royalty Free Photos

ටොරොන්ටෝවේ සිට දින දෙකක පමණ  රථ ධාවනයකින් , පැය 3 ක ගුවන් ගමනකින් ඔබට මෙහි ළඟාවිය හැකිය. Sea World, Universal Studios සහ NASA ආයතන මේ ආසන්නයේම ඇති බැවින් වේලාව සහ මුල්‍යමය හැකියාව මත ඒවාද ඔබේ ගමනට ඈදා ගත හැකිය.

* මෙම අත්දැකීමේ සමහර ඉංග්‍රීසි යෙදුම් වල පරිවර්තන එම අර්ථය නියමාකාරයෙන් නිරුපණය නොකරන බව සැලකුව මනාය       

Hot water: SeaWorld faces class-action lawsuits and investigations ...

අනුරුද්ධ වැලිගමගේ

කැනේඩියානු සංචාරයක මතකය

ඉබේම වාහනය කන්දක් නගින මැග්නටික් හිල් ( Magnetic Hill) බලමුද?

දුම්රිය ගමනාගමනයට පුරුදුව සිටි ජනතාව මෝටර් රථවලට මාරුවීම සිදුවුණේ දෙවන ලෝක යුද්ධය අවසානයත් එක්කයි. ලෝකයේ බොහෝ රටවල වගේම කැනඩාවෙත් මාර්ග පද්ධතිය වැඩි දියුණු වෙලා මිනිසුන් මෝටර් රථවලට පුරුදුවන්නට පටන් ගත්තා. ඒ හින්ද දුම්රියෙන් ගිහින් ළගම දුම්රිය නැවතුම් පලෙන් බැහැල අශ්ව කරත්තවලින් ගමනාගමනය සිදු වූ මාර්ග හැම  එකක්ම වගේ රථ මාර්ග බවට පත්වුණා.

නිව් බ්රුන්ස්වික් පළාතේ මොක්ටන්  නගරෙ කිට්ටුව පළාත හරහා ඉදිවුණු මාර්ගයේ Lutes Mountain  කියල කිලෝමීටරක පමණ මාර්ග කොටසක් තිබුණා. ඒ ඉසව්වේ තිබුණු භූ විෂමතාවය එක්ක නවතා තැබෙන වාහන අමුතු වෙනසක් නිරීක්ෂණය කෙරුණා. එය දෘෂ්ටි මායාවක් කියලා කියන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් වාහනයක් නිව්ට්‍රල් කරලා බ්‍රේක් නැතුව කන්දක තිබ්බොත් වෙන්නේ වාහනය පල්ලමට යන එකයි. ඒත් පුදුමය කියන්නේ මෙතැනදී දකින්න ලැබුනේ වාහන කන්ද නගින එකයි. 

ඒ ප්‍රදේශයේ  සුළු අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් කරගෙන ගිය මියුරියල් ලූට්ස් ( Muriel Lutes Sikorsky) කියන කාන්තාව මෙතැනට  මැග්නටික් හිල් ( Magnetic Hill) කියලා නම් කරල යන එන ගනුදෙනුකරුවන්ට මේ ගැන කිව්වාම කතාව නැගලා ගියා. ඒ ප්‍රදේශීය පුවත්පත විස්තර සහිතව ලිපියක් පළ කළාම තව තවත් පිරිස් මෙතැනට එන්න පටන් ගත්තා.ප්‍රදේශය පහු කරගෙන වෙනත් පළාත් වලට යන අයත් මේ ගැන උනන්දු වුනු හින්දා 1950 ගණන්වල නයගරා ඇල්ල, බැන්ෆ්  වනෝද්‍යානයට පස්සේ කැනඩාවේ වැඩිම පිරිසක් නැරඹූ සංචාරක ස්ථානය විදියට මෙය පත්වුණා කියලා කියැවෙනවා. සංචාරක ආකර්ශණීය ස්ථානයක් විදිහට මෙතැන තියෙන වැදගත්කම තේරුම් ගත් නිලධාරීන් ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය ඉදිකරද්දී මේ ස්ථානය සංචාරක කටයුතු සඳහා ඉතිරි කරලා වෙනත් පැත්තකින් අධිවේගී  මාර්ගය සංවර්ධනය කරලා තියෙනවා.

අද වෙනකොට මෙය ව්‍යාපාරික ආයතනයක් විසින් සංචාරක ප්‍රවර්ධන උද්‍යානයක් බවට පත් කරලා එහි එක කොටසක් විදියට ඔබටත් මුදල් ගෙවලා මේ අත්දැකීම ලබා ගන්න පහසුකම් සලස්වලා තියෙනවා. ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය අද්දරම පිහිටා තිබෙන හින්දත්, වඩදිය බාදිය අසිරිය බලන්න යන Hopewell Rocks කිට්ටුවම තියෙන හින්දත් බොහෝ දෙනෙක් මෙතැනට යන්න අමතක කරන්නේ නැහැ. වසරේ මැයි සිට ඔක්තෝබර් කාලය තුල උදෑසන 8 සිට රාත්‍රී 7 දක්වා හොදින් හිරු එළිය තියෙන වෙලාවලදී මෙය විවෘතව තැබෙනවා.    

මෙතැනදී ඔබට කරන්න තියෙන්නේ මැග්නටික් හිල් මාර්ගයේ යම් තැනක පිහිටුවා තිබෙන සුදු පැහැති කණුව ගාවට වාහනය පදවගෙන ගිහිල්ලා නතර කරන එකයි.  ඊට පස්සේ වාහනය කෙලින් කරලා නවත්තලා ගියර් පද්ධතියෙන් වාහනය අයින් කරලා නියුට්‍රල් කරල තිරිංග අත හැරියාම ඔබේ වාහනේ ඉබේම පස්සට එනවා. ඒ ප්‍රදේශයේ තිබෙන භූ විෂමතාවය අනුව ඔබට දැනෙන්නේ හරියට වාහනය කන්දක් උඩට නගිනවා කියලයි. ඒත් ඇත්තටම නම් මෙතන තියෙන්නේ පල්ලමක්.

වැඩි විස්තර කැමති කෙනෙකුට මේ දිගු ඔස්සේ ඒවා කියවන්න පුළුවන්.  

https://en.wikipedia.org/wiki/Magnetic_Hill_(Moncton)

කැනඩාවේ මැනිටෝබා, ඔන්ටාරියෝ, බ්‍රිටිෂ් කොලොම්බියා පළාත්වල ස්ථාන කිහිපයකත් මේ වගේ අසාමාන්‍ය අත්දැකීම් ලැබෙන පොඩි පොඩි තැන් කිහිපයක් ගැන වාර්තා වෙනවා. ලෝකයේ වෙනත් ප්‍රදේශවලත් එහෙම තැන් තියෙනවාලු. ඉන්දියාවේ Ladaka  වගේම ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වල Spook Hill උදාහරණ දෙකක් . ඔබත් නිව් බ්රුන්ස්වික් පළාතේ  මොක්ටන් නගරය හරහා නෝවා ස්කොෂියා හරි එඩ්වඩ් කුමාර දූපත පළාත්වලට යනවා නම් මේ අත්දැකීම ලබාගන්නට අමතක කරන්න එපා.

අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images, Pixabay Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *