
ඇමෙරිකානු සංචාරයක මතකය

මිකී මවුස් ගැන නොදන්නා කෙනෙක් ලෝකෙ ඉන්නවද කියන තරමට මිකී මියා හරිම ජනප්‍රිය චරිතයක් . කලින් කලට එක එක චරිත ඇතිවෙලා මතුවෙලා ගියාට මිකී මියා එහෙම නෙවෙයි .අදත් ලෝ පුරා නම කියැවෙන චරිතයක් . විශේෂයෙන්ම කාගෙ කාගේත් ළමා කාලෙදි .සාමාන්‍ය කාටුන් ශිල්පියෙකු වූ වෝල්ට් ඩිස්නි මහා නිර්මාණ ශිල්පියෙකු සේම ධන කුවේරයෙකු කරන්නට ඒ සිහින චරිතය ආ ගමන අපුරුයි .අපි ඩිස්නි ලෝකය පරිශ්‍රයේම නවාතැන් ගෙන තිබූ නිසා ගමන පහසුයි . අපි මැජික් රාජධානියට යන බස් එකට නැංගා .

මැජික් රාජධානිය ( Magic Kingdom )

මැජික් රාජධානිය ඩිස්නි ලෝකයේ ඉදිකළ පළමු විනෝද උයනයි. එය බොහෝ දුරට කැලිෆෝනියාවේ ඇති ඩිස්නිලන්ත යට සමානය . උස්ව නැගුණු සින්ඩරෙල්ලා මාළිගාව සහ 1910 දී ඩිස්නි දුටු මිසුරි ප්‍රාන්තයේ මාසෙලින් නගරයේ ප්‍රධාන පාර සිහිගන්වන මහ වීදිය මැදි කරගෙන ඇති කලාප 4 කින් යුත් වෙනමම ලෝකයකි. සිහින ලෝකය කෙතරම් ප්‍රබලද යත් එහි ඇති සියළුම දෑ ආවරණය කරන්නේ නම් පුරා දින දෙකකුදු ප්‍රමාණවත් නොවන බව කිව යුතුය.

අධික උෂ්ණාධික කාලගුණයක් ඇති ෆ්ලොරීඩාවේ එක දිගට වැඩි වෙලාවක් ගොඩබිම පෙදෙසෙක සිටීම අසීරු බැවින් ඔබ ඩිස්නි හෝටලයක නවාතැන් ගෙන ඇත්නම් උදෑසන 9 සිට පස්වරු 1 පමණ වනතෙක් සහ සවස 5 සිට රාත්‍රී 11 පමන වනතෙක් දවස බෙදාගෙන ජල තටාකයක ගිලී සිසිල්වී බොහෝ දේ ආවරණය කරගත හැකිය.


සෑම දිනකම සවස 3 ට පැවැත්වෙන පෙලපාලියේ වර්ණවත් ලෙසින් අලංකාරවත් කල රථ සහ නැටුම් ශිල්පින් , ඩිස්නි චරිතවලින් ඔබව ගෙනයන්නේ සිහින රාජධානියකට බව නොකියාම බැරිය. රාත්‍රී 9 ට පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනයේදී මවන රූ රටා සහ 9.30 ට ශ්වේත වර්ණ සින්ඩරෙල්ලා මාළිගාව දේදුනු වර්ණ ඩිජිටල් දර්ශන මගින් අලංකාරවත් කරන මොහොත අසා ඇති දැක නැති මිහිපිට ඇති දෙව්ලොවක් මවන අයුරු වචනයෙන් විස්තර කල නොහැකි අත්විදිය යුතු අත්දැකීමකි. රාත්‍රී 10 ට පැවැත්වෙන ආලෝක පෙළපාලියේදී දහවල දුටු මනස්කාන්ත ඩිස්නි චරිත හාත්පසින්ම වෙනස් ඇදුම් ආයිත්තමින් සැරසී ආලෝකවත් කරන ලද රථවල නැගී ගමන් කරනු බලන්නට හැක්කේ ඩිස්නි උදයාන තුලදී පමණි.

ත්‍රාසජනක රෝලර්කොස්ටර චාරිකා, දිස්නිගේ ප්‍රියතම අගුරු දුම්රිය ගමන සමග දිය යටට , අභ්‍යාවකාශයට , අතීතයට සහ අනාගතයට ඔබව ගෙනයන බොහෝ අංග මැජික් රාජධානිය තුල ඇත. 1964 නිව්යෝර්ක් වෙළද සල්පිලට ඩිස්නි ඉදිරිපත් කල 1900 සිට 1960 දක්වා තාක්ෂණය සමග නිවෙසක් වෙනස් වූ අයුරු දැක්වෙන අතපය චලනය වන ක්‍රියාත්මක කැරකෙන නැරබුම් මන්දිරය අත් නොහැරිය යුතු අගනා ලොවක් මවිත කල ප්‍රදර්ශන අංගයකි.

වෝල්ට් ඩිස්නි මේ තරම් දුරක් ගෙනගිය සුපිරි තරුව මිකී මීයා , සිහින රජ කුමර කුමරියන් සහ අනෙකුත් සත්ව චරිත හමුවී සේයාරුවක්, සමරු අත්සනක් ගන්නටත් , කුමරියන් ලෙස , කුමරුන් සහ වීරයන් ලෙස සැරසෙන්නටත් පොරකන, පැය ගණන් අවුවේ පෝලිම්වල වේලෙන ජන ගඟ දෙස බලන විට සිහින ලෝකය කෙතරම් ප්‍රබල දැයි සිතේ.


එප්කොට් ( EPCOT - Experimental Prototype Community Of Tomorrow )

අනාගතය පිළිබද ඩිස්නිගේ පරිකල්පනය නව මානයකට යොමු කල තැනක් ලෙස එප්කොට් හඳුන්වා දිය හැකිය.මෙහි සියළු දෑ ගොනුකර ඇත්තේ විශාල ගෝලාකාර සුදු පැහැති ගොල්ෆ් බෝලයක් මැදි කර ගනිමිනි. අභ්යවකශයටත් , බලශක්ති සංරක්ෂනයටත් , අනාගත නිපැයුම් තුලටත් වැඩි බරක් දී ඇති එප්කොට් යොවුන් සංචාරකයන් ඉලක්ක කර ගැනුණකි.අභ්‍යවකාශ යානා සිමියුලේටර , අධිවේගී රථ ධාවන ත්‍රාසජනක හැඟුම් වඩවන බව යොවුන් දරුවන් කිහිප වරක්ම එම චාරිකා පෝලිම්වල දකින විට පෙනේ.
/Mission-space-56a245f85f9b58b7d0c8845c.jpg)

මුළු ලෝකයම හකුළුවා කැටිකළ ලෝක ප්‍රදර්ශනාගාරය ( World Showcase ) ඔබව යුරෝපයේ නෝර්වේ , ජර්මනිය,ප්රං ශය , ඉතාලිය සහ එක්සත් රාජධානිය යන රටවලටත් ආසියාවේ ජපානය,චීනය යන රටවලටත්, මැද පෙරදිග කලාපයේ මොරොක්කොවටත් ගෙන යන්නේ ඒ ඒ රටවල කෑම රස බලන්නටත් අවස්ථාව සැලසූ අවන්හල් රැසක් සමගිනි. මෙක්සිකෝවේ ඉතිහාස චාරිකාවත් , කැනඩාවේ සහ ඇමෙරිකාවේ නියෝජනයත් ලෝක සිතියම එප්කොට් තුලට ගෙන ඇති අයුරු අපුරුය.
රාත්රියේදී පැවැත්වෙන මනරම් මවාපෑම සහ මතුකිරීම* ( Illuminations, Reflections of Earth) ඩිජිටල් රූපමය පෙළහර සදහා වස් මැද පිහිටි විලෙහි ජලයත් , මල්වෙඩි සංදර්ශනයේදී ඇතිවන දුමත් තිරයක් කර ගන්නා අයුරු අපුරුය. හොඳම තැනක් ඒ සදහා අල්ලා ගැනීමට නම් ප්‍රමුක තාවය ඇති ෆාස්ට් පාස් පෝලිමේ වුව මුලින්ම සිට ගත යුතුය. එප්කොට් හි සංකේතය වන ශ්වේත වර්ණ ගොල්ෆ් බෝලය රාත්රියේදී ආලෝකමත් කල විට එහි අසිරිය කිලෝමීටර ගණනාවක ඈතක සිට දැකිය හැකිය.

පිරිසිදු බවින් පිරි , ඇපල් සමාගමට පමණක් දෙවැනි වන ලෝකයේ හොදම ගණුදෙනුකාර සේවාවට හිමිකම් කියන ඩිස්නි ලෝකයේ සියළු දෙනාම තරාතිරම නොබලා ඔබගේ සේවයට සැදී පැහැදී සිටිති. බස්රථ රියැදුරාගේ පටන් පවි ත්ර තා සේවකයා දක්වා සියළු දෙනා විවිධ පැහැයන්හි නිල ඇදුමින් සැරසී ,උපන් බිමේ නම,කතා කල හැකි භාෂාව සදහන් සදහනක් සහිතව සිනහ පිරි මුවින් ඔබගේ අත්දැකීම පැහැ ගන්වන්නට බලා සිටිති
යෝධ පොකිරිස්සා එක්ක වෙනස් අත්දැකීම් ගන්න ෂෙඩියැක් ( Shediac) වලට යමුද ?

කැනේඩියානු සංචාරයක මතකය

ෂෙඩියැක් ( Shediac) කියලා කියන්නේ අත්ලාන්තික් සාගරයට මුහුණලා තිබෙන මත්ස්‍ය කර්මාන්තයේ නියුතු බොහෝ දෙනෙකු ජීවත් වන නගරයක්. කැනේඩියානු අත්ලාන්තික ආදිවාසී මික්මැක්වරුන් ( Mi’kmaq ) මේ ප්‍රදේශයට කිව්වේ ES- ED- EI_IK .( Running Far in) කියලයි. යුරෝපා ජාතිකයින් කරදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා සහ නව යටත් විජිත සොයා ලෝකයේ වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වූ කලයේදී ආකේඩියන්වරුන් ( Arcadian - ප්‍රංශ ජාතික සම්භවයක් ඇති පිරිසක් ) මේ පළාත් අත්පත් කරගත්තා. ඔවුන් මුලින්ම මේ ප්‍රදේශයට La Batture. කියල කිව්වත් පසු කාලීනව ඒ නම ෂෙඩියැක් කියල වෙනස් කරගත්ත ස්වදේශිකයන් පෙටිට් කෝඩියැක්( Petitcodiac) ගඟට සම්බන්ධ මේ ප්‍රදේශයෙන් ගලන අතු ගංගාවට ෂෙඩියැක්( Shediac) කියල කියූ හන්දයි.





මේ ප්‍රදේශය ලෝකය පුරා බොහෝ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පොකිරිස්සන් ( Lobsters ) හින්දයි. සෑම අවුරුද්දකම ජූලි මාසයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන Shediac Lobster Festival බලන්න වටින එකක්. අළුත්ම පොකිරිස්සන් එක්ක Potine Rapee, Potato dumpling, Beurre De Homard,Bouilli Acadian , Tourtieres වගේ කෑම ගන්න මේ පැත්ත නම් දරලා තියෙනවා. ඊට අමතරව මත්ස්‍ය කර්මාන්තය සහ විශේෂයෙන්ම පොකිරිස්සන් ඇල්ලීම ගැන දැනගන්න ඔබට බෝට්ටු සංචාරයක් යන්නත් මේ නගරයේ පහසුකම් තියෙනවා. සමුද්‍ර ජීවීන් සහ පොකිරිසන් පිළිබඳ විද්‍යාත්මක දැනුම ලබා දෙන ක්‍රියාකාරකම් රැසක් Homarus Eco Centre. එකෙන් ලබාගන්න පුළුවන්. එය පාසැල් සහ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට සංචාරය සමඟ අමතර දැනුම ලබාගන්නට කදිම තැනක්.







උතුරු ඇමරිකාවේ අත්ලාන්තික් සාගරයට මුහුණලා තිබෙන Parlee Beach වෙරළ තීරය ගිම්හාන කාලයට උණුසුම් කරදිය තිබෙන පිරිසිදු Blue Flag තත්ත්ව සහතිකය ලැබූ වෙරළ තීරයක්. කුඩා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාම එක්ක විනෝද වෙන්න එය කදිම තැනක්. පීනන්න, අව්ව තපින්න, සෙල්ලම් කරන්න, ඇවිදින්න කිලෝමීටරයක් තරමේ දිග වෙරළක් තිබෙන එයට මේ නම ලැබී තිබෙන්නේ පළාතේ හිටපු ඇමැතිවරයෙකු වුනු T. Babbitt Parlee සිහි වෙන්නයි. ශීත කාලයේදී සිදුවන වෙනස්කම් හන්දා හැම අවුරුද්දකම වැලි යොදා එය ගිම්හානයේ භාවිතයට සකස් කෙරෙනවා. වාහන 1000 කට පමණ නැවත්වීමට පහසුකම් ඇති එහි ජීවිතාරක්ෂක නිලධාරීන් සේවයේ යෙදෙනවා. ඔබට කුඩාරම් ගසා කාලය ගතකරන්නට පහසුකම් ඇතුළුව සේවා රැසක් Parlee Beach Provincial Park තුලදී පළාත් රජය සංචාරකයින්ට සපයා තිබෙනවා. ඔබ RV එකකින් ගමන යනවා නම් ඒ වෙනුවෙන් පහසුකම් සැලසූ ඉඩකඩ 200 ක් තරම් මෙහි තිබෙනවා. ඉඩකඩ සීමිත නිසා ඒවා කලින් වෙන්කරවා ගන්නවා නම් හොඳයි.



ප්‍රදේශයට ලෝකයේ පොකිරිස්සන්ගේ අගනුවර ( Lobster Capital of the World ) කියන නම යෙදෙන හින්දා ප්‍රදේශයේ රොටරි සමාජය තීරණය කළේ යෝධ පොකිරිසකුගේ ප්‍රතිමාවක් හදන්නයි. වැඩේ බාර දුන්නේ ප්‍රතිමා ශිල්පී වින්ස්ටන් බ්රොනම් ( Winston Bronnum) ටයි. ඔහු මීට කලින් කොන්ක්‍රීට් සත්ව ප්‍රතිමා හදල නමක් දිනාගෙන සිටි ප්‍රාදේශීය ප්‍රතිමා ශිල්පියෙක්.1990 දී ඔහු කොන්ක්‍රීට් වලින් නිර්මාණය කළ ප්‍රතිමාව අඩි 36 ක් (මීටර් 11ක්) දිග සහ උස අඩි දාසයක් ( මීටර් 5 ක් ) ප්‍රමාණයේ එකක්. ඒ වගේම එය ටොන් අනූවක්( 90) බරයි.
.jpg)
_(cropped_-_closeup_on_fisherman).jpg)



පර්වතයක් උඩ ඉන්නා පොකිරිස්සකු අසලින් ඈත බලා ඉන්නා ධීවරයෙකු එහි නිරූපණය වෙනවා. වසර තුනක කාලයක් මේ නිර්මාණය කරන්නට ගතවී තිබෙන අතරේම කැනේඩියානු ඩොලර් 170,000 මුදලක් එයට වියදම් වූ බව කියවෙනවා. මේ ප්‍රතිමාවේ නිල නාමය " The World’s largest Lobster " වූනත් ඇත්තටම ලෝකෙ ලොකුම පොකිරිස්සකුගේ ප්‍රතිමාව මේ වෙනකොට තියෙන්නේ චීනයේ Qianjiang ප්‍රදේශයේ. ඒ කොහොම වුණත් අවුරුද්දකට සංචාරකයෙන් ලක්ෂ පහක් විතර මේ ප්‍රතිමාව බලන්නේ එන බවයි වාර්තා වෙන්නේ. මේ ප්‍රතිමාව අද්දර ප්‍රදේශය විවේක ගන්න එක එක විදියට ප්‍රතිමාව එක ෆොටෝ ගන්න වගේම සමරු සිහිවටන ගන්න සංචාරක කලාපයක් විදියට සංචාරය කරල උද්‍යානයක් විදිහට සංවර්ධනය කරලා තියෙන හින්දා ගෙන් ගිම්හාන කාලයේදී ඔබට විවේකීව යම් කාලයක් ගත කරන්න කියාපු තැනක්.
අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images, pixabay
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


