
එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක නිතරවීමට නියමිතය.
දෙරට අතර පළමුව එක්දින තරග පැවැත්වෙන අතර, එම තරග අගෝස්තු 29 හා 31 දිනවල පැවැත්වීමට සැලසුම්කර ඇත.
ඉන් අනතුරුව සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල විස්සයි20 තරගාවලිය පැවැත්වේ.
මෙම සියලුම තරග හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.