ශ්‍රී ලංකා රග්බි ජය දකුණු කොරි­යාව උදුරා ගනී.

ආසි­යාවේ ප්‍රමු­ඛ­තම 15 සාමා­ජික රග්බි ශූර­තා­ව­ලියේ පළමු තර­ග­යට කොළඹ තුරඟ තරග පිටි­යේදි එක්වූ සංචා­රක දකුණු කොරි­යානු පිල අව­සන් මිනිත්තු 20දී පෙර­ළි­කාර ක්‍රීඩා විලා­ශ­යක නිරත වෙමින් ශ්‍රී ලංකා පිලේ ජය­ග්‍ර­හ­ණය ලකුණු 38-34ක් ලෙස උදුරා ගත්තේය.

තර­ගයේ ආර­ම්භයේ සිටම ආක්‍ර­ම­ණ­ශි­ලීව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පළමු භාගය නිමා වන විට ලකුණු 17-14කින් පෙර­මුණ ගත් අතර, දකුණු කොරි­යානු ක්‍රීඩ­ක­යන් දැඩි පීඩ­න­ය­කට ඇද දැමුවේ 45 වැනි මිනි­ත්තුව වන විට ලකුණු සංඛ්‍යාව 29-14ක් ලෙස ඉහළ නංව­මිනි. එහෙත් ඉන් අන­තු­රුව තර­ගයේ පාල­නය සිය­තට ගත් දකුණු කොරි­යාව 60 වැනි මිනි­ත්තුව වන විට ගෝල­යක් සහ උත්සා­හක දිනු­මක් තබ­මින් ලකුණු පර­ත­රය 29-26ක් ලෙස අඩු කර­ගත් අතර, තර­ගය අව­සන් වන­තු­රුම ශ්‍රී ලංකා පිල ඇද බැඳ තබා ගනි­මින් තියුණු ජය­ග්‍ර­හ­ණ­ය­කට හිමි­කම් කීවේය.

දකුණු කොරි­යානු පිලේ ලකුණු සංඛ්‍යා­වට ගෝල් 4ක් සහ උත්සා­හක දිනුම් 2ක් ඇතු­ළත් වූ අතර, ශ්‍රී ලංකා පිල ගෝල් 3ක්, උත්සා­හක දිනුම් 3ක් සහ දඬු­වම් පහ­රක් රැස් කළේය.

මුර්ෂිද් ඩුරේ, පසිඳු බණ්ඩාර, ළහිරු තිල­ක­රත්න, හේෂාන් ජන්සේන් සහ ඩිනාල් ඒක­නා­යක ශ්‍රී ලංකා පිල වෙනු­වෙන් උත්සා­හක දිනුම් තැබූ අතර, ඉන් උත්සා­හක දිනුම් 3ක් ගෝල බවට පත් කළ නායක තරින්ද රත්වත්ත දඬු­වම් පහ­රක් ද සාර්ථක කර­ග­ත්තේය.

ශ්‍රී ලංකාව සහ­භාගි වන මීළඟ තර­ගය 22 වැනිදා හොංකොං පිලට එරෙ­හිව හොංකොං රාජ්‍ය­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තය. ආසි­යානු රග්බි ශූර­තා­ව­ලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අව­සන් තර­ගය ලබන ජූලි මස 4 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යට එරෙ­හිව කොළ­ඹදී පැවැ­ත්වෙනු ඇත. ආසි­යානු ප්‍රමු­ඛ­තම රග්බි ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකාව සමඟ දකුණු කොරි­යාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩා කරන අතර, එය ලබන 2027 ලෝක කුස­ලාන 15 සාමා­ජික රග්බි තර­ගා­ව­ලිය සඳහා ආසි­යා­වෙන් සුදු­සු­කම් ලබා­ගන්නා දෙවැනි රට තෝරා­ගැ­නීමේ තර­ගා­ව­ලි­යක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *