ශුද්ධ වූ මැකිනෝ!’: මේපල් ලීෆ්ස් ක්‍රීඩා නිවේදකයා ලබන තරග වාරයෙන් පසු සමුගැනීමේ සූදානමක.

ඊළඟ තරග වාරයෙන් පසු, ටොරොන්ටෝ මේපල් ලීෆ්ස් රසිකයින්ට සෝෆාවේ වාඩි වී නිල් සහ සුදු පැහැති ක්‍රීඩකයන්ගේ හොකී තේජස පසුපස හඹා යන ආකාරය නරඹන විට නව හඬකට ඔවුන්ගේ දෙසවන් හුරුකර ගැනීමට සිදුවනු ඇත.

ඒ, ජනප්‍රිය ක්‍රීඩා විස්තර විචාරකයෙකු වන ජෝ බෝවන් සිය වෘත්තීය දිවියට සමුදීමට තීරණය කිරීමත් සමගයි. ඹහු පසුගිය සිකුරාදා නිවේදනය කළේ ඊළඟ වාරය ඔහුගේ අවසන් තරග වාරය වන බවයි.

"ටොරොන්ටෝ මේපල් ලීෆ්ස් කණ්ඩායමේ හඬ ලෙස වසර 44ක් සේවය කිරීමෙන් පසු, 2025-26 වාරය මයික්‍රෆෝනය පිටුපස මගේ අවසාන වාරය වනු ඇතැයි මම තීරණය කළා," 74 හැවිරිදි ඔහු සමාජ මාධ්‍ය වෙත පළ කළ සමුගැනීමේ ලිපියක සඳහන් කළේය.

"මගේ ආදර්ශමත් පුරෝගාමියා වන ෆොස්ටර් හෙවිට්ගේ වෘත්තීය ජීවිතය අභිබවා යමින්, මෙතරම් කාලයක් 'මගේ සිහින රැකියාව' කිරීමට හැකිවීම ගැන මම සම්පූර්ණයෙන්ම සතුටට පත් වනවා."

"ශුද්ධ මැකිනෝ!" සන්නාමය ඇති බොවන්, 1982 දී ගුවන් විදුලියෙන් ක්‍රීඩා විස්තර විචාරය කිරීමට පටන් ගත් අතර, 1997 දී සතියේ මැද භාගයේ රූපවාහිනී ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙස රසික හදවත් දිනා ගත්තා.

"මම මගේ පැත්තේ හොඳම ක්‍රීඩක හැරී නීල් සමඟ වාර 12ක් වැඩ කර තිබෙනවා, නමුත් මගේ අවුරුදු 28ක සහකරු ජිම් රැල්ෆ්ට වඩා හොඳ කෙනෙක් නැහැ," ‍"සියල්ලටම වඩා, මේ ගෙවුනු වසරවලදී ඔබේ වාහනය, ආලින්දය සහ හදවත් ආක්‍රමණය කිරීමට මට ඉඩ දීම ගැන ලීෆ් නේෂන් ලෙස හඳුන්වන කණ්ඩායමට ස්තූතියි. ඔබේ සහයෝගය සහ අන්තර්ක්‍රියාකාරිත්වය මෙම 'රැකියාව' මෙතරම් අපූරු කර ඇත්තේ එයයි."ඹහු ප්‍රකාශ කරයි.

ඔහු සිය නිවේදනය අවසන් කළේ 1967 න් පසු ප්‍රථම වතාවට ස්ටැන්ලි කුසලානය ටොරොන්ටෝ වෙත නැවත පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්."ඒ නොපෙනෙන කුසලානය පසුපස හඹා යන ලීෆ්ස් කණ්ඩායමට මෙය 'මම ඉවර කරන්න කලින් එක' සමය වේ යැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි," ඔහු නිගමනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *