
40 හැවිරිදි පෘතුගාල නායකයාගේ ගිවිසුම ජුනි මස අගදී අවසන් වීමට නියමිතව තිබුණද, ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එය තවත් වසර දෙකක දීර්ඝ කිරීමට සූදානම් බවයි.
පසුගිය මාසයේ අවසන් සවුදි ප්‍රෝ ලීග් තරඟයෙන් පසුව රොනාල්ඩෝ සමාජ මාධ්‍යවල "පරිච්ඡේදය අවසන්" යනුවෙන් පළ කළ අතර , එය ඔහු ඉවත් වීමට නියමිත බවට අනුමාන කිරීමට හේතු විය.
එක්සත් ජනපදයේ පැවැත්වෙන දීර්ඝ තරඟාවලියට සුදුසුකම් ලැබීමට අල්-නස්ර් අසමත් වීමෙන් පසුව, ෆීෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ, ක්ලබ් ලෝක කුසලානයට සම්බන්ධ කණ්ඩායමකට ඔහු එක්වීමේ අපේක්ෂාව පල කළේය .සහභාගී වන කණ්ඩායම් වලින් තමාට ආරාධනා ලැබුණු නමුත් ඒවා ප්‍රතික්ෂේප කළ බව රොනාල්ඩෝ පැවසීය.
සති දෙකකට පෙර පෘතුගාලයට UEFA නේෂන්ස් ලීගය ජයග්‍රහණය කිරීමට උදව් කිරීමෙන් පසු , හිටපු මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් සහ ජුවෙන්ටස් ඉදිරි පෙළ ක්‍රීඩකයා සෞදි අරාබියේ රැඳී සිටීමට තීරණය කර ඇති බව වාර්ථාවේ.එහිදී ගල්ෆ් කලාපයේ තමාගේම ක්‍රීඩා ආයෝජන කිරීමට සලකා බලමින් සිටින බව ඹහු කියා තිබුණා.මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ ඔහුගේ ගිවිසුම අවසන් වීමෙන් පසු 2023 දී රොනාල්ඩෝ අල්-නාසර් සමඟ එක් විය.
ඔහු සෞදි සමාජය වෙනුවෙන් තරග 111 කදී ගෝල 99 ක් ලබාගෙන ඇති අතර, පසුගිය වාරයේ තරග 41 කදී ගෝල 35 ක් ඇතුළුව, ලීගයේ වැඩිම ලකුණු ලාභියාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය දිනා ගැනීමට සමත්විය.