
එංගලන්තයේ ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායම වන චෙල්සි කණ්ඩායම, මෙවර පැවති FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශූරතාවය හිමි කරගනිමින් ඉතිහාසගත ජයක් තහවුරු කර ගැනීමට සමත් වුණා. අවසන් මහා තරඟය MetLife Stadium, නිව්යෝර්ක් හිදී පැවැති අතර, චෙල්සි කණ්ඩායම ප්‍රංශයේ PSG කණ්ඩායම ගෝල 3-0කින් පරාජය කරමින් ශූරතාව දිනා ගත්තා.
මෙය චෙල්සි කණ්ඩායමක් FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් දිනාගත් ප්‍රථම අවස්ථාව වීමද විශේෂත්වයක්. මෙම තරගාවලිය ජයග්‍රහණයත් සමඟ ශූරයන්ට පිරිනැමෙන ඩොලර් මිලියන 40ක ප්‍රධාන මුදල් ත්‍යාගය හිමිකර ගැනීමට චෙල්සි කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව තරගාවලිය පුරාවට ලබාගත් ජයග්‍රහණ සඳහා මුළු වශයෙන් අ.ඩො.මි. 129.5ක් චෙස්ලි කණ්ඩායමට හිමි වුණ අතර, PSG කණ්ඩායම තරඟය සඳහා අ.ඩො.මි. 107.7 ක මුදලක් ලබාගෙන ගත්තා. PSG කණ්ඩායමට කුසලානය දිනාගැනීමට හැකි වී තිබුනා නම් ඔවුනට ලැබෙන මුදල අ.ඩො.මි. 147.7 දක්වා ඉහළ යාමට නියමිතව තිබුණා.
මෙවර FIFA Club World Cup තරඟාවලිය 2025 ජූනි 14 ආරම්භවූ අතර, ලොව පුරා සිටි කලාප 6කින් නියෝජනය වූ කණ්ඩායම් 32ක් තරඟයට එක්වුණා. අවසන් තරඟය නැරඹීමට හා ත්‍යාග ප්‍රධානය සදාහාද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගිවුනා.