
එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් සහාය වී ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා මහජන ආරක්ෂක ඇමති ගැරී ආනන්දසංගරීට චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ලාංකිකයෙකු බව කිඅයන සෙන්තුරන් සෙල්වකුමාර් නැමති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා මොහු සහාය දක්වා ඇති බවත් ඒ සඳහා වන ලිපි දෙකක් ගැරී ආනන්දසංගරී විසින් යොමුකර ඇති බවත් සදහන්.
එම ලිපි 2016 හා 2023 වර්ෂවලදී කැනේඩියානු දේශ සීමා නියෝජිත ආයතනයට යොමුකර ඇති බවයි දැක්වෙන්නේ.අදාළ පුද්ගලයා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ බව එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.එබැවින් අවස්ථා කිහිපයකදීම අදාළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.ගැරී ආනන්දසංගරී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී මෙම ලිපි යොමුකර ඇති බවයි පැවසෙන්නේ.
කැනඩා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ගැරී ආනන්දසංගරී මෙසේ ත්‍රස්තවාදයට අනුබල දෙන අයෙක් බැවින් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ගැටලු සහගත බව මාධ්‍ය පවසනවා.අදාළ චෝදනා සම්බන්ධයෙක් කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්දසංගරීගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එහි දක්වා ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවන බැවින් කරුණු දැක්වීම නොකරන බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ප්‍රකාශ කර ඇත්තේ ගැරී ආනන්දසංගරී තමන්ට විශ්වාස බවයි.