අගමැතිනිය කැනඩාවේ සංචාරයක.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය (24) වැනිදා කැනඩාව බලා පිටත්ව ගි⁣යේ ය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලය (26) වැනිදා දක්වා පැවැත්වෙන්නේ, කැනඩාවේ  වැන්කුවර්හිදී යි.මෙහිදී ප්‍රධාන වශයෙන්  ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය,  ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ  විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, අධීක්ෂණ සහ ඇගයීම් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම යන  කරුණු පිළිබඳවද  එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැති හරිනි කැනඩාව බලා පිටත්ව යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *