බංග්ලා­දේශය හමුවේ ලංකාවට ලැඡ්ඡා සහගත පරාඡයක්.

සංචා­රක බංග්ලා­දේශ පිල හා ශ්‍රී ලංකාව අතර තීර­ණා­ත්මක අව­සන් විස්සයි20 තරග‍යේ තවත් පන්දු 21ක් ඉති­රිව තිබි­යදී කඩුලු 8ක ජයක් ලැබූ බංග්ලා­දේශ පිල තර­ගා­ව­ලිය 2-1ක් ලෙස පෙර­මු­ණට පැමිණ ඉති­හා­සයේ මුල්ව­රට විස්සයි20 තර­ගා­ව­ලි­ය­කදී ශ්‍රී ලංකා පිල පරා­ජය කිරී­මට සමත් වූවේය.

බංග්ලා­දේ­ශය මෙතෙක් ශ්‍රී ලංකා­වට එරෙ­හිව කිසිදු විස්සයි20 තර­ගා­ව­ලි­යක් ජය­ග්‍ර­හ­ණය කර නොසිටි අතර, ඔවුන් මෙයට පෙර ලබා තිබූ හොඳම ප්‍රති­ඵ­ලය වූයේ 2017දී ශ්‍රී ලංකාවේ පැවති තරග දෙක­කින් යුත් තර­ගා­ව­ලිය ජය පරා­ජ­යෙන් තොරව අව­සන් කිරී­මය.

පසුගියදා නිමාවූ තර­ග­යෙන් පසු බංග්ලා­දේශ පිලේ මාස­ය­කට අධික දීර්ඝ සංචා­රය අව­සන්වූ අතර, ඔවුන් තරග දෙක­කින් යුත් ටෙස්ට් තර­ගා­ව­ලිය 1-0 කින් සහ තරග තුන­කින් යුත් එක්දින තර­ගා­ව­ලිය 2-1කින් පරා­ජ­යවී සිටි­යදී ලැබූ ‍මේ විස්සයි20 තර­ගා­වලි ජය­ග්‍ර­හ­ණය අමෘ­ත­යක් වැනිය. කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී විදුලි ආලෝක ධාරා මැද පැවති තර­ගයේ කාසියේ වාසිය දිනා­ගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දු­වට පහ­රදී කඩුලු 7කට ලකුණු 132ක් ලබා­ගත් අතර, බංග්ලා­දේශ පිල ඕවර 16.3කදී කඩුලු 2කට ලකුණු 133ක් ලබා ‍ජය තහ­වුරු කර ගත්තේය. ආර­ම්භක පිති­කරු ටැන්සිඩ් හසන් පන්දු 47කදී හයේ පහර 6ක් හා හත‍රේ පහ­රක් සමඟ නොදැවී ලකුණු 73ක් ලබා දවසේ වීරයා බවට පත් විය.

ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ගණ‍යේ විස්සයි20 තරග 58ක් පවත්වා එයින් 38ක්ම කාසියේ වාසිය දිනා­ගත් කණ්ඩා­යම දෙවැ­නි­වර පන්දු­වට පහ­රදී ජය­ගෙන ඇති පසු­බි­මක ශ්‍රී ලංකා නාය­කයා මුලින් පන්දු­වට පහ­ර­දී­මට තෝරා ගැනීම ආර­ම්භ­යේ­දීම ප්‍රශ්න­යක් විය. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ශ්‍රී ලංකා පළමු කඩුලු 5 ලකුණු 66කට බිඳවැටී අස­රණ තත්ත්ව­යට පත් වූවේය.

අත්දැ­කීම් බහුල දසුන් ශානක අව­සන් ඕව­රයේ ප්‍රද­ර්ශ­නා­ත්මක පිති­ක­ර­ණ­යක නිර­ත­වීම ප්‍රසං­ස­නීය මෙහෙ­ව­රක් වූ අතර, ඔහු පන්දු 25කදී හයේ 2ක් හා හතරේ පහර 4ත් සමඟ නොදැවී ලකුණු 35ක් ලබා ගත්තේය. පැතුම් නිශ්ශංක පන්දු 37කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 46ක් ලබා ගැනීම හැරෙ­න්නට ශ්‍රී ලංකා­වෙන් වෙනත් කිසි­ව­කුට එත­රම් දෙයක් කළ නොහැකි විය. අංක 7 ස්ථානයේ චාමික කරු­ණා­රත්න වෙනු­වට එක්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 15කදී හයේ පහ­රක් හා හතරේ පහ­රක් සමඟ ලකුණු 21ක් ලබා­ගත් අතර, දැවී­ගිය ශ්‍රී ලංකා පිති­ක­රු­වන් 5කට ලකුණු 7 සීමාව පසු කිරී‍මට නොහැකි විය.

අවිශ්ක ප්‍රනාන්දු වෙනු­වට අංක 4 ස්ථානයේ දිනේෂ් චන්දි­මාල් ක්‍රීඩා කළ ද බලා­පො­රොත්තු වූ ප්‍රති­ඵ­ල­යක් ලබා ගැනී­මට නොහැකි වූ අතර, චන්දි­මාල් පන්දු 5ක් තුළ ලකුණු 4කට දැවී ගියේය. දඟ පන්දු යවන මෙහෙදි හසන්ගේ පන්දු යැවීමේ විලා­ශ­යෙන් ශ්‍රී ලංකා­වට විශාල ලකුණු සංඛ්‍යා­වක් ලබා ගැනී­මට නොහැකි විය. හසන් ඕවර 4කදී ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් විය. මුස්ට­ර්ෆි­යු­සර් රහ්මාන් ඕවර 4කදී ලකුණු 17ක් ලබා දී එක් කඩු­ල්ලක් දවා ගත්තේය. තරගාවලියේ වීරයා සම්මානය ලිටන් දාස්ට හිමි විය.

විස්සයි20 තර­ගා­ව­ලියේ පළමු තර­ගය කඩුලු හත­කින් පරා­ජ­යට පත් වූ බංග්ලා­දේ­ශය, දෙවැනි තර­ග­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යම ලකුණු 83කින් පරා­ජය කර­මින් ශක්ති­මත් ප්‍රති­ප්‍ර­හා­ර­යක් එල්ල කළ අතර, එය ටෙස්ට් ක්‍රීඩා කරන ඕනෑම රට­කට එරෙ­හිව ඔවුන් ලැබූ විශා­ල­තම ජය­ග්‍ර­හ­ණය විය. මේ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ දෙපිල විස්සයි20 ආකෘ­තියේ තරග 20ක් ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකාව තරග 12ක් හා බංග්ලා­දේ­ශය ඉන් තරග 8ක් ජය‍ගෙන තිබේ. පසු­ගිය වසරේ සිට පැවති තරග 6කදී ශ්‍රී ලංකාව තරග 3කදී හා බංග්ලා­දේ­ශය තරග 4කදී ජය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *