
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකාව වසර 6කට පසු එක්දින තරගාවලියකදී බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය. 2019 වසරේදී ශ්‍රී ලංකාව 3-0කින් ජය ලැබීමෙන් පසු බංග්ලාදේශය පරදවා ලැබූ තරගාවලි ජයග්‍රහණය ක්‍රිකට් වාර්තා පොතේ සටහන් විය.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති අවසන් හා තීරණතාමක එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කළහ.
මේ අතර දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය අහිමි වී තිබෙනවා.
ඒ බංග්ලාදේශයට එරෙහිව පැවති තුන්වන එක්දින තරඟය අතරතුර ඔහු පාදයේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
ඔහුව මේ වන විට ස්කෑන් පරීක්ෂණයකට ද යොමුකර තිබෙනවා.
ඒ අනුව වනිඳු හසරංගට බංග්ලාදේශයට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය අහිමි වන අතර ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු මෙතෙක් නම් කර නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.