
Mississauga MOSAIC දකුණු ආසියානු උත්සවය මගින් පවත්වන Mosaic Rising Star 2025 ගී තරඟයේ අවසන් 10 දෙනා අතරට අප ශ්‍රී ලාංකික දියණියක වන රිසෙන්දි රුවන්සා කරුණාරත්න පත්වීම ඉතාමත් කලාතුරකින් දරුවකුට ලැබෙන භාග්‍යයක්. මෙම උත්සවය අගෝස්තු 01 සහ 02 Mississauga Celebration Square හිදී පැවැත්වෙන අතර ඇය නැවතත් අගෝස්තු 02 දින අවසන් තරඟයට ගී ගැයීමට නියමිතයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිටියදී, විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය ගායනය, වාදනය, රංගනය, නිවේදනය, නර්තනය වැනි සෑම අංශයකින්ම දක්ෂතා පෙන්නුම් කල දැරියක්. සංගීත විශාරද විභාගයේ අවසන් වසර හදාරමින් සිටිනා රිසෙන්දි ගී ගැයීමට හපන් සොයුරියක් සිටිනා කළා පවුලකින් පැවත එන්නීය.


කැනඩාවට පැමිණීමට පෙර ඇය ලැබූ ජයග්‍රහණ:
-2016, Derana Little Star Season 8 තරඟයේදී අවසන් 12 දෙනා අතරට තේරී පත්වීම
-2018, Hiru Super Hero, (රංගන) අවසන් 16 දෙනා අතරට තේරී පත්වීම
-2019 සමස්ත ලංකා සංගීත තරගය, සමූහ වාදන අංශයේ ප්‍රථම ස්ථානය (Orchestra Conductor)
-2022-2024 දක්වා කාලය තුල විද්‍යාලීය බටහිර ශිෂ්‍යභට තූර්යවාදන කණ්ඩායමෙහි සමාජිකත්වය
-2024 හොදම තූර්යවාදන සැරයන් මෙන්ම සමස්ත ලංකා දෙවන ස්ථානය