
ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
පසුගිය බදාදා ධවල මන්දිරය විසින් ශ්‍රී ලංකාව වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා තිබේ.
අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44%ක්. මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් පසුගිය බදාදා වනවිට තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණි.
ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30% ක තීරුබදු පනවා තිබේ.කෙසේ වෙතත් බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් තීරුබදු පනවන බව දන්වා ඇත.
මේ අතර “මෙය ශ්‍රී ලංකාවට ධනාත්මක මොහොතක්,” යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.
එක්සත් ජනපදය අප්‍රේල් මාසයේදී 44% ක් වූ ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා පනවන ලද ආනයන තීරුබදු ජූලි මාසයේදී 30% දක්වා අඩු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.
එය එක්සත් ජනප්ද්ද ජනාධිපතිවරයා විසින් බදු ප්‍රතිශත සහිතව ලැයිස්තුගත කර ඇති සියලුම රටවල් අතරින්, රටක් වෙනුවෙන් සිදුකළ විශාලතම බදු කප්පාදුවයි.
නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර පවසන්නේ, මෙම ඉදිරි ගමනට හේතුවූයේ ‘නිහඬ, අධිෂ්ඨානශීලී රාජ්‍යතාන්ත්‍රිකභාවය’ සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම බවයි.
එක්සත් ජනපද පරිපාලනයේ ඵලදායී මැදිහත්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පළකර ඇත.
ශ්‍රී ලංකාවේ සාකච්ඡා කණ්ඩායමේ කැපවීම සහ වෘත්තීයභාවය පිළිබඳව ද ඔහු ප්‍රශංසා කර ඇති අතර, මෙම බදු ප්‍රතිශත සංශෝධනය රටේ අපනයන අංශයට අත්‍යවශ්‍ය සහනයක් සහ නව අවස්ථා ලබාදෙන බව සඳහන් කරයි.